කාංචන විජේසේකර එකාබද්ධයෙන් යන බව කීවේ සිස්ටම් කැඩීම නිසයි..

May 8, 2017 at 6:48 pm | lanka C news
කාංචන විජේසේකර එකාබද්ධයෙන් යන බව කීවේ සිස්ටම් කැඩීම නිසයි..

මුහුණු පොතේ හදවතේ කණ්ඩායමේ විසින් මාතර අපරැක්ක මර්සිනා හාමි දහනායක නැනති ඉතා අසරණ මවකට ඇගේ දුප්පත් කුඩා පැලපත වෙනුවට නිවසක් සදා එය ඇය වෙත භාරදිමේ අවස්ථාවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කොට තිබුණි.

මෙම අසරණ කාන්තාව ඉතා දැඩි ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනි සිටින කාන්තාවක් වු අතර ප්‍රදේශයේ දේශපාලන බලවතුන් ගේ ඇස මෙම අසරණ මව කෙරෙහි යොමු වී නොතිබුණ අතර මේ සඳහා මුහුණු පොතේ හදවතේ කණ්ඩායමේ ඉදිරිපත් වී ඔහුනගේ පුද්ගලික දායකත්වයෙන් ඉහත නිවස ඉදිකරනු ලැබිය.

මෙම ඉදිකිරීමට මුල් වුයේ දෙවුන්දර ප්‍රදේශිය සභාවේ හිටපු සභාපතිවරයා විසින් මෙම අසරණ මව සම්බන්ධව එම සභාපතිවරයාගේ මුහුණ පොතේ පලකල ප්‍රකාශයකිනි. එය දුටු මුහුණු පොතේ හදවතේ කණ්ඩායම මේ සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වුහ.

ආසන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර දැනුවත් කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොපැමිණිම සම්බන්ධව ගැටලුවක් ඇති කරගත්හ. ඔහු ඒකාබද්ධයෙන් තාවකාලික ඉවත්වන බවට තර්ජනයක් කලේ හිටපු ජනාධිපතිවරයාගේ සහභාගි වීම වලක්වා එදිනට එම අසරණ මවට නිවස භාරදිම වැලැක්වීමට වුවත් කලින් යොදාගත් පරිදි එම අවස්ථාවට හිටපු ජනාධිපතිවරයා සහභාගි විය.

තම ස්වාමිපුරුෂයා මෙන්ම තාමගේ දුව සහ පුතා ද මියගොස් සිටි ඇයට ඉන්න නිවහනක් ලැබීම විශාල සැනසුමක් වූ අතර ඒ සඳහා දායකත්වය දුන් මුහුණු පොතේ හදවතේ කණ්ඩායමට මෙන්ම නව නිවස භාරදීමට පැමිණි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ඇය විසින් පින් දෙමින් එම කටයුත්ත සාර්ථකව අවසන් විය.

එහෙත් මෙම ක්‍රියාවලිය සිදු විමේදි මාතර දිස්ත්‍රික් පොදු විපක්ෂයේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කාංචන විජේසේකර මන්ත්‍රීවරයාගේ එම හැසිරීම සම්බන්ධව මාධ්‍යට ප්‍රකාශයක් කරමින් පැවසුවේ ඕනෑම ආයතනයක සිස්ටම් එකක් තියෙනවා එම සිස්ටම් කැඩීම හරහා යම් තෙරපුමක් මන්ත්‍රීවරයාට ඇති වු බවත්, ඒ සම්බන්ධව මන්ත්‍රීවරයා මෙන්ම ඒකාබද්ධ විපක්ෂය ද යම් ක්‍රමවේදයක් පැවතිය යුතු බව ඉතා ඉහළින් විශ්වාස කරන බවයි.

කෙසේ වෙතත් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පැවසු සිස්ටම් කැඩීම කවුරුන් විසින්, කොයි ආකාරයෙන්, මොන අවස්ථාවක කැඩුවේ ද යන්න පැහැදිලි කිරීමක් සිදු කලේ නැත.

