ක්‍රිප්ටෝ මුදල්වලට මහ බැංකුව තහනම් පනවයි…

April 18, 2021 at 8:02 am | lanka C news
ක්‍රිප්ටෝ මුදල්වලට මහ බැංකුව තහනම් පනවයි…

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහ දැක්වෙයි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය 2021 පෙබරවාරි 02වනදා “ක්‍රිප්ටෝ මුදල් නමින් ශ්‍රී ලංකාවේත් පිරමිඩ ව්‍යාපාර..! මහ බැංකුවේ කඩිනම් අවධානය යොමු කිරීමට කටයුතු කරන්න” යන සිරස්තලය යටතේ පළකළ මාධ්‍ය නිවේදනයට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව අප්‍රේල් 09 වනදා කටයුතු කර ඇත.

ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුල භාවිතයට ගැනීම, ක්‍රිප්ටෝ මුදල් සදහා යම් නියාමනයන් සිදුකිරිම, ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව සතු කාර්යයභාරයක් වන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දුන් අතර ඊට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් “ක්‍රිප්ටෝ මුදල්” භාවිතය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් හරහා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව, කිසිඳු ආයතනයකට හෝ සමාගමකට අප්‍රකාශිත විද්‍යුත් මුදල් ඇතුළු අතථ්‍ය මුදල් නොහොත් ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධව ක්‍රියා මාර්ගයක් ගැනීමට බලපත්‍ර ලබා දී හෝ බලය පැවරීමක් කර නොමැති අතර කිසිඳු ආයතනයකට පරිගණක තුලින් ක්‍රිප්ටෝ මුදල් ජනනය කිරීමට (mining) හෝ, ක්‍රිප්ටෝ මුදල් හුවමාරු කරගන්නා අන්තර්ජාල වෙළදපොළවල (Virtual Currency Exchanges) සදහා හෝ බලය පැවරීමක් කර නොමැති හෙයින් ක්‍රිප්ටෝ මුදල් පාදක කරගත් පිරමීඩ ව්‍යාපාර වල මුදල් ආයෝජනය කිරීමේදී සැලකිලිමත්ව කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම්දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

34,202 views

6 Comments to “ක්‍රිප්ටෝ මුදල්වලට මහ බැංකුව තහනම් පනවයි…”

  1. කැප්පෙටිපොළ says:

    සිත
    තමා නොදකින ඔබමොබ යන සිත
    අනුන්ගෙ වැරදි උලුප්පන සිත
    ලෝභයට මිත්‍රයෙක් වන සිත
    අරමුණෙන් පසුව හැර යන සිත

    ගැටිමත් සමග සතුරෙක් වන සිත
    කවුරු නැතුවත් තමා ඉන්න බව කියන සිත
    අවශ්‍ය වෙලාවට තමන් වත් නැති සිත
    නුඹ කෙසේ විෂ්වාස කරන්නද සිත

    වාසියක් සමග එකතුවන සිත
    නුඹ මගේ මිතුරෙක්ද කියන් මගේ සිත
    දමනය කරන තුරු නුඹ මගේ සමිපයෙක් පමණයි සිත
    මම නැ සලකන්නෙ මිතුරෙක් ලෙස නුඹ සිත

    දෝහි වැඩ කරන සිත
    නුඹ දෝහියෙක් වුනේ මට පමණද සිත
    නුඹ කොච්චර සමිප වුනත් නැ විෂ්වාස සිත
    දමනය කල දිනක මිතුරෙක් වෙමු මගෙ සිත

    නවතම ලිපිවලට
    athwelafromkamal.blogspot.com

  2. Xman says:

    No Govt. can ban Cripto. that is future currency around the world without any monitory board imposed tax implementations.even PayPal accept Bitcoin.

  3. මොනවද මේ ක්රිප්ටෝ මුදල් කියලා ජනතාව දැනුවත් නොකර, ඒවායේ ආයෝජනය කරන්න එපා කිව්වට වැඩක් නැහැ.

    • RAW Agent says:

      නොදන්නා දේ දුටු විට නහයෙන් අඬන්නෙ නැතිව අන්තර් ජාලය වෙත ගොස්
      තමන්ම දැන ගන්න උත්සාහ කරන්න.
      හැම දෙයක්ම රජයේ ආයතන මගින් කරන තුරු බලා සිටින්න එපා.

  4. ANTON says:

    cryptocurrency IS FUTURE NO NOE CAN STOP..

  5. Rajitha says:

    If you can bann it. We will never stop this. Because you can’t say don’t buy any assets even unvaluble

Main News