කාබනික උක් වගාව සාර්ථකයි.. වස විස නැති පොහොර සෙවනගලෙන් රටටම එයි..

June 16, 2021 at 4:40 pm | lanka C news
කාබනික උක් වගාව සාර්ථකයි.. වස විස නැති පොහොර සෙවනගලෙන් රටටම එයි..

ලංකා සීනි සමාගමේ සෙවනගල සීනි කර්මාන්තායතනය මගින් පසුගිය වසරේදී ආරම්බ කරන ලද පර්යේෂනයක ප්‍රතිපල මේ වන විට ලැබෙමින් පවතී. ඒ ඔවුන් විසින් අත් හදා බලා ඇත්තේ උක් වගාවන් කිසිදු පොහොරක් භාවිතා නොකරමින් නියමිත සීනි සාන්ද්‍රණය ඇතිව සරුවට වගා කල හැකි බවයි.

ඒ අනුව ගිය වසරේදී සෙවනගල සීනි කර්මාන්තායතනය මගින් කෘතීම පොහොර,යොදා වගා භූමියක්, ‍කෘතීම පොහොර සහ කාබනික පොහොර යොදා, කාබනික පොහොර පමනක් යොදා සහ කිසිදු පොහොරක් භාවිතා නොකරමින් වගාවන් සිදු කර ඇත.

එහි ප්‍රතිපලයක් වශයෙන් කිසිදු පොහොරක් භාවිතා නොකරන ලද උක් භූමිය කෘතීම පොහොර යොදා සකස් කරන ලද උක් වගාවන් අතර දැකිය හැකි විශාල වෙනසක් තිබුනේ නැත. කාබනික පො‍හොර යොදා වගාකල උක් වගාවේද පැවතීයේ සාමාන්‍ය කෘතීම පොහොර යොදා සකස් කරන ලද වගාවේ පැවැති සීනි සාන්ද්‍රණයට සමාන සාන්ද්‍රණයකි.

මෙම අවස්ථාව නිරීක්ෂණය සදහා විෂය භාර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමුර මහතා, ලංකා සීනි සමාගමේ සභාපති ජනක නිමලචන්ද්‍ර මහතා, විධායක අධ්‍යක්ෂ ගාමිනී රාසපුත්‍ර සහ කෘෂිකර්ම නිළධාරීන් සහභාගී විය.

විෂයභාර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමුර මහතා.

මීට වසරකට කලින් සෙවනගල ඒකකය මේ ක්‍රියාදාමයට යොමු වීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. මේ වගාවන් ක්‍රම හතරකට වගා කරල තියෙනවා, පොහොර භාවිතා කරමින්, කෘතිම පොහොර සහ කාබනික පොහොර, කාබනික පමණක් සහ කිසිදු පොහොරක් නොමැතිව, පොහොර කිසිවක් යොදන්නේ නැතිව සිදු කල වගාවන් තුලත් සීනි සාන්ද්‍රණයේ කිසිදු වෙනසක් වෙලා නැහැ. ඒ නිසා අපිට මේ රටේ ජනතාවට වස විසෙන් තොර සීනි ලබාදෙන්න පුලුවන් වෙනවා.පිටරටින් ගේන ඒවට මේ ඔක්කොම රසායනික පොහොර භාවිතා කරල තමයි සීනි හදන්නේ. ලංකා සීනි සමාගමෙන් හදන සීනි මේ රටේ ජනතාව පමණයි පරිභෝජනය කරන්නේ.

ලංකා සීනි සමාගමේ විධායක අධ්‍යක්ෂ ගාමිනී රාසපුත්‍ර මහතා,

තෝරාගත් භූමියක අපි මීට වසරකට පෙර පරික්ෂණ කටයුතු ආරම්බ කලා.අපි දැන් අස්වැන්න නෙලන්නයි හදන්නේ. අපි කෘතිම පොහොර යොදපු වගාවත්, කෘතීම පොහොර සියයට පනහක් යොදපු සහ අපි ඉවත් කරන ලද කොම්පෝස් පොහොර යොදා සකස් කරන ලද වගාවත්, දියර පොහොර වර්ගයක් අපිට හදුන්වා දුන්නා දියර පොහොර වගාකරල වගාකල භූමියත් කිසිම පොහොරක් යොදන්නේ නැතිව වගාකල වගා බූමියේත් අස්වැන්න නෙලීම දැන් සිදුවෙනවා.