90 views

18 Comments to “කාංචන විජේසේකර එකාබද්ධයෙන් යන බව කීවේ සිස්ටම් කැඩීම නිසයි..”

  1. kamalsiri kuruwita says:

    මු මොකෙක්ද ? මහින්ද බලයට අපු කාලෙක ,කවද හරි මහිදගේ පාටියත් මිනිස්සුන්ට එපා කරවන්නෙත් මේ වගේ අපතයෝ තමයි. බලය නැතුව මෙහෙම ඔලුව ඉදිමිලා නම් බලය අපු කාලෙක කොහොම හිටීද ? එකා බද්දේ කට්ටිය මුන් ගැනත් මතක තිය ගත්තොත් හොඳයි.

    • බන්ඩය්යා says:

      මෙතන තියෙන්නෙ ඔලුව ඉදිමිච්ච කමක් නෙවෙය් අදාල මංත්‍රිවරයට ඔහුගෙ ‘දේසපාලන’ අනාගතය පිළිිඹදව අැති වෙච්ච චකිතයක්.

      • kamalsiri kuruwita says:

        ගේ අස්සේ කුණු ලෝකෙට පේන්න එලියට දාන්නේ මොන ගොනාද ? ඊටත් මුහුනු පොතේ. ඒක නේවෙයි ප්‍රශ්නේ. මේ නුගත් අයගේ තියෙන තමන් පිලිබඳ අධි තක්සේරුව හෙවත් ගොන් අභිමානය හෙවත් “ego” එක තමයි මේ ලෙඩේ. මෙයාගේ තාත්තත් රටට වැඩක් කල මිනිහෙක් නෙවෙයිනේ. මේක මහිදටත් , ඒකාබද්දෙටත් කරපු හානියක් . ඒකාබද්දෙ අය අතරත් කා කොට ගැනීම් තියෙනවා කියන කතාව ජනතාව ට දීම තමයි මේ අදුරදර්ශී ආත්මාර්ථකාමී වැඩේන් සිද්ධ්වුනේ.

    • Neela says:

      SYSTEM will keep you always opposition.Good luck…polos.

    • saranga says:

      අනේ ඇත්තට මේ වගේ අය දේශපාලනය කලාට නිකන් දෙවෙනි පන්තියේ ඉගෙනගන්න තොත්ත බබාලා වගේ

      පොදු විපක්ෂයට අද දවසේ තිබෙන කර්තව්‍ය ඉතාම අයිතිහාසික කර්තාවයක් .රටේ ජනාදිපති හා අගමැති බටහිර රටවල හා රටේ සතුරු බලවේග වල ඉත්තන් වෙලා රට පාවල දෙන්න යනවිට එයින් රට මුදවා ගැනීම මේ රටේ අනාගතයට බලපාන ප්‍රශනයක් ,

      මේ තාරුණ්‍යයේ මල් මල් කඩන විහිලු කරන දේදුනු අහසේ රෝස කුසුම් නෙලන චුටි හීනයක් නෙවෙයි .මේ කාංචන ළමයා තමුන්ට කවුද ආරාදනා කලේ නොකළේ කියල කඳුළු වගුරුවාගෙන තරහ වෙලා අහක බලාගෙන කොල්ල කෙල්ල ෆයිට් දානවා වගේ වැඩ කරන්න පුළුවන් කාලයක් නෙවෙයි .
      තමුන්ට පැවරිලා තියෙන්නේ අයිතිහාසික කාර්යක් මේ රට විජාතිකයන්ගෙන් බේරා ගන්න පෙරමුණට යායුතු කාලයක් .
      තමුන් නිකන් මේවගේ බොලඳ දේ වලට ඒ ජාතික සටන පාවල දෙනවනම් තමුන් නිකම්ම නිකන් රෝසමල් චරිතයක් .එහෙනම් දේශපාලනය කරනවට වඩා හොඳයි අපේ රන්ජන් මහා වීරයා (සොරි නළුවා ) එක්ක එකතුවෙලා නියම ගස් වටේ කැරකෙන චිත්‍රපටියක් කරන එක .මිනිහා දුෂ්ටයා ඔයා ප්‍රේමවන්තයා .ප්‍රේමවන්තිට අර වෘෂනිකා එක පයින් ඒවි කිව්වොත්.
      රට පත්වෙලා තියෙන බයානක තත්වය තේරුම් නොගෙන මමත්වය නිසා මෙවැනි මොන්ටිසෝරි හැසිරීම් කරනවානම් ඇත්තටම පොදු විපක්ෂයේ අයිතිහාසික කාර්යභාරය පුළුවන් කෙනෙකුට බාරදීලා යන එක වඩා හොඳයි මොකද ඔයගොල්ල තමා බලයට ආවත් මමත්වය වෙනුවෙන් රට ජාතිය පාවල දෙන්නේ .
      එදා විමල් තමුන් පාසල් සමයෙ ඉඳන් වැඩකරපු පක්ෂය අතහැරලා රට ජාතිය වෙනුවෙන් එලියට බහිනවිට ඔහුත් ඉතාම තරුණ කෙනෙක් .නමුත් ඔහු පෙන්වූවා මමත්වයෙන් එහා ගිය දේශප්‍රේමිත්වය කියන්නේ මොකද්ද කියල .අද විමල් jvp එකේ හිටියනම් අනුර කුමාර එක්ක අයර්ලන්තේ අනුරකුමාරගේ නිවසට යාබද නිවස මිලට අරගෙන unp සල්ලිවලින් රජ සැප ලබාගෙන ඉන්න තිබුනා .

