කාන්තාවන්ගේ බූරු පොළ පොලිසියෙන් වටලයි…

August 9, 2022 at 6:20 pm | lanka C news
කාන්තාවන්ගේ බූරු පොළ පොලිසියෙන් වටලයි…

බෙන්තොට මද්දවෙල ප්‍රදේශයේ කලක පටන් කාන්තාවකගේ නිවසේ පවත්වාගෙන ගිය මුදල් ඔට්ටුවට බූරුවා ගැසු සූදු පිටියක් කාන්තාවන් හතරක් ඇතුළු හත්දෙනකු සමග බෙන්තොට පොලිසිය(8)රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කියයි.

මෙම බූරුවා පිටිය කලෙක පටන් කාන්තාවන්පමණක් එකතුව සිදුකර තිබෙන අතර පොලිසියට ලද තොරතුරක් මත මෙම සුදු පොළො වටලන අවස්ථාවේ පිරිමින් තිදෙනෙකු ද කාන්තාවන් සමග හරි හරියට බූරුවා ගැසීමට මෙම නිවසේ සූදු කෙළීමට පැමිණ සිට ඇත.

සුදු පල මෙහෙයවු කාන්තාව ඇතුළු සැකකාර සැකකාරියන් හත්දෙනා අඩංගුවට ගැනීමට කටයුතු කර බව බෙන්තොට පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් කාන්තාවන් සිව් දෙනා වයස තිහත් තිස්පහත් අතර වන අතර පිරිමි පුද්ගලයන් තිදෙනා වයස තිහත් හතළිහත් බව පොලිසිය කියයි.

මුදල් ඔට්ටුවට බූරුවා ගැසීමේ චෝදනාවමත අත්අඩංගුවට ගත් සැකකාරපිරිස රාත්‍රියේම පොලිස් ඇප මත මුදාහැර බලපිටිය අධිකරණ ටඉදිරිපත් කිරීමටත් දින නියම කර තිබේ.

– තුසිත කුමාර ද සිල්වා

6,592 views

2 Comments to “කාන්තාවන්ගේ බූරු පොළ පොලිසියෙන් වටලයි…”

  1. ARA - GALA - YA says:

    poddak balanna HIRUNIKA hitiyada kiyala !!!!

    • Jaya Pushpakumara says:

      Hitala tikakata kalin Ranil Go Home kiyanna gihin… aparade umma ekak ganna thibula polisiyata…

Main News