කාබනික පොහොර ආනයනට තහනම් නියෝගයක් ඉල්ලා උසාවි යයි…

September 26, 2021 at 8:02 am | lanka C news
කාබනික පොහොර ආනයනට තහනම් නියෝගයක් ඉල්ලා උසාවි යයි…

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

අහිතකර බැක්ටීරියා සහ වෛරස් අඩංගු කාබනික පොහාර ආනයනය කිරීමටට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම.

රසායනික පොහොර මෙරටට ආනයනය නොකිරීමට රජය ගත් ක්‍රියාමාර්ග මගින් පාරිභෝගික අයිතිවාසිකම් තහවුරු වන නමුදු ප්‍රමිතියක් නොමැති කාබනික පොහොර මෙරටට ආනයනය කිරීමට රජය ගත් තීරණයත් සමග පාරිභෝගික අයිතීන් කඩවීමට ඉඩ ඇති බැවින් නිසි ප්‍රමිතියක් නොමැති කාබනික පොහොර මෙට්රික් ටොන් 99000 ක් මෙරටට ආනයනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ගය දැඩිව හෙළාදකිමු.

පොහොර සමාගම් දෙක මගින් මෙරට ප්‍රබල දේශපාලකයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ සහෝදරයකු විසින් මෙහෙය වන සමාගමක් හරහා මෙම කාබනික පොහොර තොගය මෙරටට ආනයනය කිරීමට නියමිතව ඇති අතර එම පොහාර තොගය නියදි පරීක්ෂණයේදී අසමත්ව ඇත.

නියදි අසමත් හා එම පොහොර තොගය ලංකාවට ආනයනය කළහොත් මෙරට පසට ශාක වලට හා මිනිස් සිරුරට අහිතකරවන බව විද්වතුන් විසින් මත පළකර තිබියදී ලංකාවට එම පොහාර තොගය ආනයනය කිරීමට කටයුතු සූදානම් කිරීම කිසිසේත්ම අනුමත කල නොහැක.

එබැවින් අදාල පොහොර තොගය මෙරටට ආනයනය කිරීම තහනම් කරමින් අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට අප සංවිධානය කටයුතු කරමින් සිටී.

ඒ සදහා අප විසින් සිවිල් නඩුවිධාන සංග්‍රහයේ 461 ක වගන්තිය යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නීතීඥ හා ප්‍රසිද්ධ නොතාරිස් ප්‍රසන්න ලියනආරච්ච්ගේ මහතා මාර්ගයෙන් නිවේදනයක් ලියාපදිංචි තැපෑලෙන් යවා ඇත.

රංජිත් විතානගේ –
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

16,592 views

6 Comments to “කාබනික පොහොර ආනයනට තහනම් නියෝගයක් ඉල්ලා උසාවි යයි…”

  1. බන්ඩා says:

    ගහෙන් ගෙඩි එනවා වගේ රසායනික පොහොර තහනමින් රටම අමාරැවේ වැටුනා. ඇමති සොයුරා අයුතු ලාබ ලබනවා.

  2. බන්ඩා says:

    මුල ඉදන්ම ඇමතියා උදුගොඩයා සහ කොළඹ එජන්තයා කැරකුවේ කුනු කොම්පොස්ට් ඉම්පෝට් වැඩේටය්.

  3. බන්ඩා says:

    මුල ඉදන්ම ඇමතියා උදුගොඩයා සහ කොළඹ එජන්තයා කැරකුවේ කුනු කොම්පොස්ට් ඉම්පෝට් වැඩේටය්. අප වැනි හොද කොම්පොස්ට් ලෝකල් නිශ්පාදකයන් තෝරා ඔවුන්ට ස්තිර ඕඩර් දුන්නේ නැහැ. මිලක් නියම කලේ නැහැ. එක එක දවසට එක එක කතා කිව්වා.

  4. desta says:

    mahindananda goda yai apita kunu genath eccharai

  5. ගෞම් ඊයාරාජ් says:

    ගොං බෛයන්ට දැන් ශැපද ? ගොං බෛයන්ගේ ප්‍රවේණිගත හා ජානගත ගොං බෛයිකම තියෙනකන් මේ රට හදන්න බෑ , මුන්ගේ නායකයො මොනා හරි කියපු ගමන් චූන් වