‘ක්‍රිකට් ගැන කියවන්නේ නැතිව පෙට්‍රල් හිගයට පිලියම් දෙන්න’ අර්ජුනගේ රැවුල ගිනිගත් වෙලේ ඇමති දයාසිරි සුරුට්ටු පත්තු කරයි..
November 6, 2017 at 11:20 am | lanka C news
2019 ක්‍රිකට් හදන්න කලින් කරන්න තියෙන්නේ වාහන වලට පෙට්‍රල් ටික හරියට ලබා දෙන්න අර්ජුන රණතුංග මහතාට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරන බව යහපාලන අමාත්‍ය මණ්ඩල සමාජික වර්තමාන ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
මේ දිනවල නිතරම රූපවාහිනි ප්රවෘත්ති විකාශන තුලින් දකින්නට ලැබෙන්නේ වැඩිපුරම කැබිනට් එකේ තම සහෝදර ඇමතිවරුන් එකිනෙකාට විවේචන එල්ල කිරිම මෙන්ම උසුලු විසුලු කර ගැනීමේ කලාවකි.
විශේෂයෙන්ම පසුගියදා කැබිනට් තීරණයන් දැනුම් දිමේ රැස්වීම රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවත්විනි. එහිදි අගමැති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව රැකියා ලක්ෂ 4 ක් පසුගිය යහපාලන ආණ්ඩුව සමයෙදි ලබදුන් බවට පුවත්පත්වල දැන්විම් පලකොට ඇති බැව් විමසිමේදි පවා එම ප්‍රකාශය විහිලුවට ලක් කරමින් මාධ්‍ය වෙත ඇහෙන සේ වොක්ස්වගන් සමාගමේ රැකියා ලබාදීම ගැන උසුලු විසුලු කලේ ය.
මේ අනුව ඉතා වැදගත් අවස්ථාවක වුව ජනතාවගේ ගැටලුවලට එකිනෙකා එකිනෙකාට විහිලු සපයමින් උසුලු විසුලු කිරිමේ අලුත්ම උපායමාර්ගයක් මෙරටේ විධායක නියෝජනය කරන අමාත්‍ය මණ්ඩලයට අයත් අමාත්‍යවරුන් විසින් අනුගමනය කිරිම සුලභව දකින්නට ඇත.
වීඩියෝව මෙතනින්
අර්ජුන, වැඩ බැරි ටාසන් ලා කියන දේවල් ගණන් ගන්න එපා. ඔබ හෝ ඔබගේ සහෝදරයා වැරදි දෙයක්, වංචාවක් කර ඇත්නම් ඔබලාට දඩුවම් ලැබෙනවා නියතයි. නමුත් රට වෙනුවෙන් හරි දේ කරන්න. හම්බන්තොට දීමට සම්පුර්නයෙන්ම විරුද්ධ වුවා නම් අපි ඔබ සමග එකයි. නමුත් එහිදී සිදුවූ දුෂණ ගනුදෙනුවට විරුද්ධ වීම ගැන ඔබට ස්තුතියි. ඒ වාගේම තෙල් ප්‍රශ්නයෙදීත් ඔබ හරි පැත්තේ හිටගන්න. IOC ලංකාවෙන් පන්න දැමීමට කටයුතු කරන්න.