ක්‍රීඩා පිටිය ආරක්ෂා කරදෙන්නැයි ඉල්ලමින් සිසු දරුවන් විරෝධතාවයේ..

January 16, 2020 at 2:06 am | lanka C news
ක්‍රීඩා පිටිය ආරක්ෂා කරදෙන්නැයි ඉල්ලමින් සිසු දරුවන් විරෝධතාවයේ..

මන්නාරම මඩු අධ්‍යාපන කලාපයට අයත් කරුන්කන්ඩාල් මහා විද්‍යාලයේ සිසු දරුවන් පාසලේ ක්‍රීඩාංගන භූමිය ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලා විරෝධතාවක නිරත වූහ.

කරුන්කණ්ඩාල් මහා විද්‍යාලයේ සිසු දරුවන් පාසල් ක්‍රීඩාංගනයට පැමිණ මෙම විරෝධතාව දියත් කල අතර මේ සඳහා පාසලේ ගුරුවරුන් හා දෙමාපියන්ද සහය ලබා දී තිබුණි.

විරෝධතාවයේ නිරත පාසල් සිසු දරුවන් කියා සිටියේ ,කරුන්කණ්ඩාල් ක්‍රීඩා භූමිය වසර 60 කට වඩා වැඩි කාලයක් පැවති බවටත් මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අවසරය මත කිසියම් පිරිසක් ඉදිකිරීම් කිහිපයක් සිදු කරන බැවින් පාසල් ක්‍රීඩාංගනය තමන්ට අහිමි වන බවටයි.

මේ හේතුව නිසාවෙන් පාසලේ ක්‍රීඩාවද සිසුන්ට අහිමි වී යන බැවින් තම පාසලේ ක්‍රීඩාංගන භූමිය ආරක්සා කර දෙන මෙන් විරෝධතාවයේ නිරත සිසු දරුවන් වැඩි දුරටත් ඉල්ලා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,869 Viewers
Main News