කළු ගඟේ පාරුවක් පෙරලී තරුණ තිදරු පියෙක් මියයයි…

December 6, 2021 at 2:17 am | lanka C news
කළු ගඟේ පාරුවක් පෙරලී තරුණ තිදරු පියෙක් මියයයි…

කළු ගඟ හරහා මගින් එතෙර කරන පාලම් පාරුවක් පෙරළී යාමෙන් එහි ගමන් කළ පුද්ගලයන් පස් දෙනකු ගඟට වැටී එක් අයෙකු අතුරුදන් වී නාවික හමුදාව සහ යුද හමුදාව ඒකාබද්ධ මෙහෙයුමක් සිදුකර දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයාගෙ සිරුර (5) සොයාගත් බව පොලීසිය කියයි .

කින්නියාවෙදි පාලම් පාරුවක් පෙරළී සිදුවූ ඛේදවාචකයෙ උණුසුම පහව යන්න මත්තෙන් ඉකුත් තුන්වන දින පස්වරුවේ කළුතර දී සිදු වූ දෙවන පාලම් පාරුව පෙරලීමේ සිදුවීම මේ බවත් එම අනතුරෙන් මියගොස් ඇති පුද්ගලයා කිතුලාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කුසල චේතක සදරුවන් ((30) නැමැති විවාහක අවුරුදු10, 08, 05 වයස්වල පසුවන දරු තිදෙනකුගේ පියෙක් බව පොලිසිය කියයි.

ඔහු මෙම අනතුරට පත්ව ඇත්තේ රැකියා ස්ථානයට ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටියදී ය.

ගල්පාත තොටුපොළේ සිට බොලොස්සගම තොටුපොළ දක්වා කළු ගඟ හරහා පුද්ගලයන් පස්දෙනෙකු සමග කුඩා පාලම් පාරුවේ යතුරුපැදි තුනක් හා පාපැදියක් ද එතරකරවීමට යාමේදී කළු ගඟ මැද දී මෙම අනතුර සිදුවී ඇතැයි පරීක්ෂණ සිදුකරන දකුණු කළුතර පොලීසිය කියයි .

එම පාලම් පාරුව වසර ගණනක් මුළුල්ලේ පරම්පරාවෙන් පරම්පරාවකට පැවත එන රැකියාවක් ලෙස පෞද්ගලික ව සිදුකරන මගි එතර කිරීමේ සේවාවක් බවත් එම පාලම් පාරුව කුඩා ඔරු දෙකක් යාකර සකස් කර තිබෙන එකක් බවත් එම පාරුව පෙරළෙන වාත් සමඟ එහි ගමන් ගත් පිරිසගේ විලාප නගන ශබ්දය ඇසුනු ගං ඉවුර අසල සිටි පිරිසක් වහාම ක්‍රියාත්මක වී දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් හතර දෙනකු බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ .

පාලම් පාරුව පැද වූ පුද්ගලයා ද බේරාගත් අය අතරින් කෙනෙකු වන බවත් නාවික හමුදාව , යුද හමුදාව ඒකාබද්ධව සිදු කල පැය කීපයක මෙහෙයුමකින් පසුව දියෙ ගිලි අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මළ සිරුර 5 පෙරවරුවේ සොයා ගත් බව දකුණු කළුතර පොලිසිය කියයි .

එම පාලම් පාරුවේ ගමන් ගත් පුද්ගලයන්ට අයත් යතුරුපැදි තුනක් සහ පාපැදියක් ගම් පතුලේ ගිලි ඇතැයිද එම පාලම් පාරුවේ මගීන් එතරකිරීමේ ද පැළඳීමට ආරක්ෂක ජැකට් තිබුණද එම අවස්ථාවේ ඒවා පැළඳ නොසිටි බවත් විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් කියයි .

කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත දකුණු කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ සිදු කරයි .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

6,518 views

One Comment to “කළු ගඟේ පාරුවක් පෙරලී තරුණ තිදරු පියෙක් මියයයි…”

  1. aniwa says:

    Can we all join and start a fund to collect life jackets for all those who use these services ?
    Saves a lot of lives and good merits for your sansara journey.

Main News