      • Amda says:

        ඇත්ත.
        ඒකාබද්ධයේ කවුරුහරි මේ කමෙන්ට් කියවනවානම්….මේ කතාව ඇත්ත නම්………..
        “මේක බොලඳ වෙන්න කාලයක් නෙවෙයි. මේ රටට තරුන නායකත්වයක් අවශ්‍යයි. ඒත් ඒ අය ඒ සඳහා පුද්ගලික ප්‍රශ්න අමතක කර කැපවෙලා, බුද්ධියෙන් වැඩ කල යුතුයි.
        ඔබේ දේශපාලන අනාගතය සාර්ථක කරගැනීමට නම්, ජනතා අපේක්ශා තේරුම් ගන්න. මිනිස්සු ඉල්ලන දේ තේරුම් ගන්න. රටට යහපතක් වන දේ කරන්න. ඔබේ තැන ඔබට නිකන්ම ලැබෙයි.
        එහෙම නැතුව ඔබේ රූපයට පෞරුශයට කෙල්ලො පස්සෙන් එනවා වගේ ජනතාව එන්නේ නැත.
        මහින්ද පස්සෙන් ජනතාව යන්නෙත් රූපයට නෙවෙයි, ඔහු කල කාර්ය භාරයටයි, ඔහු කෙරෙහි ඇති විශ්වාසයටයි.
        එම විශ්වාසය ගොඩ නැගීමට නම් බුද්ධියෙන් ක්‍රියාකරන්න.
        මිනිස්සුන්ට ඔබේ පුද්ගලික ප්‍රශ්න අදාල නැත.
        බොහෝ අය ජනවාරි 8 මහින්දව පැරැද්දුවේ ඔහුත් එක්ක ඇති පුද්ගලික ආරෝවන්, ඊර්ශ්‍යාවන්, කුහකකම් නිසාය.
        එහෙත් ඒවායින් අසරන උනේ ඔහු නෙවෙයි, රටයි. අපියි.
        මේ ලියන මම ජිවිතේට මහින්දව සජීවීව දැක ඇත්තේ එක් වරක් පමනයි. ඒ ඔහු අගමැති කාලයේදී.
        ඔහුගෙන් කිසිම පුද්ගලික ලාභයක් ප්‍රයෝජනයක් මට නැත.
        ඒත් මගේ දරුවන්, නූපන් මුනුපුරන් වෙනුවෙන් මේ රට ආරක්ශා කරන්නේ ඔහුම පමනක් බව මම දනිමි.
        මගේ ඩේටා සහ කාලය වියදම් කරගෙන මේ ලියන්නේ ඔහු විසින් අපට ලබා දුන් නිදහසට කලගුන සැලකීමට සහ අනාගතයේ ලබාදෙන සුරක්ශිතතාව වෙනුවෙනි.
        මගේ කාලය සහ ශ්‍රමය මහින්ද, ගෝඨා සහ යුද්ධයට දායක වුනු, අබාධිත වුනු, මියගිය සහ මුලුමහත් ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් සහ මගේ රට රැකීමට ක්‍රියා කරන අනෙක් අය වෙනුවෙන්ද කැප කරමි.

