ක්‍ෂණික තීන්දු දෙන අධිකරණයේ ගෝටාභයට විරුද්දව නඩු පැවරේ…

August 11, 2018 at 9:20 am | lanka C news
ක්‍ෂණික තීන්දු දෙන අධිකරණයේ ගෝටාභයට විරුද්දව නඩු පැවරේ…

ඉක්මනින් නඩු අසා තීන්දු දීමට පිහිටුවන ලද විශේෂ මහාධිකරණයේ දී ඉදිරි සතිය තුළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පැවරීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් උපුටමින් ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

පසුගිය රජය සමයේ ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරයේ ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කළේ යයි හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව පොදු දේපල පනත යටතේ මෙසේ නඩු පැවරීමට නියමිතය.

මෙම නඩුවට අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හත් දෙනෙකුට එළැඹෙන සැප්තැම්බර් මස 07 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි මේ වනවිටත් අධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත.

30 views
Main News