කළු ගග, අත්නගලු ඔය පිටාර ගලයි.. අරාබි මුහුද කැළඹෙයි.. තව දුරටත් දැඩි වර්ෂා..

October 7, 2018 at 12:00 pm | lanka C news
කළු ගග, අත්නගලු ඔය පිටාර ගලයි.. අරාබි මුහුද කැළඹෙයි.. තව දුරටත් දැඩි වර්ෂා..

දිවයිනේ ප‍්‍රදේශ ගණනාවකට ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව නිසා ගංගා කිහිපයක්ම පිටාර මට්ටමට පැමිණ තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්ත අනුව කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයේ දීත් අත්තනගලු ඔය දුනමලේ ප‍්‍රදේශයේදීද සුළු ගංවතුර තත්වයක් ඇතිව තිබේ.

අමතරව කළුගඟ පතුල්පාන ප්‍රදේශයෙන් හා ගිංගඟ බද්දේගමින් අවදානම් මට්ටමට ජල මට්ටම පැමිණ ඇත.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඉදිරි පැය 24 තුළද දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට දැඩි වර්ෂාපතනයක් ඇද හැලෙනු ඇති බවයි.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාවට බටහිර දෙසින් අරාබි මුහුදේ ස්ථානගත වී තිබෙන අඩුපීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් තිබෙන බවද දෙපාර්තමේන්තුව කියා සිටී.

8,082 Viewers

2 Comments to “කළු ගග, අත්නගලු ඔය පිටාර ගලයි.. අරාබි මුහුද කැළඹෙයි.. තව දුරටත් දැඩි වර්ෂා..”

  1. sinha le says:

    මිනිසුන් වගේම මැදපෙරදිගින් එන සුළගත් බයානකයි

    • Roshan says:

      hithuwa me wage jathiwadee comment ekak dai kiyala. Jammeta wadiya purudda lokui kiyanne mekata thamai. me purudu nisa apa rata agadayaka watenawa aniwaryay.

Main News