කළු සල්ලි සැගවූ ‘පැනඩෝරා’ ලයිස්තුවේ නිරූපමා රාජපක්‍ෂ.. ඩොලර් මිලියන ගණනක් සගවූ බව කියයි..

October 4, 2021 at 9:20 am | lanka C news
කළු සල්ලි සැගවූ ‘පැනඩෝරා’ ලයිස්තුවේ නිරූපමා රාජපක්‍ෂ.. ඩොලර් මිලියන ගණනක් සගවූ බව කියයි..

අති විශාල ප්‍රමාණක ධනය සඟවාගෙන සිටින ලොව ප්‍රකට දේශපාලඥයන් සහ ක්‍රීඩකයන්ගේ නම් ඇතුළත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ඇමරිකානු මාධ්‍යවේදීන්ගේ සංගමයක් හෙළිදරව් කර තිබේ.

‘පැනඩෝරා පේපර්ස්’ යනුවෙන් නම් කර ඇති මෙහි මිලියන 12කට අධික ලිපි වලින් යුක්ත බව සඳහන් වේ.

මෙම ලේඛනයන්හි දැනට බලයේ සිටින දේශපාලන නායකයන් 35 දෙනෙකු සහ රාජ්‍ය නිලධාරීන් 300 දෙනෙකු පමණ නම් ඇතුළත්ව ඇතැයි ද සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ හිටපු ඇමතිනියක් වන නිරූපමා රාජපක්ෂ සම්බන්ධයෙන්ද එම හෙළිදරව් වල සඳහන් වන අතර ඇගේ සැමියා වන තිරු නඩේෂන් සම්බන්ධයෙන් ඒවායේ සඳහන් ව තිබේ.

අදාළ ලේඛනය මෙතැනින්…

184,000 views

86 Comments to “කළු සල්ලි සැගවූ ‘පැනඩෝරා’ ලයිස්තුවේ නිරූපමා රාජපක්‍ෂ.. ඩොලර් මිලියන ගණනක් සගවූ බව කියයි..”

  1. 3ත් නැති ජෙප්පා says:

    මෙච්චර ගහන්න මෙයා කිසිම වැඩක් කලේ නෑනෙ
    හොරකම් කරන්න නම් ප්‍රොජෙක්ට්ස් තියෙන්න ඕනෙ

    • Hewwel says:

      එහෙම නැත්නම් ප්‍රොජෙක්ට්ස් තියෙන නෑයො ඍන්නෝනෙ මහින්ද වගේ

  2. Rohan says:

    ඔය ලිස්ට් එකේ ලංකාවේ ඉන්න හොරු රැලටම ඉක්මනින්ම කොරෝනා හැදී මංගලයාගේ තුරුලට යාමට හේතු වාසනාවේවා…

  3. බොරු සිල් හොර සිල් says:

    තොපිට හෙන ගහනවා. මේ රට හොරා කෑවට. තෝ දැන් සිල් ගන්නවා. පරම්පරා හතකට හම්බ කරලා. තෝ යන්නේ අපායේ. අවිචියේ. හොර ගන ගෙඩියෝ තොට බොරු බන කියනවා. තොගේ හිත හදනවා. තොපි හොරා කෑවේ දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි. පිලිකා හැදිච්ච, වකුගඩු ලෙඩ හැදිච්ච, අබාධිත වෙච්ච, ඉස්කෝල නැති, ඉස්පිරිතාල නැති, හිතේ දුකට කසිප්පු බොන, කුඩු ගහන අහින්සකයෝන්ගේ සල්ලි. තොගේ මහා එකාගේ දානේ දෙන්න අතේ පිච්චිය නොතිබ්බ හිඟන හැත්ත, අද ලෝකෙම ඉන්න ධනවත්තු උනේ කොහොමද කලකන්නියෝ??