කළුතර සමූල ඝාතක පාතාලයෝ රටින් පනින්න ආසන්නයි..

March 2, 2017 at 11:20 am | lanka C news
කළුතර සමූල ඝාතක පාතාලයෝ රටින් පනින්න ආසන්නයි..

කළුතරදී බන්ධනාගාර බසයකට වෙඩි තබා සමයං ඇතුළු රැදවියන් පහක් හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් මරා දැමු පාතාල සාමාජිකයින් රටින් පැන යාමේ උත්සාහයක් දරමින් සිටින බව පොලිසිය පවසයි.

අද කොලඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා කියා සිටියේ අදාල ප‍්‍රහාරයේ සියළු සැකකරුවන් මේ වන විට හදුනාගෙන ඇති බවයි.

මෙම සැකකරුවන්ගෙන් කිහිප දෙනෙකු ව්‍යාජ ගමන් බලපත් මගින් රටින් පැන යාමේ සූදානමක් ඇතියිද පවසන ඔහු ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් සදහන් කලේය.

මෙම පිරිස් රටින් පැන යාම වැලැක්වීම සදහා කටුනායක හා මත්තල ගුවන් තොටුපලවල් වෙත සියළු විධිවිධාන තරකර ඇති බවද ඔහු වැඩි දුරටත් කීය.

3 views

6 Comments to “කළුතර සමූල ඝාතක පාතාලයෝ රටින් පනින්න ආසන්නයි..”

  1. Chamu says:

    මත්තල ගුවන් තොටුපොළක් නෙවෙයිනෙ. වී ගබඩාවක් නෙ.

    • Deepal says:

      පොලිසියට පිස්සු..හැරියගෙ වී ගබඩාවෙන් කොහොමද රට යන්නෙ……හී හී හී හී

  2. silva says:

    maththalin yanna hadanawanam sure ekatama kurullek wenna onii

  3. Micro Man says:

    අපරාධකාරයෝ, අපරාධකාරයෝ කොච්චර ගහ මරා ගත්තත් අපිට නම් කමක් නැත.උන් එක එකා කෙසේ හෝ මැරී යන තරමට මේ සමාජයට යහපත්ය.ඔය රටින් පනින්නට යන අපරාධකාරයෝ ටිකත් අත්අඩංගුවට ගත් සැනින් ආයුධ පෙන්වීමට රැගෙන ගියා නම් යහපත්ය.එවිට ඒ කරදරයත් අවසන් කියා රටේ ජනයාට හිතහදා ගත හැක.

  4. බකලදාස says:

    මේක මයිත්රිගෙ මාස්ටර් චෙස් මුව් එකක්.
    ඕන වෙලාවට සෙට් එකම ආපහු දාගනියි
    😊

Main News