කාන්තාවකගේ මළ සිරුරක් ලිදකින් හමුවෙයි..

August 19, 2018 at 6:49 pm | lanka C news

මුලතිව් පුදුකුඩිඉරිප්පු කෝම්බාවිල් ප්‍රදේශයේ ළිඳක තිබි මහළු කාන්තාවගේ මළ සිරුරක් ඊයේ (18) සොයාගත් බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ වයස අවුරුදු 78 ක් සුබ්‍රමණියම් කාර්තිකේසු නැමති කාන්තාවගේ මළ සිරුරක් වගා ළිඳක තිබි එලෙස සොයාගත් බවයි.

අදාළ කාන්තාව පසුගිය 08 වැනිදා සිට සිය නිවසේ සිටියදී අතුරුදහන්ව ඇති බවට මියගිය කාන්තාවගේ පුතා විසින් පොලිසිය වෙත දන්වා තිබු අතර ප්‍රදේශයේ වගා ළිඳකින් සිය වගාවට ජලය ලබා ගැනීමට ගිය පුද්ගලයෙකු ළිඳ තුළ මළ සිරුරක් පවතින බවට පොලිසිය වෙත දැනුම්දීමෙන් අනතුරුව අදාළ මළ සිරුර සොයා ගැනීමට හැකිවු බවද පොලිසිය සදහන් කළේය.

ප්‍රදේශවාසීන් පැවසූවේ මියගිය කාන්තාව සියදිවි නසා ගැනීමට ළිඳට පැන ඇති බවට සැක පළ කරන බවත් මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහලේ තැන්පත් කොට ඇති අතරල සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16 views