කානුවක පුද්ගල මළ සිරුරක්….

March 1, 2022 at 12:40 pm | lanka C news
කානුවක පුද්ගල මළ සිරුරක්….

කිලිනොච්චිය කරඩිබෝක්කු මන්සන්ධියේ ඒ-9 මාර්ගයේ වතුර කානුවක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

අදාල මළ සිරුර පිළිබඳව ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව පොලීසිය පැමිණ අදාල මළ සිරුර රැගෙන යාමට පියවර ගන්නා ලදි.

පිරිමි පුද්ගල මළ සිරුරක් වුවද එය මෙතෙක් හඳුනාගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවී ඇති අතරම මළ සිරුර මේ වන විට කිලිනොච්චිය රෝහල මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇත.

මිය ගොස් ඇති පුද්ගලයා වෙනත් ප්‍රදේශයක පුද්ගලයෙකු බවටද රියඅනතුරකට ලක්වීමෙන් මෙලෙස මිය යන්නට ඇති බවට සැකකරන බවටද පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

14,281 views

One Comment to “කානුවක පුද්ගල මළ සිරුරක්….”

  1. LOTR says:

    ඩොලර් නැති නිසා ෆෝමලින් නෑ..දවසෙන් වල දාමු

Main News