කාටුනයකින් අගමැතිව ජෝක් කලැයි එජාප මන්ත‍්‍රී ඩේලි මිරර් කතෘට තග දමයි.. කාටූනය ගලවන්නත් කියයි..

June 3, 2017 at 10:40 am | lanka C news
කාටුනයකින් අගමැතිව ජෝක් කලැයි එජාප මන්ත‍්‍රී ඩේලි මිරර් කතෘට තග දමයි.. කාටූනය ගලවන්නත් කියයි..

එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරයෙක් ඩේලි මිරර් පුවත්පතේ කතෘ කේසර අබේවික්‍රමට දුරකතනයෙන් අමතා බැන තර්ජනය කර ඇතැයි වාර්තා වෙයි.

රටම ආපදාවකට වැටී සිටියදී පුද්ගලික සංචාරයක් සදහා ඇමෙරිකාවට ගොස් සිටින අගමැති රනිල් වික‍්‍රමසිංහ ගැන උපහාසය දනවන කාටුනයක් පුවත්පතේ පල කිරීම සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයා විසින් බැන වැදී ඇති අතර එම කාටුනය වහා ඉවත් කරගන්නා ලෙසට තර්ජනය කර ඇතැයි සදහන්ය.

අගමැතිවරයා ප‍්‍රතිකාර සදහා විදෙස් ගතවුනැයි කියුවද ලක්බිම පුවත්පත විසින් අගමැතිවරයා විසින්ම කල ප‍්‍රකාශයක් උපුටා දක්වමින් සදහන් කර තිබුනේ තමනට ඇති වෙහෙස නිවා ගැනීමට සති එකහමාරක් නිදා ගැනීමට ඇමරිකාවට යන බවකි.

53 views
Main News