කාතන්කුඩි නගරයේ ලස්සන දැක්කාම නගරාධිපතිතුමා දක්ෂයෙක් කියලා පේනවා…
December 17, 2021 at 3:50 pm | lanka C news
කාබනික වගාවට සාප නොකර කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමට අපේ අමාත්‍යාංශය කටයුතු කරනවා. ඒ වගේම නාගරික කසල ප්‍රතිචක්‍රීකරණය කිරීම හා කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා මේ වන විට කසල අංගන 10 ක් ස්ථාපිත කර ඇති අතර ඉදිරියේදී තවත් 12ක් ස්ථාපිත කරනවා යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
කාතන්කුඩි නගර සභාව මඟින් ස්ථාපිත කරන ලද යාන්ත්‍රික කොම්පෝස්ට් අංගනය (කව්ෂිමා) විවෘත කිරීමේ අවස්ථාව එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසීය.
එහිදී රාජ්‍ය අමාත්‍යාවරයා මෙසේද පැවසීය.
‘යාන්ත්‍රික කොම්පෝස්ට් අංගනය හෙවත් කෞෂීමා ලෙස හඳුන්වන මෙම යන්ත්‍රය කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්න දිරණ අමුද්‍රව්‍ය යොදා ගන්නා අතර ඒ සඳහා එකවර කසල ටොන් 50 ක් මෙම යන්ත්‍රයට දැමීමට හැකියාව තිබෙනවා.
මෙහි ආයු කාලය අවුරුදු 20 කට අධිකයි. කසල ටොන් 50 ක් මඟින් කොම්පෝසට් පොහොර ටොන් 12 ත් 15 ත් අතර ප්‍රමාණයක් මෙම යන්ත්‍රය මඟින් ලබා ගත හැකිය. දිවයිනේ ස්ථාන 10 ක මෙම අංගන ඉදි කර තිබෙනවා. තවත් ස්ථාන 12 ක ස්ථාපනය කිරීමට නියමිතයි.ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉහළ කොම්පෝසට් මෙම යන්ත්‍රය මඟින් ලබා දිය හැක. කැට පොහොර නිෂ්පාදනයටද මෙම යන්ත්‍රය උදව් කර ගත හැකිය.
කාතන්කුඩි නගරයට ඇතුළු වෙන කොටම අලංකාරය දැකපුවාහම නගරාධිපතිතුමා දක්ෂයෙක් කියලා පේනවා.
රටක් විදිහට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා හැටියටත් තිස් වසරක යුද්ධයක් ජය ගත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය වරයා හැටියටත් වර්තමාන රජය බලයට ගෙන ඒමට මේ රටේ ජනතාව තීන්දු කලේ අංක එක හැටියට රටේ ජාතික ආරක්ෂාව ගැන හිතලයි.
අයවැයෙන් ජාතික ආරක්ෂාව සඳහා විශාල මුදලක් වෙන් කලා, යහපාලනය ආණ්ඩුව අත් බැඳල තිබුණ බුද්ධි අංශය සක්‍රීය කලා. රටේ ආරක්ෂාව සීරුවෙන් තියලා ශ්‍රී ලංකිකයන් විදිහට සියළු දෙනාට සහෝදරත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් සාමය සමගිය සහිත පරිසරයක් මේ වන විට ඇති කරලා තියෙනවා.
සාමයක් නැතුව කිසිම දෙයක් කරන්න බැහැ. එම නිසා ජානාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා පළවන වගකීම හැටියට රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරලා රටේ සමාකාමී පරිසරය ඇති කරලා තියෙනවා.
අපිට ඊලඟට තිබුණ වැදගත් ප්‍රශ්ණය තමා ලෝකයටම වසංගතයක් බවට පත්වුණ කොවිඩ් 19 උවදුර. අපි දන්නවා ලෝකයේ අනිත් රටවල් සමඟ සංසන්දනය කරලා බලනකොට කොවිඩ් වසංගතය ඉතාමත් හොඳින් පාලනය කලා පමණක් නොවේ, එසේ කරපු පස්වන රට හැටියට ගෙන ඒමට ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා කටයුතු කලා.