වර්තමානයේ කාබනික පොහොර පිළිබදව කතිකාවතක් ඇතිවී තිබෙන මොහොතක මේ පර්යේෂනය අමාත්‍යවරයා සියසින් දැකගත්තා. අපිට ලොකු අභියෝගයක් තිබුනා කෘතීම පොහොර නතරකිරීමෙන් ලොකු කඩා වැටීමක් ඇතිවෙයි කියල. නමුත් මේ පර්යේෂණය අනුව අපිට පෙනී ගොස් තිබෙනවා මේ ඉහතින් සදහන් කල වර්ග හතරටම අයත් වගා බූමිවල වගාවේ පැහැදිලි වෙනස්කමක් අපි දැක්කේ නැහැ. ඒ අස්වැන්නේ එක සමාන බවක් තමයි අපිට පෙන්නුම් කරල තිබුනේ.

සියයට සියයක් රසායනික පොහොර භාවිතා කරපු භූමියත් සියයට පනහ පනහ කාබනික හා රසායනික පොහොර භාවිතා කරපු භූමියත් දියර පොහොර හා පොහොර යොදන්නේ නැතිව වගා කල උක් වගා භූමිවල අස්වැන්නේ පැහැදිලි වෙනසක් අපි දැක්කේ නැහැ.

ඒ නිසා ජනාධිපතිතුමා රටට හදුන්වා දෙන  කෘතිම පොහොර භාවිතයෙන් තොර කෘෂිකර්මාන්තයක් කියන තේමා පාඨය යටතේ රටේ උක් වගාව  අපි දැනට සෙවන ගල හා පැල්වත්ත අක්කර 35000 තිස්පන්දහසක උක් වගා කරනව. අපි ඒ අභියෝගය ජයගන්න අපේ කෘෂිකර්ම නිලධාරීන් සමග එක්වෙමින් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම සදහා මේ වන විට අපි සංවිධානය වෙමින් පවතිනවා.

දැනට අපි මිලියන 250ක් වියදම් කරනවා ‍වසරක් සදහා මේ ආයතනයේ පොහොර භාවිතය සදහා. මේ වැඩසටහන යටතේ මේ කෝටි 25ම ඉතිරිවෙනවා අපේ ආයතනයට.

අපි ඒ මුදල් වියදම් කරල ඉතාමක් ඉක්මනින්  ලංකා සීන් සමාගමට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය සදහා පොහොර කර්මාන්ත ශාලාවක් ඉතාමකත් ඉක්මනින් ආරම්භ කරනවා. ඒ වැඩ මේ වන විටත් ආරම්භ කරලයි තියෙන්නේ.

– ඇඹිලිපිටිය_ප්‍රගීත් ජනක

37,514 views

15 Comments to “කාබනික උක් වගාව සාර්ථකයි.. වස විස නැති පොහොර සෙවනගලෙන් රටටම එයි..”

  1. Hesh says:

    කොටසක රසානයනික පොහොර දානවා, කොටසකට කාබනික පොහොර දානවා, කොටසකට දෙකම දානවා, කොටසක් ස්වභාවික විදියට වවනවා. ඊට පස්සේ ප්‍රතිපලය බලනවා. විද්යානුකූල ක්‍රමය කියන්නේ මේකට. එහෙම නැතුව ඇමරිකාව පොහොර දාන නිසා අපිත් පොහොර දාන එක නෙවේ.

    • ගොවිතැන ගැන නොදැන, ගොවිතැන ගැන ලොකු ටෝක් දෙන මොඩ් ගොවියන්ට විද්‍යානුකූල ක්‍රමයට වැවූ තනකොල මිටි දෙකක් ආහාරයට දිය යුතුය .

      • SL says:

        උඹ දන්නවනම් කියල දීපන් කෝ.

        උඹල වගේ බක පණ්ඩිතයෝ හිටියනේ මේ රටේ ඇල දොලේ හිටින බහුතර මාළු ,සත්තු , පොලව පෝෂණය කරපු ගැඩවිලාගේ ඉඳලා කෘමිනාශක නිසා වඳ වෙලා යනකල් .

        ගඟ දිගේ ගලාගෙන එන වතුර ටිකත් බැර ලෝහ එකතු වෙලා මිනිස්සුන්ට ලෙඩ හැදෙන කල් .

