කාන්තා දිනය නිමිත්තෙන් වතු කම්කරුවන් අතර තේ දළු නෙලිමේ තරගයක්….
March 7, 2019 at 2:08 am | lanka C news
එළඹෙන කාන්තා දිනය නිමිත්තෙන් මඩොල්සිම වැවිලි සමාගමට අයතත් බගවන්ලාව කර්කස්වොල්ඩ් වතුයායේ වතු කම්කරු කාන්තාවන් අතර තේ දළු නොලිමේ තරගයක් (06) එම වතුයායේදි පැවැත්විණ.
එම වතුයායේ සහකාර වතු අධිකාරි ගයාන්ත කරුණාතිලක මහතාගේ ප්රධානත්වයෙන් තේ දළු නෙලිමේ තරගය පවත්වනු ලැබිය.
හොදින් තේ දළු වැඩුණු තේ යායක විනාඩි 20 ක් තුල නිසි ප්රමිතියට තේ දළු නෙලිමේ කොන්දෙසිය මත මෙම තරගය පැවැත් වු අතර මේ තරගය සදහා එම වතුයායේ මැද කොටසේ තේ දළු නෙලන කාන්තාවන් විශාල පිරිසක් තේ දළු නෙලිමේ තරගය සදහා ඉදිරිපත් වි සිටිහ.
මෙම තරගයේ පළමු ස්ථානය අමු තේ දළු කිලෝ 5 ග්රුම් 130 ක් නෙලමින් එස්.ජෙල්ලිඅම්මා විසින් හිමිකරගත් අතර, දෙවන ස්ථානය අමු තේ දළු කිලෝ 4 ග්රුම් 500 නෙලා ගනිමින් එස්.ජයන්ති විසින් හිමි කරගෙන ඇත. තොවන ස්ථානය අමු තේ දළු කිලෝ 3 ග්රුම් 800 නෙලමින් කේ.අලගම්මා විසින් හිමිකරගෙන ඇත.
තේ දළු නෙලිමේ තරගයෙන් ජයග්රහනය කල තිදෙනාට එළඹෙන 8 වෙනි දිනට යෙදි ඇති ලෝක කන්තා දිනයේදි තැගි ලබාදිමට වතු පාලන අධිකාරිය කටයුතු කර ඇත.
– හැටන් රංජිත් රාජපක්ෂ