කළුවර යුගය යලි එයි.. අද සිට දිනකට පැය තුනහමාරක් විදුලිය කපයි..

October 17, 2016 at 7:06 am | lanka C news
කළුවර යුගය යලි එයි.. අද සිට දිනකට පැය තුනහමාරක් විදුලිය කපයි..

අද දිනයේ සිට දිනකට පැය තුනහමාරක කාලයක් විදුලිය කපා හැරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇත.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය බිඳ වැටීම මීට හේතුවයි.

ඒ අනුව දිවා කාලයේදී දෙකහමාරක් හා රාත‍්‍රී කාලයේදී පැයක් ලෙස විදුලිය කපා හැරීමට නියමිතය.

කෙසේ වෙතත් කොළඹ නගරයේ හා රෝහල්, කර්මාන්තපුර ආශ‍්‍රිත ප‍්‍රදේශවලට විදුලිය කපා හැරීමක් සිදු නොවනු ඇති.

විදුලිය කපා හැරෙන්නේ මුළු දිවයිනම කලාප හතරකට බෙදා පෙරවරු 08.00 සිට පස්වරු 06.00 අතර කාලයේදී පැය දෙක හමාරක් හා පස්වරු  06.00 සිට රාත‍්‍රී 10.00 අතර කාලයේදී පැයක කාලයක් ලෙසයි.

නොරොච්චෝල බලාගාරය සම්පුර්ණයෙන්ම ක‍්‍රියාත්මක කරවීමට මාසයක් කාලයක් ගතවනු ඇතැයිද ලංවිම ආරංචි මාර්ග වාර්තා කරයි.

10 views

One Comment to “කළුවර යුගය යලි එයි.. අද සිට දිනකට පැය තුනහමාරක් විදුලිය කපයි..”

  1. modaya says:

    ohhhhh excellent for colombo toyaaaas enjoy!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Main News