කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ ඉල්ලයි…

December 28, 2021 at 8:40 am | lanka C news
කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ ඉල්ලයි…

කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ටාර්වරයෙකු වූ මොහොමඩ් සුබයිර් මහතා එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලයි.

මුස්ලිම් කාන්තාවන්ට දීර්ඝකාලයක සිට සිදුවන බලවත් අසාධාරණය දැක තමා මෙම ඉල්ලීම කරන බව මොහොමඩ් සුබයිර් මහතා පැවසීය.

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සඳහා ඊයේ (26) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ සුබයිර් මහතා මෙම ඉල්ලීම කළේ ය.

තමා ස්වෙච්ඡාවෙන් අදහස් ලබාදීම සඳහා පැමිණි බව පැවසූ සුබයිර් මහතා අධිකරණ ක්ෂේත්‍රයේ වසර 40ක තම සේවා කාලය තුළ ලද කණගාටුදායක අත්දැකීම් සිහිපත් කරමින් මෙම ඉල්ලීම සිදු කරන බව වැඩිදුරටත් පැවසීය. විවිධ ස්වෙච්ඡා සංවිධාන, විවිධ ජන කොටස්, වෘත්තිකයන්ගේ සංවිධාන මෙන්ම සාමාන්‍ය ජනතාව නියෝජනය කරමින් පැමිණි පිරිස් කමිටුව හමුවේ අදහස් හා යෝජනා ඉදිරිපත් කළ කළහ.

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සහ බහු විවාහ මෙන්ම ආගම කොටස්වලට බෙදාගෙන සංවිධාන පිහිටුවීම තහනම් කළ යුතු බවද මොහොමඩ් සුබයිර් මහතා කාර්ය සාධක බලකාය හමුවේ අවධාරණය කළේය. බොහෝ අවස්ථාවල කාති උසාවිවල නඩු ඇසීම සිදු කරනු ලබන්නේ නීතිඥවරයෙකු නොවන කාති වරයෙකි. නීතියට අදාළ වන ලිය කියවිලි හා එසේ නොවන ලේඛන නිවැරදිව හඳුනාගැනීමට කාති වරයෙකුට නොහැකි වන අවස්ථා ඇත. එසේ හෙයින් නිසි අවබෝධයකින් හා අපක්ෂපාතීව නිවැරැදි තීන්දුව ලබා දිය නොහැකි අවස්ථා මෙන්ම එම උසාවිය මගින් ලබාදෙන තීන්දු ක්‍රියාත්මක නොවන අවස්ථාද බහුලව වාර්තා වී ඇත. මෙම උසාවි ක්‍රමය අහෝසි කිරීම මගින් නඩත්තු නඩු වලදී අදාළ ගැහැනු දරුවාට මෙන්ම, දෙමාපියන්ටද සාධාරණයක් ලබා ගැනීමට හැකියාව ඇති බව මොහොමඩ් මහතා සඳහන් කළේය.

මුස්ලිම් විවාහ හා දික්කසාද නිතිය මගින් බලවත් සමාජ හා නීතිමය අසාධාරණකම් සිදු වන බව බව පැවසූ මොහොමඩ් සුබයිර් මහතා, දැනට කාති ක්‍රමය යටතේ ගැනෙන නඩත්තු නඩු මහෙස්ත්‍රාත් උසාවිය මගින් ද, දික්කසාද නඩු දිස්ත්‍රික් උසාවිය මගින් ද සාධාරණ හා අපක්ෂපාතී ලෙස විසඳාගත හැකි බව පවසුවේය. බහු විවාහය සඳහා ඇති අයිතිය ද අහෝසි කළ යුතු බව පවසන සුබයිර් මහතා, ඒ සඳහා වන කරුණු කුරාණයේ ඇති වගන්ති ඉදිරිපත් කරමින් පැහැදිලි කළේය. ආගම කොටස් වලට බෙදා නොගන්නා ලෙස කුරාණයේ සඳහන් කර ඇති බව පවසන සුබයිර් මහතා එවැනි අවස්ථාවලට ඉඩ ලබාදීම මගින් විවිධ අන්තවාදී සංවිධාන බිහිවීමට ඉඩ ඇති බවද අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව තුළ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාද අධ්‍යනය කිරිමෙන් පසු ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර ස්වාමින් වහන්සේගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරී ඇති වගකීමයි.

මීට පෙර උතුරු හා නැගෙනහිර පළාත්වල සංචාරය කොට එම පළාත්වල ජීවත් වන ජනතාවගේ හා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුළ පිහිටා ඇති කාර්යාලයේ දී දිවයින ම නියෝජනය වන අයුරින් පැමිණි සංවිධාන හා පුද්ගලයින් ගේ අදහස් ලබා ගත්තේය.

