කාන්තා බෑග් සොරා අත්අඩංගුවට… අල්ලද්දී ජංගම දුරකතන 18 ක් සහ මුදල් හමුවෙයි‍…

October 6, 2018 at 5:30 pm | lanka C news
කාන්තා බෑග් සොරා අත්අඩංගුවට… අල්ලද්දී ජංගම දුරකතන 18 ක් සහ මුදල් හමුවෙයි‍…

යාපනය, චාවකච්චේරි ප්‍රදේශයේ මාර්ගයන්හි තනිව ගමන් ගන්නා කාන්තාවන්ගේ අත්බෑග් ඉතා සූක්ෂමව සොරා ගන්නා ලද පුද්ගල‍යෙකු ඊයේ (03) දින අත්අඩංගුවට ගත් බවට චාවකච්ඡේරි පොලීසිය කියා සිටියේය.

චාවකච්ඡේරි ප්‍රදේශයේදී කාන්තාවගෙ අත්බෑගයක් අදාල සැකකරු විසින් සොරාගෙන යාමෙන් පසුව එම කාන්තාව විසින් ච්වකච්චේරි පොලීසියට ලබා දුන් හෝඩුවාවන් අනුව අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කලෙක පටන් යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ තනිව ගමන් ගන්නා කාන්තාවන් ඉලක්ක කර ගනිම්න් ගොස් අදාළ කාන්තාවන්ගේ අත්බෑග් සොරා ගැනීම සිදුකොට ඇති අතර පොලීසියද අදාල සැකකරු අත්අඩංගුවට ගැනීමට මීට පෙර සිටම පරික්ෂණ සිදු කොට ඇත.

සැකකරු චාවකච්චේරි ප්‍රදේශයෙම් පදිංචි 23 හැවිරිදි සැකකරුවෙකු වූ අතර පොලිසීය විසින් සිදුකරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබි ජංගම දුරකථන 18 ක්, රුපියල් 19,000 ක මුදලක්, කාන්තා අත් බෑග් 04 ක්, යතුරුපැදි දෙකක් අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.

සැකකරු යාපනය චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පරික්ෂණ සිදු කරන චාවකච්චේරි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

37 views