කාන්තා හිංසනය පිටු දැකීමේ ව්‍යාපාරය ඇරඹෙයි…
May 27, 2017 at 2:25 am | lanka C news
කාන්තා හිංසනය පිටු දැකීමේ ව්‍යාපාරයේ ආරම්භය සනිටුහන් කරමින් කොළඹ පිටකොටුවේ දී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙහි සංවිධායකත්වයෙන් පැවති එම වැඩසටහනට එහි සභාපතිනී චන්ද්‍රානි බණ්ඩාර, නියෝජ්‍ය සභාපතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, වෛද්‍ය අනෝමා ගමගේ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, තුසිතා විජේමාන්න, විජයකලා මහේස්වරන් සහ ශාන්තිනී කෝන්ගහගේ ඇතුළු පිරිසක් එක් විය.
පොදු ප්‍රවාහන සේවා සහ පොදු ස්ථානවලදී කාන්තාවන් අතවරයට සහ හිංසනයට ලක් වීම සම්බන්ධයෙන් වීථි නාට්‍යයක් රඟ දැක්වීම ඒ යටතේ සිදු විය.
එමෙන්ම, ‘අහක බලන්න එපා: ඔබත් මැදිහත් වන්න’ යනුවෙන් සඳහන් ස්ටිකර් බස් රථ, ත්‍රිරෝද රථ සහ දුම්රියෙහි ඇලවීම ද එහිදී සිදු කෙරිණ.
මෙම වැඩසටහන දීප ව්‍යාප්තව පැවැත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පියවර ගනිමින් සිටී
– ජෝර්ජ් පෙරේරා