කාන්තාවන්ට වෙන්වු දුම්රිය මැදිරි සේවාව අද සිට.. හිරුණිකාත් කෝච්චියේ..

March 8, 2019 at 6:48 pm | lanka C news
කාන්තාවන්ට වෙන්වු දුම්රිය මැදිරි සේවාව අද සිට.. හිරුණිකාත් කෝච්චියේ..

කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි සේවාව අද සිට ආරම්භ විය. ලෝක කාන්තා දින සැමරුමට සමගාමීව එහි ජාතික උත්සවය අද උදෑසන ‍පැවැත්වුණේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී වේ. ඒ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතගේ ප්‍රධානත්වයෙනි.

ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද මේ අවස්ථාවට එක් වූහ.

කාර්යාලීය වේලාවන්හිදී ශ්‍රී ලංකා දුම්රිය සේවාව භාවිත කරන මගීන්ගෙන් සියයට පනහකට අධික ප්‍රමාණයක් කාන්තාවන් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය කළ සමීක්ෂණයකදී මේ වන විට හෙළිව තිබේ. එම සමීක්ෂණයේදී වැඩිදුරටත් අනාවරණය වූයේ දුම්රිය මැදිරි තුළදී වයස් සීමාවන් නොතකා සියලුම කාන්තාවන් විවිධාකාරයේ මානසික සහ ශාරීරික පීඩාවන්ට ගොදුරු වන බවයි. එම තත්ත්වය සහ කාන්තාවන් කළ ඉල්ලීම්ද සැලකිල්ලට ගෙන කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි සේවාව ආරම්භ කිරීමට පියවර ගත් බව අද පැවැති ජාතික උත්සවයේදී ප්‍රවාහන සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

“අපි පාසල් යන කාලයේදී කාන්තාවන් සඳහාම වෙන් වූ දුම්රිය මැදිරි සේවාවේ යොදවා තිබුණා. නමුත් පසුකාලීනව එම මැදිරි සේවාව නැතිව ගියා. නමුත් දැන් නැවත වරක් බොහෝ අයගේ ඉල්ලීමක් තියෙනවා කාන්තාවන් සඳහාම වෙන්වූ මැදිරි සේවාවක් පවත්වාගෙන යන්න කියලා. ඒ අනුව තමයි අද අපි මේ සේවාව ආරම්භ කළේ. මේ මැදිරි සඳහා කාන්තා දුම්රිය ආරක්ෂක නිලධාරීන් යෙදවීමට කටයුතු කර තිබෙනවා. නමුත් මම මෙතැනදී එක් දෙයක් අවධාරණය කරනවා. අපි කාන්තාවන්ට විශේෂයෙන්ම ගරු කරන ජාතියක්. රටක්. අපි අම්මට කියන්නේ ගෙදර බුදුන් කියලා. අපිට වගකීමක් තියෙනවා අපිට ජීවය දෙන කාන්තාව ආරක්ෂා කරන්න. ඒ වගකීම තමයි අද අපි මේ ඉටු කරන්නේ…”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි හඳුන්වා ‍දීමේ ව්‍යෘපෘතිය සිදුවන්නේ අදියර කිහිපයක් යටතේ වේ. එහි පළමු පියවර යටතේ අද සිට කාර්යාල වේලාවන්හිදී ධාවන කෙරෙන දුම්රිය හතක් සඳහා එම මැදිරි එක් කර ඇත. ඒ අනුව අලුයම පහට මාතරින් කොළඹටත් සවස 4.40ට කොළඹින් මාතරටත් ගමන් කරනා සාගරිකා දුම්රිය, අලුයම 04.20ට ගාල්ලෙන් කොළඹටත් පස්වරු 05.20ට කොළඹ කොටුවෙන් ගාල්ලටත් ගමන් කරනා සමුද්‍රදේවි දුම්රිය මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාන්තා මැදිරි එක්කළ දුම්රිය වේ. පෙරවරු 04.45ට මහව දුම්රිය ස්ථානයෙන් කොළඔ කොටුව දක්වා ධාවනය ආරම්භ කෙරෙන මහව කාර්යාල දුම්රිය සඳහාද කන්තාවන් සඳහා වන දුම්රිය මැදිරියක් වෙන් කර ඇත. මෙම දුම්රිය කොළඔ කොටුවෙන් පස්වරු 06.00 ට මහව දක්වා ගමන් කරනු ඇත.