මධ්‍යම පළාත් පළාතේ ජනතාවගේ අදහස් ලබා ගැනීම නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ සිදුවේ. කමිටුව හමුවේ අදහස් පළ කිරීමට කැමති අයෙකුට පහත් අංකයට ඇමතුමක් ලබා දීමෙන් ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගත හැක. පහත ලිපිනයට තැපැල් හා විද්‍යුත් පණිවිඩ මගින් ද අදහස් පළ කිරීමේ හැකියාව ඇති බව කමිටුවේ ලේකම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය පවසයි.

කමිටුවේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර ස්වාමින් වහන්සේ, කමිටුවේ සාමාජිකයන් වන මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, ජේෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, නීතිඥ සංජය මාරඹේ, පානි වෑවල,එරන්ද නවරත්න සහ උතුරු නැගෙනහිර පළාත් සම්බන්ධීකරණ අනු කමිටුවේ සභාපති වෛද්‍ය ජීවක බණ්ඩාර යන මහත්වරුන් එම අවස්ථාවට සහභාගි වූහ.

කාර්යාලීය දුරකථන අංකය 0112691775

කාර්යාලීය ලිපිනය
කාමර අංක 3G- 19,
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව,
කොළඹ 7
විද්‍යුත් තැපෑල ocol.consultations@gmail.com

– ජනාධිපති මාධ්‍ය අංශය

34,778 views

5 Comments to “කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ ඉල්ලයි…”

  1. උඩරට ගිවිසුම says:

    1815 ගිවිසුම ගැන කතා එපා..ඒ කාලෙ රටවල් කීපයක්…නීති කීපයක්…භාෂා කීපයක් තිබ්බෙ නෑ …මේ වෙනකොට සුද්ද ඔක්කොම වෙනස් කරල තියෙන්නෙ..

  2. බාකරන් says:

    නියම මුස්ලිම් ජනතාව මේ පාදඩ නීති වලට විරුද්ධව කතා කරනවා නම් එක රටක් එක නීතියක් හදන්න හරි ලේසියි. එහෙම උනොත් ලන්කාව තුල සමගිය උත්කර්ෂවත් අයුරින් වැඩි වනු ඇති.

  3. LION says:

    මේ රටේ තිබෙන ඊළඟ ප‍්‍රාදේශීය නීතිය වන්නේ යාපනයේ බලපැවැත්වෙන තේසවලාමයි නීතියයි. යාපනයේ අර්ධද්වීපයේ පදිංචි වූ ඉන්දියානු මලබාර් ජාතිකයන්ගේ චාරිත‍්‍රවල එකතුවක් ලෙස මේ නීතිය හැඳින්විය හැකිය. 1707 දී මෙරටට පැමිණි ඕලන්ද යටත්විජිතවාදීහු 1806 සිට තේසවලාමයි නීතිය යාපනය අර්ධද්වීපයේ පිළිගත් නීතිය බවට පත්කිරීමට බලය දුන්හ. මේ නීතිය මගින් දෙමළ සමාජයේ දේපළ අයිතිය සහ විවාහ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය පාලනය කරන ලදී. යාපනයේ ඉඩම් එම අර්ධද්වීපයෙන් එහා සිංහල හෝ යාපනේ නොවන දෙමළ අයටත් මුස්ලිම් ප‍්‍රදේශවල වෙසෙන අයටත් විකිණීම තේසවලාමයි නීතිය යටතේ තහනම්ය. ඒ අතරම දෙමළ විවාහවලදී දේපළ අයිතිය හුවමාරු වන ආකාරය ද මෙම නීතිය මගින් පැහැදිලි කර ඇත. කෙසේ හෝ වේවා කොළඹ වෙසෙන ඉඩම් වෙන්දේසිකාර මහතකු යුද්ධය නිමවීමෙන් පසු යාපනයට ගොස් විශාල ඉඩමක් කැබලි කර එය කොළඹ සිටින ධනවත් දෙමළ ජනයාට මෙන්ම සිංහල සහ මුස්ලිම් ව්‍යාපාරිකයන්ට ද විකුණුවේය. එතැනින් තේසවලාමයි නීතිය කැඩිණ. එහෙත් මේ වන විට මේ නීතිය නැවතත් යාපනය අර්ධද්වීපය තුළ බලගතු වෙමින් පවතී.

  4. DOC says:

    එක නීතියක් හදනවා නම් කාටත් හොදයි.

  5. Elmo Perera says:

    Thesawalamai is de facto Eelam.It should be abolished

Main News