කාන්තාවන්ට මත්පැන් මිලට ගන්න ඔ්නෑ.. මංගලගේ මත්පැන් ගැසට්ටුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

January 26, 2018 at 6:28 am | lanka C news
කාන්තාවන්ට මත්පැන් මිලට ගන්න ඔ්නෑ.. මංගලගේ මත්පැන් ගැසට්ටුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2018 / 01 / 10 දින ඉදිරිපත් කල ගැසට්ටුව ජනාධිපතිවරයාගේ බලපෑම් මත නැවත අහෝසි කිරීම සහ එමගින් සිය මූලික අයිතිවාසිකම් කඩ වීමට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම නීතීඥ සුපුන් විශ්වබුද්ධි හේවාගමගේ සහ නීතීඥ ලක්ෂාන් ඩයස් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද දින ගොනුකර ඇත.

මංගල සමරවීර අමාත්‍යවරයා, සුරාබදු කොමසාරිස්වරයා, නීතිපති, අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා ඇතුළු හය දෙනෙක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පෙත්සම්කාරියන් සහ පෙත්සම්කරුවන් වන්නේ නදීකා බණ්ඩාර, රුවිනි තල්පාවිල, ඉදුනිල් කංකානම්ගේ, කේ.කේ. සමන් කුමාර, විරාජ් ලියනආරච්චි, ප්‍රියාන් ආර් විජේබණ්ඩාර, ජෙහාන් ශ්‍රී කාන්ත අප්පුහාමි ඇතුලු 13 දෙනෙකි.

ස්ත්‍රීන්ට මත්පැන් මිලදී ගැනීමට ඇති අයිතිය අහෝසි කිරීම නිසා ආණ්ඩුක්‍ර‍ ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් හි 12 (2) හි සදහන් වන කිසිම පුරවැසියෙක් ස්ත්‍රී පුරුෂ භේදය මත වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොකල යුතුය යන අයිතිවාසිකම කඩවන බව පෙත්සමෙහි දක්වා ඇත. එමෙන්ම 14 (1) උ ප්‍ර‍තිපාදනය යටතේ එන මූලික අයිතියක් වන තමන් කැමති රැකියාවක නිරත වීමේ පුරවැසි නිදහසද මෙම ගැසට්ටුව අවලංගු කිරීම මගින් ස්ත්‍රියක වීම නිසාම තමන්ට අහිමි වන බව මෙහි දක්වා ඇත.

ඉතා පැරණි නීතියක් වන මෙය ඉන්පසු ගෙන ආ 1978 ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ මූලික අයිතීන්ට පටහැනි වන බව පෙන්වා දෙන මෙම පෙත්සම ලංකාවේ වැඩිම මත්පැන් බලපත්‍ර‍ ලබාගෙන ඇත්තේ ස්ත්‍රීන් බවද එබැවින් මෙම නීති අතාර්කික බව පවසයි. පුරුෂයින්ට අදාල නොවන නීති ස්ත්‍රීන්ට අදාල වීම මගින් සමානත්වයේ අයිතිවාසිකම තමන්ට අහිමි වන බව පෙත්සම්කරුවන් පවසා සිටී.

ස්ත්‍රීන්ගේ ප්‍ර‍ගතිය උදෙසා නීති සෑදිය හැකිය යන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා ප්‍ර‍තිපාදනය මෙහිදී අදාල නොවන බවත් කාන්තාවක වීම නිසාම අයිතිවාසිකම් අහෝසිකිරීමකට එකී ප්‍ර‍තිපාදනය යොදා ගත නොහැකි බවත් මෙමගින් පෙන්වා දී ඇත.