        ඒ වෙනුවට රෝහල් වලට ,ජලය පිරිසිදු කිරීමට රජය කෝටි ගණන් වියදම් කරනකල්

        අපරාදේ ,දැන්වත් ඉදිරිපත් වෙලා ප්‍රශ්නේ විසඳපන්

      • lakshitha says:

        අද රසායනික පෝර නිසා වසරකට මැරෙන 20,000ක් මිනිස්සු ගැන එකෙක් කතා කරන්නේ නෑ. තෝ වගේ තකතීරු සෙට් එකක් තමයි ඒ මිනීමැරුම් තීරණ අරන් මේ පොලව වස පොලවක් කරේ. පාහරයා තොපි වගේ උන්ට තනකොල නෙමේ කවන්න ඕන.

  2. dev says:

    හොන්ද සොයගනීමක් කොම්පැනි කරයො නිකන් අපිට වස කවල වසර ගනනාවක්

  3. Love nature says:

    ඔබගේ ගෙවත්ත සාරවත් කරගැනීම සඳහා පහසුවෙන් කොම්පෝස්ට් පොහොර.

    ග්ලිරිසීඩියා කෝටු ළඟින් ළඟින් සිටුවා ගැනීමෙන් කොම්පෝස්ට් කුළුණක් සාදාගත හැකිවෙනවා.
    ග්ලිරිසීඩියා කෝටු වෙනුවට මේ සඳහා ඉපිල් ඉපිල්, එරබදු වැනි කෝටු වර්ගත්භාවිතා වෙනවා.
    මුළුතැන්ගෙයින්ඉවත්කරන අප ද්‍රව්‍ය වගේම ගෙමිදුල අතුගා එකතුවන කොළ රොඩුත්, ගෙවත්තෙන් ඉවත් කරන බෝග අවශේෂත් දිනපතාම මේ කොම්පෝස්ට් කුළුණට දමන්න.
    සිටුවන ලද ඉනි පැළවේ නම් ඒවාද වරින්වර කපා කොම්පෝස්ට් කුළුණට එකතු කිරීමට හෝ කොළ පොහොරක් ලෙස භාවිතා කිරීමටයොදාගත හැකියි.
    මේ කොම්පෝස්ට් කුළුණ දිනපතාම පිරවිය හැකි අතරම කලින් කලට එහි අඩියෙන් කොම්පෝස්ට් පොහොර ලබාගත හැකියි.

  4. ගමයා says:

    රසායනික පොහොර ඕනෙමයි කියන්නේ ඩොලර් වලට යටවුනු එවුන් .

    • දේවක says:

      ඈ අමු ගොන් බයියෝ ගොවියොත් ඩොලර් වලට යට වෙලාද එතකොට? දෙමාපියන්ගෙ සල්ලි වලින් ඩේටා කාඩ් දාගෙන නොදන්න මගුල් නොකිය හිටපන් නිකමා.

  5. Chinthaka says:

    උක් වගාවට එලවලු වගාව සම කරන්න බෑ.

    • බංඩා says:

      ඔහේට රසායනික පෝර ඕනෙම නම් නරකද පෝර මිටියක් කෑවොත්?

      අඩුමගානේ උත්සාහයක් වත් දරන්නේ නැතුව ඔහොම කතා කරන්න ලැජ්ජාවක් නැද්ද?

  6. Niru says:

    To make certain without fertilizer gives the same yield it is necessary to do the experiment for several seasons.

  7. Bertie Wooster says:

    උක්ගස් වල ගෙඩි කන්නේ නැහැ, ගෙඩි කන (එළවලු, පලතුරු), මුල් කන (අල, කැරට් ) භෝග වලටත් පරීක්ෂණය කරලා බලන්න. ඕනෑම පොහොරකින් පැලයට පෝෂ්නය ලැබෙන්නේ අකාබනික ලවන විධියට. කාබනික පොහොර දැම්මත්, කෘතීම අකාබනික පොහර දැම්මත් එකම දේ තමය් පැලය ඇතුලට යන්නේ. එතකොට කොහොමද මිනිස්සුන්ට විස වෙන්නේ?

    • Hoo!!!🤣 says:

      Mokada bola me eladena 😃Gedi witharada wasa ?😂

    • සහන් says:

      පලතුරු එලවලු කන අයට වඩා රසායනික පෝර විස වෙන්නෙ වගා බිම් අවට ජීවත් වෙන අයට.. සෝදගෙන යන පොහොර (වල් නාශක, කෘමිනාශක) පානීය ජලයට එකතු වෙන නිසා..

  8. බන්ඩා says:

    මෙතන බොරැ ලියන්නෙ නැතුව රසායනික පොහොර නැතුව තේ වවල බලන්න

Main News