කාබනික ගොවිතැන අසාර්ථකයි කියා මාධ්‍යයට කිවුවොත් ලක්ෂ තුනක්…

January 15, 2022 at 6:18 am | lanka C news
කාබනික ගොවිතැන අසාර්ථකයි කියා මාධ්‍යයට කිවුවොත් ලක්ෂ තුනක්…

කාබනික ගොවිතැන අසාර්ථක බව පෙන්වමින් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් දීමට ඇතැම් පිරිස් සූදානමින් සිටියේ යැයි ගොවි සංවිධාන නියෝජිතවරු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවේ පැවසූහ.

රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව කාබනික වී වගාව ක්‍රියාත්මක කිරීමේදී විවිධාකාරයේ බලපෑම් හා කුමන්ත්‍රණ ක්‍රියාත්මක වූ බව ද ඔවුහු පෙන්වා දුන්හ.

ගොවි සංවිධාන නියෝජිතවරුන් මේ බව පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඇමැති මහින්දාන්නද අලුත්ගමගේ මහතා හමු වූ අවස්ථාවේදීය.

දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් ගොවි නියෝජිතවරු මේ හමුවට එක්ව සිටියහ.

57,369 views

22 Comments to “කාබනික ගොවිතැන අසාර්ථකයි කියා මාධ්‍යයට කිවුවොත් ලක්ෂ තුනක්…”

  1. Baba says:

    පරික්ෂණයක් කරලා මූන්ව අත්අඩංගුවට නොගන්නේ ඇයි,අපිටත් ආසයිනේ.නිතිය අකුරටම කෙරෙනවා බලන්න

    • Covid18+ says:

      නාමල් කරුණාරත්න ප්‍රමුඛ ජෙප්පෝ තමයි ඉතින්

  2. Truth says:

    price raised due to fertilizer the farmers have a write to voice out

  3. saman says:

    අපේනම් කාබනික වගාව සාර්ථකයි. සල්ලි දෙන්නේ නැති නිසා කාටවත් කිව්වෙ නෑ.

  4. David Milli-banda says:

    Every bloody thing is politicised in this damn country. President does not have a backbone to stop it. .
    Record these ගොවි සංවිධාන නියෝජිතවරු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවේ පැවසූහ and file charges.
    Kick Mahindananda out and handover his Ministry to Dr. Ramesh pathirana.

    • sunanda says:

      Any president of this country will be handlocked with debt, USD Reserves, political inflences from india, china, Europe and US, Labor unions and other local political parties. On top of that if a pandemic or a war or terrorism rise then its like managing hell. It same situation if faced by Joe Biden or Morrison.

      • Pakanil says:

        You provided a good summary of our plight. In addition, the lack of patriotism and failure to appreciate good things done or proposed by opposing parties are other problems we have in this country. Regardless of who is in power, good intiatives must be endorsed and supported. Corruption, favarotisms and all other forms of misdeeds must be condemned regardless of the political party or the person in power.

  5. Kamal says:

    උන් සල්ලි දීල වොයිස් කට් ගන්න විදිහ තමයි ඔය කියල තියෙන්නෙ..මූ පිරිමිකමටත් නින්දාවක්..ඇමතිට බැරිද ලක්ෂ 3 දීපු එවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න..

  6. Power says:

    කාබනික ගොවිතැන කිසිසේත්ම අසාර්ථක නැහැ එය කාලයත් සමඟ ක්‍රමානූකූලව සිදු කරා නම්, එහෙම නැතිව අපි ඉපදිච්ච කාලේ ඉදන් රසායනික පොහොර වලින් දුවපු රටක් එකපාරම කාබනික කරන්න ගියාගෙන් තමයි අස්වැන්න හොඳටම අඩු වෙලා ගොවි ජනතාවටයි, පාරීභෝගිකයන්ටයි යන එනමං නැති වෙලා හොඳම එකෙන් කෙලවෙලාම ගිහිං තියෙන්නෙ. ඒක කියන්ඩ ආය අමුතුවෙන් රු. ලක්ෂ තුනක් ගන්නවත්, දෙන්නවත් ඕන නෑ. හොඳට ඇස් පේන එකෙකුට ඒක හොඳටම බලාගන්න පුළුවන්. මහින්දානන්දට පන්දම් අල්ලන ගොවි සංවිධාන වලට උන්ට කියන්ඩ දෙයක් තියෙන්නත් එපැයි. සමහර විට ඔය ටික කියනවට මහින්දානන්ද උන්ට ලක්ෂ 3 ගානේ බෙදනවා ඇති. 😂

  7. Love nature says:

    කිතුලට ගිය මිනිහටත් කියන්න දේවල් තිබුණලු.

  8. sunimal says:

    සුපිරි දියර පොහොරක්.

    https://www.youtube.com/watch?v=32UzAAb0Wxc

  9. Ravi says:

    එලවලුවල ගණන් බැලුවම පේනවා කාබනික වගාව පට්ටම සාර්ථකයි කියලා. මහ එකාටයි පොඩි උන්ටයි ඔක්කොටම ඔලුවේ අමාරු

Leave a Comment

Main News