ක්‍ෂණිකව නඩු අහන විශේෂ මහාධිකරණයේ පළමු නඩුව ගෝඨාටයි.. දින දෙක තුනකින් තීන්දුව සූදානම්..

July 14, 2018 at 9:20 am | lanka C news
ක්‍ෂණිකව නඩු අහන විශේෂ මහාධිකරණයේ පළමු නඩුව ගෝඨාටයි.. දින දෙක තුනකින් තීන්දුව සූදානම්..

ඉදිරියේදී ස්ථාපිත කිරීමට යන විශේෂ අධිකරණයේ පළමුවෙන්ම විභාගයට ගන්නට යන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහත්වරුන්ට එරෙහි පවරා ඇති නඩු දෙකක් බව රජයේ ජේ‍යෂ්ඨ ප්‍රකාශකයෙක් හෙළි කළේය.

ආණ්ඩුවේ ඉහළ පෙළේ ප්‍රධානීන් කිහිපදෙනකු අතර පසුගියදා පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ගත් තීරණයකට අනුව මෙම නඩු පළමුව විභාග කිරීමට නියමිත වනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.

අදාළ නඩු කඩිනමින් සකස් කර නීතිපතිවරයා මඟින් අගවිනිසුරුවරයා ඔස්සේ විශේෂ අධිකරණය වෙත යැවීමට කටයුතු යොදා ඇති බවද වාර්තා වේ. පසුගිය සතියේද අධිකරණ අමාත්‍යාංශයේදී මෙම විශේෂ අධිකරණ සඳහා යොමු කරන නඩු කවරේදැයි නිගමනය කිරීමට විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

එහි තීරණයක් මත පළමුවෙන්ම විභාග කරන නඩු ගැන එකඟතාවකට පැමිණි බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

දැනගන්නට ඇති අන්දමට ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විභාගයට ගැනීමට යන්නේ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම වෙනුවෙන් පහත්බිම් සංවර්ධන මණ්ඩලයට ගෙවිය යුතු රුපියල් මිලියන 90ක් නොගෙවීම මඟින් රාජ්‍ය මුදල් අවභාවිත කර ඇති බව කෙරෙන චෝදනාවයි.

ගාමිණී සෙනරත් මහතාට එරෙහිව විභාගයට ගන්නට යන නඩුව වන්නේ හයට් රීජන්සි කලම්බු (ග්‍රෑන්ඩ් හයට් කලම්බු) නමැති හෝටල් ව්‍යාපෘතිය සඳහා වෙන් කෙරුණු රුපියල් බිලියන 18.5ක මුදලින් රුපියල් බිලියන 4ක් නීති විරෝධී ලෙස අනුමැතිය නොලත් හම්බන්තොට ප්‍රදේශයේ හයට් රීජන්සි නමැති හෝටල් ව්‍යාපෘතියට මුදල් යොදවා රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට කෙරෙන චෝදනාවයි.

– mawbima

81 views

43 Comments to “ක්‍ෂණිකව නඩු අහන විශේෂ මහාධිකරණයේ පළමු නඩුව ගෝඨාටයි.. දින දෙක තුනකින් තීන්දුව සූදානම්..”

  1. රටට හිතවත් says:

    මොන උප්පර වැට්ටි දාල නඩු ඇහුවත් ගෝටාභය මැතිතුමා වැරද්දක් කරලා නැත්නම් මොන ජගතෙකුටවත් එතුමාට හානියක් කරන්න බැහැ කියන එක මේවගේ ගොන් තීරණ ක්‍රියාත්මක කිරීමෙන්ම පැහැදිලි වෙනවා. රටේ දැනට තියෙන ඔක්කොම අදිකරණ වලට රිංගල, දාන්න පුළුවන් තරම් දඟර නැටුම් දාල බැලුවනේ එතුමාව වට්ටන්න. කෝ බැරිවුනානේ! තව කොච්චර නැටුවත් ඔච්චරම තමයි!

    • බබා says:

      දැන් ඉතින් හොරාකාපුවා වමාරද්දි රටට තියෙන ආදරේ පෙනෙයි.දවසින් ඇමරිකන් පුරවැසිකම අත්හැරියැකි කීවට තාම ඒක කලෙත් නෑ. ඕකා තාමත් ඇමරිකන් පුරවැසි. තමන්ට හොරාකන්න බැරිනම් රට අතෑරලා පිටරට පනින ගෙම්බෙක් ඕකා.දේශපාලනය ගැන මෙලෝ හසරක් නෑ. දැන් ඒකාබද්දෙම එවුන් හිට්ලර්ට අකමැතියි. ආයෙනම් ඔය පවුලෙ එකෙක් බලයට එන්නෙ නෑ.

      • බබා says:

        උම්බෑ…හ්.. ආයේ අපට රට තණකොළ නැති කරන්න නම් කාටවත්ම ඉඩ දෙන්නෑ…උම්බෑ..බැහැහ්

        • බබා says:

          තමුන් ඉපදෙන කාලෙ ගෙවල් පැත්තෙ ගොනෙක් හිටියද?

        • ඕක ජානවල ප්‍රශ්නයක්. අපි කතාකරන්නෙ තනකොල ගැන නෙවෙයි. අහල බැලුවෙ නැද්ද උඹේ අම්මා අඳුනන තඩි ගොනෙක් ඉන්නවද කියල?

  2. parakum says:

    Being a US citizen even found guilty he cannot be imprisoned, US can invade Srilanka to rescue him.

  3. informant says:

    Good. Must be their bringing forward most corrupted cases.

    GR already settled this money to LR, no case. GS was not mis-handle public money.
    As Chairman of Hyatt and SLIC, GS & his board of directors can decided fund allocations and fund management. SLIC money is not public money. SLIC is limited liability company registered under RC in Sri Lanka. Its board represent members from Finance Ministry, Treasury and SLCC members.

  4. දිනේෂ් මැතින්ද එල ප්‍රගතිසීලී දේශප්‍රේමියෙකු වුවද එතුමා ජාතික නායකයෙකු මට්ටමට පැමිණ නැත.
    එතුමා පළාත් නායකයෙකි.
    ජාතික නායකයෙකු ගැන නොසිතමින් මෙතුමාව යෝජනාකිරීමෙන් එස්.එල්.පී.පී. ට ලැබීමට ඇති ඇති මහත් ජනපතිවරණ විජ්‍යග්ග්‍රහණය හෑල්ලුවීයාමයි සිදුවන්නේ.

  5. BARCARDI says:

    IF GOTA is going to be punished, PM must be HANGED without going into court , for his involvement in BATALANDA and Central Bank Robbery

  6. Sam says:

    Wardi keapu kawruth tamaage harda saakkiyata boru nokarai. Neethiyen berunath soba dharma neethiyata anuwa samawak nometha. Premaada unath soba dharmayata boru ba…. kaatath podu dharma thaawayaki soba dharma neethiya…

Main News