ක්ලෙමෝ බෝම්බ, මෝටාර් ඇතුලු පුපුරණ ද්‍රව්‍ය බැරලයක් ගොඩගනී..

April 28, 2019 at 10:40 am | lanka C news
ක්ලෙමෝ බෝම්බ, මෝටාර් ඇතුලු පුපුරණ ද්‍රව්‍ය බැරලයක් ගොඩගනී..

යාපනය වඩමාරච්චි නැගෙනහිර අම්පන් ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබූ මෝටාර් බෝම්බ හා පුපුරණද්‍රව්‍ය  අඩංගු ප්ලාස්ටික් බැරලයක් ඊයේ (27) සවස ගොඩගත් බවට පේදුරුතුඩුව පොලසිය පවසයි.

අම්පන් ප්‍රදේශයේ වැසියෙකු විසින් ගෙවත්ත එලි පෙහෙලි කිරීමේදී සිදුකල කැනීමකදී වලදමා තිබූ අදාල ප්ලාස්ටික් බැරලය හමු වී ඇති අතර ගෙවතු හිමියා විසින් පසුව ඒ බව පේදුරුතුඩුව පොලීසියට කරන ද දැනුම් දීමකින් පසුව පොලිස් නිලධාරීන් අදාල ස්ථානයට පැමිණ බෝම්බ බැරලය ගොඩට ගැනීමට පියවර ගෙන ඇත.

අනතුරුව බෝම්බ බැරලයේ තිබී මෝටාර් බෝම්බ 9ක්, ක්ලේමෝ බෝම්බයක්, ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 200 ක්, වයර් රෝලක්, ටැග් එකක්, අත්බෝම්බයක් , මැගසින් එකක්, හමු වී ඇත.

සොයාගත් බෝම්බ ඇතුතු යුද උපකරණ තොගය අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය හරහා නිශ්ක්‍රීය කිරීමට පයවර ගෙන ඇති බවට පේදුරුතුඩුව පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

62,741 Viewers
Main News