කුණාටුවේ දන් තත්වය මෙන්න.. තද වැසි තව දුරටත්.. නිල්වලා, ගිං, කළු ගංවතුර අවදානමේ..

December 1, 2017 at 8:40 am | lanka C news
කුණාටුවේ දන් තත්වය මෙන්න.. තද වැසි තව දුරටත්.. නිල්වලා, ගිං, කළු ගංවතුර අවදානමේ..

ශ‍්‍රී ලංකාවට බස්නාහිර දෙසින් ඇති වූ පීඩන අවපාතය මේ වන විට කොළඹ සිට කිලෝමීටර 600ක දුරකින් ආරාබි මුහුදේ ස්ථානගතව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම කුණාටුවේ බලපෑම අද දිනයේ සිට අඩු වනු ඇති වුවත් අද දිනයේද දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව, උතුර, උතුරුමැද, ඌව, මධ්‍යම පලාත්වල වැසි ඇතිවනු ඇති බවද ඔවුන් සදහන් කරයි.

මේ අතර නිල්වලා, ගිං, කළු ගංගාවල ජල මට්ටම් තව දුරටත් ඉහල යමින් ඇති නිසා පහත් බිම්වල වාසය කරන ජනතාව ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් සිටින්නැයි ආපදා කලමණාකරන මධ්‍යස්තානය ඉල්ලා සිටී.

අයහපත් කාලගුණ නිසා දිස්ත්‍රික්ක 13කට බලපෑම් ඇතිව තිබෙන අතර මේ වන විට පුද්ගලයින් හත් දෙනෙකු මරණයට පත්ව 08 දෙනෙකු අතුරුදහන්ව 26 දෙනෙකු තුවාල ලැබා ඇත.

පුද්ගලයින් 55855ක් ආපදාවෙන් පීඩාවට පත්ව සිටින අතර පුද්ගලයින් 1036 දෙනෙකු අවතැන්ව සිටී.

පූර්ණ ලෙස හානි වී ඇති නිවාස ගණන 202කි. අර්ධ ලෙස හානි වී ඇති නිවාස ගණන 3250කි.

53 views
Main News