පෙරවරු 04.30ට බංගදෙනිය – පුත්තලම සිට කොළඹ කොටුවටත් පස්වරු 05.14 ට කොළඔ කොටුවෙන් පුත්තලමටත් ධාවන කෙරෙන බංගදෙනිය දුම්රිය, පෙරවරු 05.57 ට රඹුක්කන සිට කොළඔ කොටුවටත් පෙරවරු 05.57 ට කොළඹ කොටුව සිට රඹුක්කනටත් ධාවන කෙරෙන රඹුක්කන දුම්රිය, පෙරවරු 05.25ට මීරිගමින් කොළඹ කොටුවටත් පස්වරු 05.25ට කොළඹ කොටුවෙන් මීරිගමටත් ධාවන වන මීරිගම දුම්රියද කාන්තාටම වෙන්වූ දුම්රිය මැදිරි එක්කළ දුම්රිය වේ. ඉදිරියේදී ලැබෙන ඉල්ලීම් සහ අවශ්‍යතාව මත තවත් දුම්රිය සඳහා කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි එක් කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවේ අපේක්ෂාවයි. එහි සාර්ථකත්වය මත මෙම සේවාව බස්රථ ප්‍රවාහන සඳහාද ඉදිරියේදී හදුන්වා දීමට අපේක්ෂා කරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම උත්සවයට දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ඇතුළුව සම්භාවනීය අමුත්තන් රැසක් එක් වූහ. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අධීක්ෂණ මන්ත්‍රීතුමිය වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා එම දුම්රියේ ගමන් කරමින් මහජන අදහස් විමසා බැලීමද සිදු කළේය.

– තමීර මංජු

28,344 Viewers

13 Comments to “කාන්තාවන්ට වෙන්වු දුම්රිය මැදිරි සේවාව අද සිට.. හිරුණිකාත් කෝච්චියේ..”

  1. Love nature says:

    ථෙරවාදී බුදුදහමේ ආභාෂ ලැබූ ලංකාව, බුරුමය, තායිලන්තය, ලාඕසය වැනි රටවල්හි ජීවත් වන කාන්තාව ඈත අතීතයේ පටන්ම සමාජයේ ගෞරවයට පාත්‍ර වූ පිරිමියාට සහිත වරප්‍රසාද ලැබූ තැනැත්තියක් බවට පෙරදිග සංක්‍රමණය කළ අපරදිග විචාරකයන්ගේ වාර්තාවලින් මනාව පැහැදිලි කර ඇත. 1930 අයි.බී. හෝනර්මැතිණිය, ආදී බුදු දහමේ කාන්තාව යනුවෙන් මුද්‍රිත ග්‍රන්ථයෙහි ථෙරවාදී බුදු දහම පවත්නා ශ්‍රී ලංකාව තායිලන්තය, බුරුමය, වැනි රටවල කාන්තාවන්ගේ තත්ත්වය සලකා බලනවිට බෞද්ධ කාන්තාව ඉහළ වරප්‍රසාද ලබා ඇති බව පෙන්වා දී ඇත.

    • AK47 says:

      යකෝ එංගලන්තෙ වත් නෑ කාන්තාවන්ට පමණක් මැදිරි.

    • ඩැන්ඩෝ says:

      අනේ මේ හිතළු කියවන්නේ නැතුව ඉන්න – සුදු ජාතිකයන්ගේ වාර්තා අනුව සිංහලයන් ගැහැණු ළදරුවන් මරා දැම්මා – එකගෙයි කෑම වගේ චාරිත්‍ර බිහිවුනේ ගැහැණු හිඟය නිසයි
      හරි අපූරුවට සලකලා තියෙන්නේ

    • Love nature says:

      තායිලන්තය නොහොත් සියම් දේශය ලොව ප්‍රමුඛතම ථෙරවාදී බෞද්ධ රාජ්‍යයයි. එරට ජනගහනයෙන් 94% ක්‌ බෞද්ධයන් වීම සුවිශේෂය. ශ්‍රී ලංකාවත් තායිලන්තයත් අතර ඇති ආගමික සබඳතා වසර සිය ගණනක්‌ ඈතට දිවයයි.

    • Love nature says:

      පාලි ධර්ම ග්‍රන්ථ අසුරු කරන ථේරවාදී බුදුදහ‍ම කාම්බෝජය, ලාඕස්, තායිලන්තය, ශ්‍රී ලංකාව හා බුරුමයේ ප්‍රධානම බුදුදහමයි. ඉන්දියාවේ දාලිත් බෞද්ධ සංගමයද, අනුගමනය කරන්නේ ථේරවාදි බුදුදහමය.
      චීනය, ජපානය, කොරියාව, තායිලන්තය, සිංගප්පුරුව හා වියට්නාමයේ පවතින්නේ චීන බසින් ධර්ම ග්‍රන්ථ ලියවුණු මහායාන බුදුදහමයි.
      ටිබෙට් භාෂාවෙන් ලියවුනු ටිබෙට් බුදුදහම ටිබෙටයේ, ඉන්දියාව, භූතානය, මොංගෝලියාව, නේපාලය හා රුසියානු සමුහාණ්ඩුවේ දක්නට ලැබේ.

