කාන්තාව වැනි වැනි ඇවිත් මගෙ කැබ් එකේ හැප්පුනා.. මං බිවුවේ නෑ.. පොලීසිය කියන්නේ බොරු..- ලාල් කාන්ත ‘පරම සත්‍ය’ හෙලි කරයි..

March 7, 2019 at 10:26 pm | lanka C news
කාන්තාව වැනි වැනි ඇවිත් මගෙ කැබ් එකේ හැප්පුනා.. මං බිවුවේ නෑ.. පොලීසිය කියන්නේ බොරු..- ලාල් කාන්ත ‘පරම සත්‍ය’ හෙලි කරයි..

තමන් ගමන් ගත් වාහනයේ කාන්තාව විසින් පාලනයකින් තොරව පදවන ලද මෝටර් සයිකලය හැපුණු නිසා වූ රිය අනතුරක් නිසා තමන් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාක කේ.ඩී. ලාල් කාන්ත මහතා සදහන් කරයි.

පොලීසිය සම්බන්දයෙන් මෙරට ජනතාව තුල විශ්වාසයක් නැති බවත් ඔවුන්ට ගොරකා දඩමස් කිරීමට මෙන්ම දඩමස් ගොරකා කිරිමටද හැකි යයි ඔහු පවසයි.

බීමතින් රිය පදවා දෙදෙනෙකු අනතුරට පත් කලේ යයි එල්ල වූ චෝදනා මත රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද ඔහු අද දිනයේ ඇප මත නිදහස් වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව සදහන් කලේය.

කෙසේ නමුත් තුවාල ලත් කාන්තාව ගැන කණගාටු වන බවත් රිය අනතුර වලක්වා ගැනීමට නොහැකි වීම ගැන කණගාටු බවත් ඔහු එහිදී පැවසීය.

තමන් මත් පැන් පානය නොකල බව සෘජුවම නොකී ඔහු ඒ බව කියන්නට මහත් ආයාසයක් දරුනු පැහැසිලිව පෙනුනේ පොලීසිය හා අනතුරට පත් කාන්තාවන් විසින් වරද කල බව ඇගවීමට උත්සාහ දැරීම නිසාය.

නෙසේ වෙතත් පොලීසිය විසින් අධිකරණයට වාර්තා කර තිබුනේ අනතුර සිදු වෙද්දී හිටපු මන්ත‍්‍රිවරයා විසින් රිය පදවා ඇති බවත් ඔහු බීමතින් සිටි බව පරීක්‍ෂණ වලින් හෙලි වූ බවත්ය.

ලාල් කාන්ත මහතා අද දිනයේ මාධ්‍ය වෙත කරන ලද ප‍්‍රකාශය සම්බන්දයෙන් ෆේස්බුක් ජාලයේ පල වී තිබූ ප‍්‍රතිචාරයක් පහත දැක්වෙයි.

232 views

17 Comments to “කාන්තාව වැනි වැනි ඇවිත් මගෙ කැබ් එකේ හැප්පුනා.. මං බිවුවේ නෑ.. පොලීසිය කියන්නේ බොරු..- ලාල් කාන්ත ‘පරම සත්‍ය’ හෙලි කරයි..”

  1. කැලණියෙ දමියා says:

    ජින්ජර් බියර් බීලා හප්පලා…….

  2. matalan says:

    Mr. Lala kantha fortunately nothing happened to you car. We know that you are very innocent.