කාත්තන්කුඩි පොලිසියේ 20ක් මාරු කරයි.. OIC ගැන පරීක්‍ෂණයක්..

June 1, 2019 at 6:28 am | lanka C news
කාත්තන්කුඩි පොලිසියේ 20ක් මාරු කරයි.. OIC ගැන පරීක්‍ෂණයක්..

කාත්තන්කුඩි පොලිසියේ සේවය කරන ලද පොලිස් නිලධාරීන් විසිදෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පොලිස් ස්ථාන වෙත මාරු කර යැවීමට කටයුතු කර තිබේ.

මෙම පිරිස මඩකළපු දිස්ත්‍රික්කයේම වෙනත් පොලිස් ස්ථානවලට මාරු කර යවා ඇත.

මෙම මාරුවීම් සිදු කර ඇත්තේ බුද්ධි අංශ නිලධාරීන් ගෙන් ලද වාර්තා පදනම් කරගනිමිනි.

මේ අතර කාත්තන්කුඩිය පොලිස් ස්ථානාධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

කාත්තන්කුඩි පොලිස් ස්ථානය සිදුවන විවිධ ක්‍රියාකාරකම් නිසා බුද්ධි අංශවලින් ද වාර්තා අනුව මෙම මාර කිරීම් සිදු කරන ලද බවද දැනගන්නට ඇත.

111 views
Main News