රටේ ආර්ථිකයේදී මහින්ද රාජපක්ෂ මහතා එදා රට ගොඩ නැගුවා විතරක් නොවෙයි අධිවේගී මාර්ග, ගමේ මාර්ග පද්ධතිය, පාසැල්, විශ්ව විද්‍යාල, ඇළ වේලී යන සියල්ල ඇති කරලා මහජන සුභ සිද්ධිය උදෙසා කටයුතු කලා. එපමණක් නොවේ රටේ ආර්ථික වර්ධන වේගය සීයට 7.6 ට වර්ධනය කරලා තමා 2015 දී එතුමා රට භාර දුන්නේ.
අපි රට බාර ගන්නා විට රටේ ආර්ථිකය තිබුනේ සීයයට 2.3 ට. කොවිඩ් අර්බුදය, ආර්ථික ප්‍රශ්ණය යන සියල්ල තිබුණත් රටට හොඳ කාලයක් එන විදිහට හා රටේ ආර්ථිකය හොඳ අතට ගෙන එන විදිහට වැඩ පිළිවෙළක් දැන් ආරම්භ කරලා තියෙනවා.
මෙම ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීම සඳහා මුස්ලිම් සහෝදර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා දීම මෙම ආණ්ඩුවට ශක්තියක් බව මම මේ වෙලාවේ මතක් කරනවා.
ඔබ තුමන්ලා නියෝජනය කරන මන්ත්‍රීවරු ඉල්ලන සෑම වැඩපිළිවෙළක්ම අපි සැලකිල්ලට ගෙන අපේ වැඩසටහනට ඇතුළත් කරලා විෂය භාර අමාත්‍යවරයා වශයෙන් උපරිම වශයෙන් ඉටු කිරීමට මම කැපවෙනවා.
අතිගරු ජනාධිපතිතුමාගේ හරිත කෘෂිකර්මය වැඩ පිළිවෙළ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ඇති කිරීමටත්, සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත කිරීමටත් විශාල විදේශ විනිමයක් ගෙන ඒමටත්, අපේ නිෂ්පාදන පිටරට වලට යැවීමටත් උදව් වෙනවා. ඒ සඳහා අපට වගකීමක් තියෙනවා ඉතාමත් ගුණාත්මක කාබනික පොහොර සැදීමට. එම වගකීම නගරාධිපතිතුමා ප්රමුඛ මන්ත්‍රීතුමන්ලාට මන්ත්‍රීතුමියන්ට හා උප නගරාධිපතිතුමාට පැවරෙනවා.
කසළ කළමාණාකරණය කරලා ගොවි ජනතාවට ලබා දෙන පොහොර කැට පොහොර දක්වා උසස් තත්වයට ගෙන ඒමට අපිට සහයෝගය දෙන්න පුළුවන් බව නගරාධිපතිතුමා වෙත සිහිපත් කරනවා.
මේ අවස්ථාවේදී මෙම කව්ෂිමා යන්ත්‍රය ලබා දීමට සහයෝගය දුන් සියළු දෙනාට ස්තූති වන්ත වෙනවා.
මඩකලපුව දිස්ත්‍රික්කයේ තිබෙන සියළුම පළාත් පාලන ආයතන වලින් දිනකට ටොන් 50 ක උපරිම ධාරිතාවක් සපයන්න පුළුවන්. මෙම උපකරණයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගෙන ලැබෙන ආදායමෙන් කොටසක් එම සභාවලටත් ලබා දීල කටයුතු කලහොත් මෙම වැඩ පිළිවෙළ සාර්ථක කර ගන්න මෙන්ම අනෙකුත් පළාත් පාලන ආයතන වලට ආදර්ශයක් වෙන්න කාත්තන්කුඩි නගර සභාවට හැකියාව ලැබෙනවා.