      ආගමික සංඛ්‍යාන සම්බන්ධ වෙබ් අඩවියකින් පවත්වන ලද සංගණනයකින් හෙලි වුයේ ඉහත සඳහන් ප්‍රධාන සම්ප්‍රදායන් තුනට පිළිවෙලින් මිලියන 124, 185 හා 20 පමණ බැතිමතුන් සිටින බවයි.

      වර්තමානයේ බුද්ධ ධර්මය ලොවපුරා ව්‍යාප්තව ඇති අතර බෞද්ධ ග්‍රන්ථ විවිධ භාෂාවලට පරිවර්තනය වී ඇත. බටහිර රටවල්වලදී බුදුදහම විදේශීය හා ප්‍රගතිශීලි ලෙස සළකන අතර නැ‍ගෙනහිර දී එය සංස්කෘතියේම කොටසකි. ආසියාවේ බුදුදහම මනා සංවිධානයකින් යුක්තවන අතර රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙයි. සමහර රටවල එය නිලවශයෙන් පිළිගත් ආගමක් වේ. බටහිරට එය වර්ධනය වන අධ්‍යාත්මික දර්ශනයකි.

  2. Magiyaa says:

    කොතරම් හොඳ දෙයක් වුනත් අනිත් දුම් රිය මැදිරි වලින් කාන්තාවන්ට ඉවත් වන්න කෙරෙන බලකිරීම් වැඩි වේවි.

  3. Mangala says:

    කාන්තාවන්ට පමණක් දුම්රිය මැදිරි …එතකොට අනිත් ඒවා පිරිමින්ට … සමනලුන්ට මැදිරි නැද්ද ..අපිත් human නේද …අපිට විතරද අයිතීන් නැත්තේ .,?

  4. samarisi says:

    Narakada ara Samarisi ksttiyatath pettiyak ven kaloth.

  5. KP says:

    මට තියෙනවා ගොං ප්‍රශ්න කීපයක්
    1. දුම්රියේ යන 50% කට වැඩි පිරිස කාන්තාවන් නම් වඩා ලේසි නැද්ද එක මැදිරියක් දෙකක් පිරිමින්ට විතරක් තියෙලා අනික් සේරම කාන්තාවන්ට දුන්නා නම්?
    2. එක මැදිරියක් ඔය යන කාන්තාවො සේරටම ඇතිද? ⁣අනික් මැදිරි වල යන කාන්තාවන්ට ආරක්ෂාව කොයින්ද?
    3. ගෙදරදි කාන්තාවො අපහසුවට පත්වෙන නිසා ⁣කාන්තාවන්ට වෙන්වූ ගෙවල්ද, මංමාවත් වලදි එහෙම වෙන නිසා කාන්තාවන්ට වෙන්වූ මාවත් ද, වෙන එකක් තියා කාන්තාවන්ට වෙන්වූ රටක්ද හැදුවොත් නරකද?
    4. අරාබියෙ දඬුවම් මෙහෙ අපරාධ වලට ගේන්න හදනවා වගේම අරාබියෙ කෙරෙන දේවල්ද එතකොට හරියටම හරි?

  6. Fass says:

    Ehenam anith eka pettiyakatawath gaanu Aya nageema thahanam karamu

  7. මැදිහත් මනස says:

    පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම ..

  8. Ranga says:

    me wanahi batahira “convent” sankalpayamayi. gahanu iskola, pirimi iskola ketiyenma.

    Ape kollo kello gan dele ekata hamuwenawa. Nanawa. Mewa therum ganna bari, Bawuddha sanskruthika prawahaya therum ganna bari “koken” cabinet eka gena olmorondam wisandum mewa.

    Redi nenda redi hodaddhi duth ekka kollo gange e thotupalema nawe nadda.

    Mewata uttara denna “bayyekma” raja putuwe wadi karawamu. Jaya wewa.

  9. wdf says:

    සුව පහසු ප්‍රවාහන සේවයක් ජනතාවට ලබා දීමට අසමත් රජයක්, මේ වගේ සිල්ලර දේවල් කරලා තමන්ගේ නොහැකියාව වහගෙන ලකුණු දාගන්න හදනවා නම් ලැජ්ජයි !??

Main News