කළු ගග පිටාර ගලයි.. එජාප 71 වැනි සමුළු වේදිකාව යටවෙයි.. සමුළුව කල් යයි..
September 8, 2017 at 12:40 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සරය අනිද්දා 10 දිනයේ පැවැත්වීම සදහා මෙවර සූදානම් කර තිබුනේ රත්නපුර සීවලී ක්‍රීඩාංගනයේදීය.
රත්නපුර ප්‍රදේශයට ඇද හැලුනු අධික වර්ෂාපතනය හේතුවෙන් කළුගග පිටාර ගලා සීවලී ක්රීඩාංගනදයද යටව ගොස් ඇත්තේ එජාප සංවත්සරයට සූදානම් කර තිබූ වේදිකා හා ශාලාවන්ද යට කරමිනි.
මේ හේතුව මත එජාප 70 වන සංවත්සරය කල් දමා ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.