කාදිනල්තුමන් එපා කියද්දී පල්ලි හදන්න කියා ලේක්හවුස් සේවක දිනක වැටුප කපයි..

May 16, 2019 at 6:48 pm | lanka C news
කාදිනල්තුමන් එපා කියද්දී පල්ලි හදන්න කියා ලේක්හවුස් සේවක දිනක වැටුප කපයි..

කතෝලික පල්ලි පිළිසකර කිරීමට කියමින් මැයි මස ලේක්හවුස් සේවක දිනක වැටුප කැපීමට ලේක්හවුස් පාළනාධිකාරිය තීරණය කර ඇතැයි ලේක්හවුස් සමාගම් ලේකම් කුමුදු ගුණවර්ධන 2019/05/13 ලේක්හවුස් සේවකයන් වෙත අභ්‍යන්තර පරිපාලන චක්‍රයලේඛයක් මගින් තිබේ.

එම චක්‍රලේඛය මගින් දන්වා ඇත්තේ දිනක මාසික වැටුප කැපීමට අකමැති (කැමති නැති) අය පමණක් දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින් ලිපියක් මගින් නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (මුදල් ) වෙත දන්වන ලෙසය.

ඒ අනුව අකමැත්ත (කැමති නැති බව) ප්‍රකාශ නොකරන සියලුදෙනා වැටුප කපා දැමීමට කැමති අය ලෙස සැලකේ. 13 දා උදෑසන 9.00 ට නිකුත් වු චක්‍රලේඛය එදින සවස 4.00 ට අකමැත්ත ප්‍රකාශ කිරීමේ කාලය අවසන් කර තිබිණි.

13 දින සේවයට නොපැමිණි සේවක පිරිස 300 පමණ බව ලේක්හවූස් වෘත්තීය සමිති පැවසීය.ඒ අයද දිනක වැටුප කැපීමට කැමති අය ගොඩට වැටී තිබිණ. එම බලවත් අසාධාරණය ගැන ලේක්හවුස් පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිතිය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ ලේක්හවුස් ස්වාධීන සේවක සංගමය සමාගම් ලේකම් වරිය වන කුමුදු ගුණවර්ධන වෙත ලිඛිතව දැනුම් දී තිබිණි.

දිනක වැටුප කැපීමේ යෝජනාව සමාගම් ලේකම්වරිය අනුව සේවක ඉල්ලීමක් බව පැවසුනද කිසිදු සේවකයකු එවැනි ඉල්ලීමක් කර නොමැත. එම ඉල්ලීම කර ඇත්තේ ලේක්හවුස් ප්‍ර්‍රවර්ධන නියෝජ්‍ය සාමාන්‍යධිකාරී වරියක් සහ ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිතියක ලේකම් වරයකුය.

මේ අතර ලේක්හවුස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මුදල් බොයිස් මහතාගේ ලේකම්වරියක වෙත ලේක්හවුස් සේවකයන් අකමැත්ත ප්‍රකාශ කළ ලිපි තනි තනිව සහ ලිස්ට් මගින් සේවකයන් 700 පමණ ලබා දී ඇති බව වෘත්තීය සමිති ප්‍රකාශ කළේය.

පසුගියදා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රකාශ කළේ පල්ලි නගා සිටුවීමට මහජන අධාර ඉල්ලා නොසිටින බවය. එවැනි මොහොතක ලේක්හවුස් සේවක දිනක වැටුප කපා දමා එකතු කරන මුදලට කුමක් කරන්නේදැයි ලේක්හවුස් සේවකයන් ප්‍රශ්න කර තිබේ.

මේ අතරතුර 2019/05/13 දින ලේක්හවුස් සමාගම් ලේකම්වරිය නිකුත්කරන ලද චක්‍රලේඛය අවලංගු කර නව චක්‍රලේඛයක් 2109/05/14 නව චක්‍රලේඛය නිකුත්කර ඇති අතර එමගින් වැටුප් කැපීමට කැමති අය ලිඛිත දන්වන ලෙස දැනුම් දී ඇත.

ඒ සමගම දෙපාර්තමේන්තු ප්‍රධානීන් සේවකයන් දන්වා ඇත්තේ මේ සඳහා කැමැත්ත නොදෙන අයට ලබන වසරේ උසස්වීම් සහ වැටුප් වර්ධක නොදෙන බවය. එහෙත් සේවකයන් බහුතරය 15 දින වන විට වැටුප් කැපීමට කැමැත්ත පළකර නැති බව වෘත්තීය සමිති තහවරු කළේය.

41,794 Viewers

6 Comments to “කාදිනල්තුමන් එපා කියද්දී පල්ලි හදන්න කියා ලේක්හවුස් සේවක දිනක වැටුප කපයි..”

  1. Gamini says:

    නැව ගිලුනත් බෑන් චූන්….
    අනේ මෙහෙම බල පෙරේත කමක්….
    මේ වෙසක් මාසෙ….

  2. Suren says:

    It is because the chairman of Lake House is a catholic who was accused of spending millions for Christmas decorations. Sack this man, one of Sirisena’s henchman.

  3. Gayantha says:

    එහෙම ඕන ඕන විදියට පුද්ගලික කාරනා වලට පඩි කපන්න බෑනේ. කැමති අයට පුලුවන් දැනට තියෙන ඒවට ආදාර කරන්න මොකටද බලෙන් කපන්නේ.
    මේ වගේ හොර තක්කඩි එල්ලන්න් ඕන.

  4. David Milli-banda says:

    For repairs of churches, the Vatican and overseas catholics through their countries churches will send the money.
    Lake house focus on printing the truth.

    • Sanuka Jayavilal says:

      ලේක්හවුස් ප්‍ර්‍රවර්ධන නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරිය සදහන් කර ඇති දේ වැටුප කැපීමේ යෝජනාව සහ කතෝලික පල්ලි පිළිසකර විරුද්ද බවය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මුදල් බොයිස් මහතා විසින් ද එය තහවරු කර ඇති බව සේවකයෝද දන්නවා නමුත් දිනක වැටුප කැපීමේ යෝජනාව සමාගම් ලේකම්වරිය විසින් ගෙන ආ චක්‍රයලේඛයක්ය.

  5. Aru says:

    මෙතන තියෙන්නේ ආගම් වාදයක්. හරිම කැතයි.වැදගත් තැනකින් මේ වගේ දේවල් අහන්න ලැබීම දුකක්.

Leave a Comment

Main News