ක්‍රෙඩිට් කාඩ් පොලිය අහසට නගී.. පොළිය 32%ක් තෙක් ඉහළට…

June 18, 2019 at 4:40 pm | lanka C news
ක්‍රෙඩිට් කාඩ් පොලිය අහසට නගී.. පොළිය 32%ක් තෙක් ඉහළට…

වාණිජ බැංකු විසින් ක්‍රෙඩිට් කාඩ් පත් වෙනුවෙන් අයකරනු ලබන පොළී අනුපාතිකය 32% ක් දක්වා ඉහළ නංවා ඇතැයි වාර්තා වේ. 2019 ජූනි මාසයේ සිට මෙලෙසින් ක්‍රෙඩිට් කාඩ් සඳහා අයකරනු ලබන පොළිය ඉහළ ගොස් තිබේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවලට අනුව 2019 අප්‍රේල් මාසය වන විට මෙරට බැංකු සහ මූල්‍ය සමාගම් විසින් නිකුත් කර තිබෙන
මුළු ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් ගෙවිය යුතු සමස්ත හිඟ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 110.27 ක් ලෙසින් ගණන් බලා ඇත. මෙය 2019 මාර්තු මාසය අවසානය වනවිට පැවති රුපියල් බිලියන 107.97 ක්වූ හිඟ ගෙවීම් ප්‍රමාණය හා සැසඳීමේ දී රු. බිලියන 2.29 ක ඉහළ යාමකි.

මීට පෙර අවස්ථාවක දී කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ, ඉහළ පොළී අනුපාතික හේතුවෙන් ගනුදෙනුකරුවන් ක්‍රෙඩ්ට් කාඩ්පත් වැනි ණය උපකරණ භාවිතයට යොමු වීම අධෛර්යමත්වීමක් සිදුවන බවයි.

“ක්‍රෙඩිට් කාඩ් යනු අවදානම ඉහළ ණය උපකරණයක්. එය ගනුදෙනුකරු මත තීරණය වන්නේ. ඊට ගෙවිය යුතු ගාස්තුව ඒ අනුව තීරණය විය යුතුයි. ක්‍රෙඩිට් කාඩ් යනු දිගු කාලීන ණය පහසුකමක් නොවෙයි. එය කෙටි කාලීන දෙයක්. නියමිත දිනට හිඟ මුදල් පියවීමෙන් පොළී ගෙවීමෙන් වැළකී සිටින්න පුළුවන්. පොළිය වැඩිවීම තුළින් ගනුදෙනුකරුවන් මෙවැනි ණය උපකරණ වෙත යොමු වීම අධෛර්යයමත් වීමක් සිදුවෙනවා“, යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

– biz.adaderana.lk

36,399 Viewers

9 Comments to “ක්‍රෙඩිට් කාඩ් පොලිය අහසට නගී.. පොළිය 32%ක් තෙක් ඉහළට…”

  1. sathya says:

    Please do not use Credit cards. I never use.
    It is the main thing that steals your money with you knowing.

    • Dilshan says:

      Very true. Some pathetic people think it as a tool to show their earning power. They flash gold, platinum cards in super markets. The credit card companies knows this so they introduce these ridiculous colored cards to attract people with inferior complexity and those fools buy products on credit while thinking they are showing their wealth.

  2. බන්ඩා says:

    මහබැංකුවට ඕන වෙලා තියෙන්නෙ පාරිභෝජනය අඩු කරන්නය්. සිල්ලර වෙළෙන්දන් ගෙ බිස්නස් අඩු වේවි.

  3. බන්ඩා says:

    ඔය තියෙන්නෙ බැඳුන්කරේ ප්‍රතිපලය්. මහබැංකුවට ඕන වෙලා තියෙන්නෙ පාරිභෝජනය අඩු කරල රටේ පොලිය අඩු කරන්නය්.. සිල්ලර වෙළෙන්දන් ගෙ බිස්නස් අඩු වේවි.

  4. ශ්‍රී ලංකික සිංහලයා. says:

    ආර්ථිකය ශක්තිමත් වී ලෝකයේ විශිෂ්ඨ ස්ථානයක තිබියදී පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැහුවේ..- කතානායක
    ethakota me kiyna ewa boruda ????
    uththara thiyenne gale 225 laga witharayi.

  5. Mangala says:

    දුප්පත් මිනිසෙක් අසරණ වූ විට ඔවුන් ගසා කන cash wagon වැනි ආයතන නවතා දැමිය යුතුයි . එකේ මාසික පොලිය 44% . වාර්ෂික පොලිය අවම 528%. හෙන ගහනවා මුන්ට රජයෙන් කරන්නෙත් ඔය ටිකම තමයි .

  6. kasun says:

    good decision. owa karanna tibbe essara, meke comments dala tiyene gonnu egene gatte nati nisa mekatath baninawa. nathnam america walata una wage tamai wenne. moda minissu tamai oya credit card use karanne

  7. Gorilla says:

    Mata rata deepan awurudakata mama makawala hadala pennam. Mata mukuth one na palanaya karana theendu withrak man gannam. Mage munawath penna one na

  8. Wickramasuriya says:

    දුප්පත් මිනිසෙක් අසරණ වූ විට ඔවුන් ගසා කන ක්‍රෙඩිට් කාඩ් ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් ගෙවිය යුතු පොලිය අඩු කරන්න

Main News