කළු සල්ලි සුදු කරන පනතක් 07 දා සම්මත කරනවා…

September 4, 2021 at 5:30 pm | lanka C news
කළු සල්ලි සුදු කරන පනතක් 07 දා සම්මත කරනවා…

කළු සල්ලි සුදු කරන බදු වංචනිකයන් නිදහස් කරන පනතක් එළැඹෙන 07 වැනි දා පාර්ලිමේන්තුව සම්මත කිරීමට සූදානමක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගොස් සමාජය තුළ මරණ සිය ගණන් වාර්තා වෙද්දී මුළු සමාජයේම අවධානය ඊට යොමු ව ඇති අවස්ථාවේ එම ප්‍රයෝජන ගනිමින් ආණ්ඩුව පුරුදු පරිදි විනාශකාරී හා ජනතා විරෝධී ක්‍රියාමාර්ග වේගයෙන් ගනිමින් සිටින බවද මන්ත්‍රීවරයා චෝදනා කරයි.

මෙම නව පනත මගින් රජයට කෝටි ගණන් බදු අහිමි කරමින් සහ බදු පැහැර හරින්නන් ගේ හිග බදු කපා දැමීමට, අයථා ලෙස මුදල් උපයන දේශපාලඥයන් හා ආණ්ඩුවේ හිතවතුන් අතලොස්සකගේ කළු සල්ලි සුදු කර ගැනීමට ද උත්සාහයක් ඇතැයිද ඔහු පැවසීය.

දැනට පවතින වසංගතය ද පාවිච්චි කරමින් ආණ්ඩුවේ හිතවතුන්ට අයතා ලෙස ධනවත් වීමේ ඉඩකඩ සලසා ඇති බවද ඔහු තවදුරටත් චෝදනා කරයි.

31,871 views

28 Comments to “කළු සල්ලි සුදු කරන පනතක් 07 දා සම්මත කරනවා…”

  1. Sena-Yaka says:

    කළු සල්ලි සුදුකරන්නේ ඔහෙලගෙ කස්ටියනේ හලෝ. නිකන් මිනිස්සු ගොනාට අන්දන්නෙ නැතිව ඉන්නවා කපටි නරිනයිදේ. තමුසෙලට බිලියන්ගණන් සල්ලි (ඩොලර්) හම්බුනේ කොහොමද කියලා ඉස්සරලම ජනතාවට පෙන්නලා දුන්නොත් ඔයකියන ඒවා ටිකක්හරි මිනිස්සු පිළිගනියි. ඇමෙරිකාව, කැනඩාව , අයර්ලන්තේ, එංගලන්තේ වාගේ රටවල හැම මැතිවරණ කොට්ඨාශයකම ගෙයක් හෝ කවර හෝ චංචල දේපලක් ගන්නට තරම් මුදලක් හම්බුනේ කොහෙන්ද කියලා පෙන්නපන්. ගොඩක් මේ රටවල ඉන්න මිනිස්සුන්නම් කියන්නේ ඔහෙලාට සල්ලි එන්නේ CIA සංවිධානය මගින් LTTE දෙමල ඩයස්පෝරාවට දෙන සල්ලි මිටිපිටින් ඔහෙලට ලැබෙනවා කියලයි. මේකට හොදම උදාහරණය තමයි තමුසෙලගෙ දේශපාලනයට සම්බන්ධ කවරෙකුහෝ ඉහත සදහන් රටකට තාවකාලිකව හෝ ස්ථිරවම පදිංචියට ගියවිට උගේ සියලුම වියදම් දරන්නේ තමුසෙලගෙ පක්ෂයෙන් බව. මේ එන උන් පවුල් පිටින් ඇවිත් අවුරුදු ගණනක් හිටියත් ජීවිතෙකට මේ රටවල මුදල් උපයන රැකියාවක් කරන්නේ නෑ. එහෙත් උන් ජීවත් වෙන්නේ සහ වියදම් කරන්නේ සුපිරි විදිහට. උන්ගේ බල්ලාගේ සිට හැමදේටම වියදම්කරන සල්ලි එන්නේ තමුසෙලගෙ කැට වලට වැටෙන සල්ලිද. මිනිස්සු කැටවලට දමන්නේ ඩොලර් ද. අන්න කැනඩාවේ එක LTTE එකට උග්‍ර ලෙස පක්ෂපාතීව කතාකරන පක්ෂයක මැතිවරණ අපේක්ෂකයෙක් ලෙස තමුසෙලාගේ පක්ෂයේ ජාතියන්තර හොරවැඩ වලට කැනඩාවේ සිට උදවුකරන වෙලේ ඉන්න යකෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා. මුත් ලංකාවේ සිටම උපන්ගේ ජෙප්පෙක්. පස්සේ මිනිස්සුන්ට මුදල් වංචා කරලා ලංකාවේ ඉන්න බැරිව කැනඩාවට පැනලා එහෙ හොද කුමන්ත්‍රණ කරන ජෙප්පෙක්. ජීවත්වෙන්නේ තොපේ කලුසල්ලි වලින් තමයි. ගිය දා සිට නෝ ජොබ්. සල්ලිනම් යමරෙට. නරකද මේවා සම්බන්ධයෙනුත් ටිකක් හරි මිනිස්සුන්ට දැනුවත් කලොත්.

Main News