‘කළුතරින් ජනපති’ මාගල්කන්දේ හිමිගේ ප‍්‍රකාශයට විරෝධය.. සිංහල රාවය විසුරුවයි..

July 24, 2019 at 6:28 am | lanka C news
‘කළුතරින් ජනපති’ මාගල්කන්දේ හිමිගේ ප‍්‍රකාශයට විරෝධය.. සිංහල රාවය විසුරුවයි..

කළුතර දිස්ත්‍රික්කයෙන් මීළඟ ජනාධිපතිවරයා බිහි කිරීමට හැකියාව ඇති බවට පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් විසින් සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිංහල රාවය සංවිධානයේ ගැටලුකාරී තත්ත්වයක් ඇතිව තිබේ.

එම සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් කියා සිටියේ සිංහල රාවය සංවිධානය විසුරුවා හැර ඇති බවයි.

මාගල්කන්දේ සුදත්ත හිමියන් සිංහල රාවය සංවිධානයේ ලේකම් ලෙස කටයුතු කරන ලදී.

පසුගියදා ඇමති රාජිත සේනාරත්න මහතාගේ සංවිධාන දායකත්වයෙන් යුතු දානමය කටයුත්තකට සහභාගී වී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුදත්ත හිමියන් කියා සිටියේ කළුතර දිස්ත්‍රික්කයෙන් මීලග ජනාධිපතිවරයා බිහිකිරීමට හැකියාවක් ඇති බවයි.

52,321 Viewers

11 Comments to “‘කළුතරින් ජනපති’ මාගල්කන්දේ හිමිගේ ප‍්‍රකාශයට විරෝධය.. සිංහල රාවය විසුරුවයි..”

  1. අනේ අපොයි says:

    අහෝ දුකකි ඉරකි තිතකි

  2. john the baptice says:

    මේ ජූතක බමුනට කන්න දෙනවනම් ඕන එකෙක්ට කඩේ යනවා. මූ පොලිසියෙන් අයින් කරපු පී සී කෙනෙක්. පොලිස් ලොක්කෙගෙ ෆෝන් එක උස්සලා

    • SANDEEPA says:

      කලින් කියන්න එපේය බන්, අපිත් කඩේ ගියා.

  3. Kaduwela Silwa says:

    ඔය කියන්න ඇත්තේ රාජිතට නොවේ. වෙල්ගමට වෙන්න බැරිද. මිනිහත් පොදු අපේක්ෂක ලිස්ට් එකේ ඉන්නවානේ.

  4. රටවැසියා says:

    දැන් මු පී සී කෙනෙක්. කලින් කඩේ යනකොට මහා සංඝරත්නය. අපි නම් ඉස්සර ඉඳන්ම කියන්නේ බුධාගම පැත්තකින් තියලා දේශපාලන කොන්ත්‍රාත් කරණ හැම හාම්දුරු නමක්ම වසලයෙක් කියලා. ආගම යනු දේශපාලනයට ඉහලින් ඇති සාධකයක් මිස දේශපාලනයට කඩේ යායුතු සාධකයක් නොවේ. පන්සල්වල දේශපාලන රැස්වීම් තිනන්නේ බුදුදහම විනාශ කරණ වසලයෝ.

  5. මදූශන්ක says:

    රන්ජන් ගොනා උනාට කිව්ව දේ හරි කියන එක මේ චීවරදාරීන් ඔප්පු කරමින් සිටිති.ජාතියට ආගමට මුවාවී කොන්තරාත්තු ගනිමින් කඩේ යමින් සල්ලි කුට්ට්වලට විකිනෙන චීවරදාරීන් දේශපාලූවන්ට වඩා රටට හෙනයකි

  6. රජින්ද says:

    එක එක්කෙනාට පුද්ගලික න්‍යායපත්‍ර තිබිලා හරියන්නේ නැහැ. බලාගෙන ගියාම සිංහල සමාජත් බෙදන්නේ මේ වගේ අය.

  7. siri says:

    hamuduruwane rata,jathiya,agama wenuwen kathakaranna jara desapalakayo wenuwen kaday yanne ai.

  8. මදුරප්පෙරුම says:

    මාගල්කන්දයා කියන්නෙත් නිවන් දකින්ඩ මහණ උනු බුද්ධපුත්‍රයෙක් නෙවෙයි බොලව්…
    කොහෙද කොණක උන්නු ෆේස්බුක් එකේ පඩයි පුම්බලා උස්සපු කන්ඩ නැතිව මහණ කරපු එකෙක්

Main News