මෙම අවස්ථාවට කාත්තන්කුඩි නගරාධිපති අස්වර් මොහමඩ් ෂවුර් මහතා උපනගරාධිපති මොහමඩ් ඊබ්‍රහිම් මොහමඩ් මහතා ඇතුළු මන්ත්‍රීතුමන්ලා, මන්ත්‍රීතුමියන්ලා සහභාගි විය. එමෙන්ම පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.එම්.බී.වීරසේකර මහතා ඇතුළු නිළධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.
ප්‍රසන්න අධිකාරි
මාධ්‍ය ලේකම්
ඔහොම යනකොට යනකොට සහරානුත් හොඳ දක්ෂයෙක් කියලා පේනෙයි, මොකද ඌත් ආණ්ඩුවක් පෙරලේන්නම ගේම දුන්නනේ.
අනිවා හරි නම් මුන් උගෙ පිලිමයක් හදල මල් තියන්ඩ ඕනි ඇයි මේ වගේ නීලකාස පට්ට ෆේල් හොරු රැලකට බලේට එන්න පාර නිකම්ම කපල දුන්නෙ ඌනෙ.
එහෙ ගියාම පේනවා ලස්සන.
නිකං සවුදි ගියා වගේ බං..අලි සෝක්..
ඉස්ලාම් අන්තවාදීන්ගේ කෙරුවාව එහිදී බලා ගන්න පුළුවන් ..ගෙවල් 10 එක මුස්ලිම් පල්ලියක් ..මුළු පළාතම ඉස්ලාම් කොලනියක් වගෙයි කාතන්කුඩි නගරයේ ලස්සන කියන්නේ ඒ නිසාද ? රොෂාන් ඔබවැනි දේශපාලුවෝ රටට පිළිලයක් …සිංහල භාෂාව වෙනුවට දෙමළ බස රජකරන්නේ , සිංහල මාතෘ භුමියේ ,සිංහල ජනතාව ඒ පළාතේ සුළු ජාතින් වෙලා කාතන්කුඩි අද ඉස්ලාම් කොළනියක් වගේ
Den saafith nidahas, thawa tika dawasakin Hisbullawa ayeth Negenahira Andu Kaaraya karala Shariya Vishwa vidyalayath nithi gatha kirimata yana bawa thama penne, me enne kasa kaarayek.
k.
Den saafith nidahas, thawa tika dawasakin Hisbullawa ayeth Negenahira Andu Kaaraya karala Shariya Vishwa vidyalayath nithi gatha kirimata yana bawa thama penne, me enne kasa kaarayek.
.
O
කාත්තන්කුඩි නං ඕව අරාබියෙන් දීපු සල්ලි වලින් හදපුව.තොපි දැන් බයිලගැහුවට වැඩක් නෑ.අපිට පල්ලෙහායින් එක රටයි ලෝකෙ තියෙන්නේ.ඔන්න නන්දසේනයා ඇවිත් අව් 2ක් යනකොට කොල දේ.තොපි සේරම උන්ගෙ සපත්තු ලෙවකන බල්ලො.එක පරයෙකුටවත් කටක් නෑ රටට වෙන විනාසය ගැන කතා කරන්න.තොපි සේරම මලාට පස්සෙ මේ මහපොලවෙ ගැඩිවිලි පනුවො වෙලා ඉපදින,පව්කාරයින්.
රට ඉදි ගස් දැක්කහම කාන්තාරය මතක්වෙනවා මෝඩයෝ
ඔහොම යනකොට යනකොට සහරානුත් හොඳ දක්ෂයෙක් කියලා පේනෙයි, මොකද ඌත් ආණ්ඩුවක් පෙරලේන්නම ගේම දුන්නනේ.
අනිවා හරි නම් මුන් උගෙ පිලිමයක් හදල මල් තියන්ඩ ඕනි ඇයි මේ වගේ නීලකාස පට්ට ෆේල් හොරු රැලකට බලේට එන්න පාර නිකම්ම කපල දුන්නෙ ඌනෙ.