එමෙන්ම මෙම නීති යුධ සහ නාවික රෙගුලාසි යටතේ පවත්වාගෙන යන ආපනශාලා, අලෙවිසල් හෝ තැබෑරුම් සදහා අදාල නොවන බව සුරාබදු ආඥාපනතෙහි 5 වගන්තියෙහි දක්වා ඇති බව; එනිසා ත්‍රිවිධ හමුදාවෙහි සිටින කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමේ සහ ඒවායෙහි සිට මත්පැන් පරිබෝජනය කිරීමේ හැකියාව ඇති බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

එය අනිකුත් ලාංකීය ස්ත්‍රී වර්ගයාට සිදුකල විශාල වෙනස්කමක්ද වන බව පෙන්වා දෙන ඔවුන් පෙන්වා දෙන්නේ මත්පැන් මිලදී ගන්නවාද, පරිභෝජනය කරනවාද යන්න තම අභිමතය අනුව සිදුවිය යුත්තක් බවත් එයට සීමාවන් නියම කිරීමට කිසිවකුට නොහැකි බවයි.

– සුපුන් ගමගේ

130 views

17 Comments to “කාන්තාවන්ට මත්පැන් මිලට ගන්න ඔ්නෑ.. මංගලගේ මත්පැන් ගැසට්ටුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..”

  1. sumali says:

    ලංකාවේ වැඩිම මත්පැන් බලපත්‍ර‍ ලබාගෙන ඇත්තේ ස්ත්‍රීන්……..????????

    That means ladies are the most corrupted in Sri Lanka and they don’t live according to a religion even

    • තාරුකා says:

      ……………….”ආණ්ඩුක්‍ර‍ ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් හි 12 (2) හි සදහන් වන කිසිම පුරවැසියෙක් ස්ත්‍රී පුරුෂ භේදය මත වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොකල යුතුය යන අයිතිවාසිකම කඩවන බව පෙත්සමෙහි දක්වා ඇත.”…………………

      එම නිසා “ස්ත්‍රී දූෂනය” වෙනුවෙන් පනවා ඇති නීති වෙනස්කර එය “ස්ත්‍රී/පුරුෂ” දූෂනය යනුවෙන් වෙනස්කල යුතුය. පිරිමින්ටත් ප්‍රසූත්‍ර නිවාඩු ලබාදියයුතුය.
      .

      • Kamal says:

        තාරුකා ගොනා වුනාට උම්බැ කියන්න එපා බන්.

      • Sanidu Sooriarachchi says:

        පිරිමින්ට ළමයි ලැබීමේ අයිතිය ලබා ගන්න කාට හරි නඩුවක් දාන්න බැරිද තාරුකා. අයිතිවාසිකම් කායික වෙනස්කම් වලට වඩා වැදගත්නේ.

  2. Lanka says:

    The real fac is the ladies did not take any bar licence by themselves.But most Politician has taken it under their wife’s name.This is the one now they are trying to justify.This is Sri Lanka Ha….

  3. රාහුල මල්ලී says:

    මේ විදිහට ගියොත් ගණිකා වෘත්තියේ යෙදීම හෝ නොයෙදීම ස්ත්‍රීන්ට ඇති අයිතියක් යැයි උසාවියේ ඉදිරියේ නඩු වැටුනොත් ඒකත් පුදුමයක් වෙන්න දෙයක් නෑ… නමුත් ඡාතියක් හැටියට අපි ආරක්ෂා කර ගත යුතු සංස්කෘතියක් තියෙනවා.. රටක සංස්කෘතිය කඩා වැටුනොත් බිහි වන්නේ වනචාරි තත්ත්වයක්…

    • Kamal says:

      පිරිමින්ට විතරක් ඒ සන්ස්කෘතිය අදාලම නෑ 😀

      • Boo says:

        Kamal, පාහර සුද්දො ඇවිත් පිරිමින්ටත් පුරැදු කරපු බොන සංස්කෘතියෙන් පිරිමින්වත් බේරගන්න මිසක් කල යුත්තේ දැනට යාංතං බේරිලා ඉන්න ගෑනුංවත් කරදරේ දාන එක නෙමෙයි.

