කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හා අනාරක්ෂිත ගබ්සාවන්ට එරෙහිව විරෝධතා…

November 27, 2018 at 8:02 am | lanka C news
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හා අනාරක්ෂිත ගබ්සාවන්ට එරෙහිව විරෝධතා…

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් වව්නියාවේදී කාන්තා සංවිධාන කිහිපයක් විසින් විරෝධතාවක් සංවිධානය කොට තිබුනේ කාන්තා හිංසනය පිටුදැකීම හා අනාරක්ෂිත ගබ්සාවන් නැවත්වීමට බලධාරීන්ගේ අවධානය යොමු වීම පිණිසය.

වව්නියාවේ සහ කිලිනොච්චිය දිස්ත්‍රීක්කයන්හි ඇගලුම් සේවිකාවන්ගේ සංගමයක් හා වව්නියාවේ ස්වේච්ඡා කාන්තා සංවිධානයක් විසින් මෙම විරෝධතාවය වව්නියාව නගරයේ සංවිධානය කොට තිබුණි.

විරෝධතාවය වෙනුවෙන් සහභාගී වූවන් කියා සිටියේ,

‘මෙ වන විට උතුරු පලාතේ කාන්තා හිංසනය වැඩි වීමේ අවධානමක් පවතින අතර ඒ සඳහා කුඩා ගැහැනු දරුවන් ගොදුරු වීමේ වැඩි අවධානමක් පවතින බවටයි. එමෙන්ම  පවුල් සැලසුම් නොමැති වීමත් මගින් උතුරු පලාත තුල ගබ්සා කිරීම් වැඩි වී ඇති අතරම එහිදී අනාරක්ෂිතව සිදු කෙරෙන ගබාසාවන් හේතුවෙන් බොහෝ ගර්බනී කාන්තාවන් අනතුරුවලට මුහුණ පාන අතරම ඇතම් කාන්තාවන් මිය යාමේ තත්වයකටද මුහුණ පාඇති හෙයින් මෙම තත්වයන් පාලනය කිරීමට වාහාම අදාල බලධාරීන් පියවර ගත යතු බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

166 views
Main News