කළු කොටියා වෙනුවෙන් ඕමල්පේ සොභිත හිමි අධිකරණයට..

July 30, 2020 at 2:06 am | lanka C news
කළු කොටියා වෙනුවෙන් ඕමල්පේ සොභිත හිමි අධිකරණයට..

ලක්ෂපාන වාලමලෙයි වතු යායේදි මන්දකට හසු වි මිය ගිය කළු කොටියා වෙනුවෙන් අගතියට පත් පාර්ශවයක් වශයෙන් පෙනි සිටිමට අචර්යය ඕමල්පේ සොභිත හිමියන් සහ තවත් පාර්ශවයක් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් වි (29) දින අවසර ඉල්ලා සිටිහ.

2020.05.26 දින ලක්ෂපාන වාලමලෙයි වතු යායේ එලවළු වගා භුමියක වතු කම්කරුවෙකු විසින් අටවා තිබු මන්දකට හසු වි පැන්තරා පාදුස් වර්ගයේ ශ්‍රි ලංකාවට පමණක් ආවේනික වු දුර්ලභ ගණයේ කදුකර කළු කොටියෙකු හසු වි මිය යාම සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජිවි කාර්යයාලය මගින් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබු බි වාර්තාවක්  (29) දින කැදවු අවස්තාවේ ශ්‍රි බෝධි රාජ පදනම සහ පාරිසරික සහ සංස්කෘතික අධ්‍යන මධ්‍යස්ථානය අධිකරණය හමුවේ පෙනි සිටිමින් හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා ඉදිරියේ කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

ශ්‍රි බෝධිරාජ පදනම වෙනුවෙන් ජනාධිපති නිතිඥය අනුර මැදගොඩ මහතා කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම නඩුවේ අගතියට පත් පාර්ශවයක් වෙනුවෙන් නඩුවට පෙනි සිටිමට අවසර ලබා දෙන ලෙසයි.

පාරිසරික සහ සංස්කෘතික අධ්‍යන මධ්‍යස්ථානය වෙනුවෙන් පෙනි සිටි නිතිඥය සුජිව ජාසිංහ මහතා කියා සිටියේ මෙම නඩුවට අදාල දිවියා සම්බන්ධයෙන් 1982 අංක 12 දරණ පොදු දේපලට අදාල වැරදි පිලිබද පනතේ සහ එහි සංශෝධන වල ප්‍රතිපාදන උල්ලංඝනය කිරිම සම්බන්ධවද විමර්ෂණ සිදු කර චෝදනා ගොනු කල යුතු බවත් , දිවියාගේ වටිනාකම තක්සේරු වාර්තාවක් කැදවිම සහ එයට අදාල විමර්ෂනයක් සිදු කරන ලෙසට වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

දෙපාර්ශවයේම කරුණු සලකා බැලු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රෝස්කි මහතා විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ දෙපාර්ශවයම  කදුකර කොටියා ආරක්ෂා කර ගැනිමට හෝ මදු අටවන අය දැනුවත් කිරිමට හෝ වන සතුන් ආරක්ෂා කර ගැනිමට යම් ව්‍යාපෘතියක් මිට ප්‍රථම මෙම අධිකරණ බල ප්‍රදේශයේ ව්‍යපෘතියක් ක්‍රියාත්මක කර ඇත්ද යන වගයි.

මෙහිදි අගතියට පත් පාර්ශවයට වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් මහෙස්ත්‍රාත්වරයා හමුවේ කියා සිටියේ මේ සදහා ව්‍යාපෘතියක් සකස් කර ඇති බවත් ,එය ඉදිරියට ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බවය.

දෙපාර්ශවයේම කරුණු විමසා බැලු මහෙස්ත්‍රාත්වරයා මෙම නඩුවට සම්බන්ධ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනි සිටිමට නියෝගයක් ලබා දිම ලබන 2020 ඔක්තෝම්බර් 28 දිනට කල් තැබුණු අතර , ඊට ප්‍රථම මේ සම්බන්ධයෙන් කරුණු තිබේ නම් ලිඛිතව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසය.

– හැටන් රංජිත් රාජපක්ෂ

202 views

2 Comments to “කළු කොටියා වෙනුවෙන් ඕමල්පේ සොභිත හිමි අධිකරණයට..”

  1. catseye says:

    anna hondayi haamuduwan wahansa ………obata garu karami

  2. Love nature says:

    කළු කොටියා වෙනුවෙන් ඕමල්පේ සොභිත හිමි අධිකරණයට..” ගෞරවනීය හාමුදුරුවන්ට අපේ නමස්කාරය ..
    තේවතු අවට වනරක්ෂිත විනාශ කරමින් වතු දෙමළ ජාතිකයින් වන සතුන් දඩයම් කරයි ..මෙතෙක් ඔවුනට විරුද්ධව නීතිමය පියවර නොගැනීම හේතුවෙන් අපේ රටේ අහිංසක වන සතුන් මේ මිනිස්සු විනාශ කරයි ….සදුන් දිවියාත් මෙසේ ඝාතනය කරන සතුන්ට අයත්ය හාවන් ඉත්තාවන් මුගටියන් පවා උගුල් අටවා මරාගනියි ..මෙය වහාම නතර කල යුතු දෙයක් . තේවතු අවට වන රක්ෂිත ගිනි තැබීමද මොවුන් සිදු කරයි .රටක ජාතික සම්පතක් වූ ඒ රටට ආවේනික වූ නව සතුන් ආරක්ෂා කිරීම මහජාතියේ වගකීමයි …ඉන්දියාවේ මීයන් මරා ගෙන කෑ මේ දෙමළ මිනිස්සුන් අපේ වන සතුන් මරාගෙන කෑම පුදුමයක්ද ?
    සතුන් මරණ දමිළ පුද්ගලයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කර ඉන්දියාවට පිටමන් කල යුතුයි

Main News