        • Kamal says:

          දැන් ලංකාවෙ ගෑනු නොබී හිටියෙ ඔය නීතිය තිබුණ නිසාද? නිකමට කියපන් ඔහොම නීතියක් තියෙනව කියල උබවත් දැනගෙන හිටියද? 😀 😀

          • Boo says:

            ඇත්තෙන්ම දැනගෙන හිටියෙ නෑ බං. ඒත් දැන් දන්න නිසා නොදන්නවා වගේ ඉන්න බෑ, මට බොරැවට රගපාන්න බැරි නිසා.

            අනික, ලංකාවෙ කුඩු ගහන්න තහනම් ඒත් මිනිස්සු කුඩු නොගහ ඉන්නෙ ඒ නීතිය නිසාම නෙමෙයිනෙ. එතකොට උඹේ තර්කය අනුව ලංකාවෙ කුඩු ගහන්න තහනම් නීතිය අයින් කරන්න වෙනවා. මොකද නීකිය අයින් කලා කියල මිනිස්සු කුඩු ගහන්නෙ නැති නිසා.

    • Boo says:

      එහෙම බිහිවුනු වනචාරින් තමයි ඔය නඩු දාලා තියෙන්නෙ. උන්ට සදාචාරයක් නෑ. සුද්දා කිවුවොත් ඒ ඕන දෙයක් හරි, උන් කිවුවොත් දෙකට නැමිලා අල්ලගෙන ඉදියි ඉදා කියලා.

  4. sun says:

    මෙම ප්‍රශ්නයේ ඇති යතාර්ථය හදුනා නොගෙන පුහු තර්ක ගෙනෙමින් දේශපාලන වාසි ගන්න දතකන අයවලුන්නම් බොහෝය. නමුත් මෙහි ගැබ්ව ඇති තිත්ත ඇත්ත නම් අප සමාජයේ පිරිමින් තවමත් ඉතා නොදියුණු මනසකින් යුත් ප්‍රාථමික සත්ත්ව කොට්ටාශයක් බවයි. සම තැන වේවා නිසි තැන වේවා කාන්තාවන් ලැබිය යුතු තැන නිර්ණය කල යුත්තේ කාන්තාවන් මිස ඉහත කී පිරිමින් විසින් නොවේ. රටේ ජනාධිපති පුටුවේ වාඩි වී සිටින්නේත් එවැනි කාලකන්නියෙක් වූ තැන කාන්තා විමුක්තිය සිහිනයක්ම වනු නොඅනුමානය.

    • Boo says:

      කාන්තාවට අද ලංකාවෙ අඩු වෙලා තියෙන ප්රධානම අයිතිය තැබෑරැමේ බොන එකයි කියල කියන උං හිතං ඉන්නෙ උන් හරි උගත් මනසක් තියෙන උන් කියල. උන්ට නං පිස්සං කොටුවෙ පිස්සසොත්ම එක්ක සම තැන දිය යුතුයි.

      • Kamal says:

        මේක අරක්කු බොන ප්‍රශ්නයක් නෙවේ ඕයි. ගෑනුන්ට විතරක් තහනම් නීති දාන ප්‍රශ්ණෙ. තහනම්නම් දෙගොලන්ටම තහනම් කරන්න ඕන.

  5. indunil says:

    keless depirisatama poduwae…….

  6. wr says:

    ස්ත්‍රීන්ගේ ප්‍ර‍ගතිය උදෙසා නීති සෑදිය හැකිය” යන්න වහා අහෝසි කරනු,, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිරිමින්ට අනිසි බලපෑ ම් කිරීමක් කර පිරිමින්ගේ කරමතින් අයිතිවාසිකම් දිනා ගත නොහැක. පිරිමින් මතින් මොවුන් ට සම අයිතිවාසිඅකම් ලබාදීම සාධාරණිය කරණය කල හැකිද?..

Main News