81.2%ක් ජන්ද පෙට්ටි පුරවති.. ගණන් කිරීමට සියල්ල සූදානම්…

November 16, 2019 at 5:30 pm | lanka C news
81.2%ක් ජන්ද පෙට්ටි පුරවති.. ගණන් කිරීමට සියල්ල සූදානම්…

ශ්‍රී ලංකාවේ හත් වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වූ ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද පස්වරු 05.00ට අවසන් විය.

මිලියන 16කට ආසන්න ප්‍රමාණයක් වූ ඡන්දදායකයන්ගෙන් 81.2% ක ප්‍රමාණයක් මෙවර ඡන්දය භාවිතා කර තිබේ.

මේ වන විට ඡන්දය ගණන් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් වෙමින් ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

අද රාත්‍රී 12ට පෙර පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද කොමිසම කියා සිටියේය.

264 views
Main News