        එම නිසා කරුනාකර, ඔබට දේශපාලන අනාගතයක් අවශ්‍යනම්, හැඟීම් වලට වහල් නොවී බුද්ධිමත්ව කටයුතු කරන්න. “

    • පබුරන මුදලාලිලා says:

      ගෝල්ෆේස් මැයි රැලියට කියලා ඔය මාතර සහ දෙවුන්දර ඉන්න අයියයි මල්ලියි දෙන්නා බිස්නස් කාරයෝ 50 දෙනෙකු අල්ලා ගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නම විකුණාලා රුපියල් ලක්ෂ 100 කට වඩා එකතු කලා, එවාත් සිස්ටම් එකට වෙන්නැති අනුන්ගේ නම් විකුණලා සල්ලි එකතු කරන්නේ.

    • කොටුවේ මොහොමඩ් says:

      තාත්තයි ඩලස් බාප්පයි මාර සිස්ටම් කාරයෝ නේ ඒක නේ පුතාගේ වැඩේ ඩලස් බාප්පා නිවැරැදි කරන්න හදන්නේ. මුලු මාතරම දන්නවා ඔය කොල්ලාගේ තාත්තා මාතර මිනිස්සුගේ දේවල සිස්ටම් එකෙන් උදුරා ගත්ත හැටි.

    • සමයන් says:

      අනේ අම්මපා මුන්………… ඩලයි කාංචනයා අඩි 5 ක් උස නැහ මුන් එනවා ප්‍රබාකරන් පරද්දපු මහින්ද මහත්තයාට සිස්ටම් ප්‍රොටොකොල් කියලා දෙන්නා.

  2. jerome says:

    Dulles always try to create uneasssry problems which is no one bothers.

  3. කමල්සිරි – ඌත් ඒකාබද්දේ එකෙක් තමයි. පක්ෂේ කැඩෙනවා නම් වෙන්නේ උන් වගේ උන්ගෙන් නෙමේ…. පුද්ගලික වාසි…. තානාන්තර…. එක දමාගැනීමේ කටයුතු ආදිය සිදු කර ගැනීමට කටයුතු කරන හදවතේ උන් නිසා. උන් කරපු වැඩේ හරිම හොඳ උනාට වැඩේ කරගෙන ගියපු විදියට මූණු පොතේ එකට හිටපු කට්ටිය ගොඩක් දෙකට බෙදුනා.

    • kamalsiri kuruwita says:

      ගේ අස්සේ කුණු ලෝකෙට පේන්න එලියට දාන්නේ මොන ගොනාද ? ඊටත් මුහුනු පොතේ. ඒක නේවෙයි ප්‍රශ්නේ. මේ නුගත් අයගේ තියෙන තමන් පිලිබඳ අධි තක්සේරුව හෙවත් ගොන් අභිමානය හෙවත් “ego” එක තමයි මේ ලෙඩේ. මෙයාගේ තාත්තත් රටට වැඩක් කල මිනිහෙක් නෙවෙයිනේ. මේක මහිදටත් , ඒකාබද්දෙටත් කරපු හානියක් . ඒකාබද්දෙ අය අතරත් කා කොට ගැනීම් තියෙනවා කියන කතාව ජනතාව ට දීම තමයි මේ අදුරදර්ශී ආත්මාර්ථකාමී වැඩේන් සිද්ධ්වුනේ.

  4. මාතර මනම්පෙරි says:

    කවදා හෝ දිනයක මහින්ද රාජපක්ෂ දෙවෙනි වර ගොඩ එන්න බැරි වෙන්න විනාශ කරන්නේ ඔය ඩලස් බව අමතක කරන්න එපා.

  5. Sihala Yaka - සිහල යකා says:

    මොන්ටිසෝරි වැඩ​.

  6. kumara says:

    මුන් දෙන්නට හොඳටම පිස්සු, මාතර මුන්ගේ බුදලේ කියල හිතෙනෙවද දන්නෙනැ

  7. sampath says:

    ane meyala danna system mahinnda mahathaya wate iron certen ekaak dala e manussayata kisikenekuta lanwenna nodi minissungen ethkarala vinasa kala me kuruth karapu weda walin lamayai korahai dekama visi karanna minissunta sidda una ekai eththa

Main News