කාත්තන්කුඩි මෙහෙයුම් අරඹයි.. නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලයේ දෙදෙනෙක් උණ්ඩ 48ක් සමගින් අත්අඩංගුවට..

May 1, 2019 at 10:00 am | lanka C news
කාත්තන්කුඩි මෙහෙයුම් අරඹයි.. නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලයේ දෙදෙනෙක් උණ්ඩ 48ක් සමගින් අත්අඩංගුවට..

නැගෙනහිර පලාත් ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා විසින් දේශපාලන කාර්යාලයක් ලෙස භාවිත කරන ලද කාත්තන්කුඩි නගරයේ කාර්යාලයක තිබී T-56 උණ්ඩ 48ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සමගම නැගෙනහිර ආණ්ඩුකාර කාර්ය මණ්ඩලයේ යැයි කියන පුද්ගලයන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන තිබේ.

ආරක්‍ෂක අංශ විසින් කාත්තන්කුඩි නගරයේ කරන ලද මෙහෙයුම් කටයුතු අතරතුරුදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

අත්අඩංගුවට ගත් දෙදෙනා කළමණාකාර සහකාරවරයකු හා මහජන සබඳතා නිලධාරියකු ලෙස නැගෙනහිර ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ සේවය කරන්නන් වෙයි.

කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් නිවේදනයක් නිකුත් කරන ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසන්නේ අදාල උණ්ඩ තම ආරක්‍ෂක පොලිස් නිලධාරින්ට පොලිසිය මගින් නිකුත් කළ ඒවා බවයි.

අත්අඩංගුවට ගත් දෙදෙනාගේ කිසිදු සම්බ්නධයක් අදාල උණ්ඩ සදහා නැති බවද නිවේදනයේ දැක්වෙයි.

107 views

8 Comments to “කාත්තන්කුඩි මෙහෙයුම් අරඹයි.. නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලයේ දෙදෙනෙක් උණ්ඩ 48ක් සමගින් අත්අඩංගුවට..”

  1. ගිරවා says:

    හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කර වහාම ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට ගත යුතුයි
    ජනපති, වහාම අපේ රටේ අන්තවාදී මුස්ලිම් ආණ්ඩුකාරවරු මැති ඇමතිලා එම ධුරවලින් ඉවත්කරන්න එසේ නොකර මේ ඉස්ලාම් ත්‍රස්තවාදය පාලනය කල නොහැක …රටේ පළාත්වල පාලන බලය ඉස්ලාම් අන්තවාදීන්ට ලබා දී කෙසේද රටේ ඉස්ලාම් ත්‍රස්තවාදය නැතිකරන්නේ..මෙය අහසට ඉණිමං බඳිනවා වගෙයි

  2. Citizen says:

    Send these suspects to Batalanda in white vans for detail interrogation as did in 1987/88 by the same UNP.

  3. gona says:

    Isn’ this the guy who taught operating protocols to a higher ranking Navy officer in a public gathering?

  4. Sunil Aththanayake says:

    දිනපතාම රට වටින් අසුවන මෙවැනි අවි ආයුධ දෙස බලන විට අපට පෙනී යන දෙයක් ඇත .ක්‍රමානුකුලව රට පුරා වියාප්ත වෙමින් තිබු මුස්ලිම් ජනගහණය රට පුරා බලය ඇල්ලීමේ සීග්‍ර සැලසුමක නිරතව සිට ඇති බවයි ..!!! මෙම සැලසුම් පිටිපස වත්මන් මුස්ලිම් නායකයන් සිට ඇත .ඔවුන් එන එන රජයන් සියල්ලෙහිම රටේ ප්‍රධාන අමාත්‍ය ධුරයන් ඩැහැ ගනිමින් මුස්ලිම් ජන කොටසට පමණක් විශේෂ අනුග්‍රහයන් සහ වරප්‍රසාද ලබා දෙමින් සිට ඇත,සෙසු සිංහල ජන නායකයන් සිය බල තණ්හාවට රට විනාශයට ඇද දමමින් කටයුතු කළේය .එහි ප්‍රථිපල දැන් මෙසේ හමුවෙමින් පවතී …!!! අදටද රිෂාර්ඩ් බදුර්දීන් ,මුජබීර් ,හිස්බුල්ලා ,හකීම්,අසාර්ඩ් සාලි , මරික්කාර් ,වැනි මුස්ලිම් දේශපාලුවන් මේ සියල්ලට වගකිව යුතු බවට පැහැදිලි සාක්ෂි තිබියදීත් නිදහසේ සිටිමින් ජාතික ප්‍රකාශ නිකුත් කිරීමට ඉඩ දී තිබීම ඉතා භයානකය .මෙයට සියළු බල ලෝභී සිංහල දේශපාලුවන් වගකිව යුතුය.. …!!!

  5. Love nature says:

    ඉස්ලාම් නැති අයට බොරු කියන්න කුරානයේ තහනමක් නැතිලු

  6. සකල බුජං says:

    හිස් බුල්ල හිස් වචන ටිකක් කියාවි.,,,,,,,,,
    උන් දැන් අපි ලඟ නෑ,
    උන් අස්වෙලා ගොඩක් කල්,
    එහෙම කෙනෙක් උන්නෙ නෑ.

Main News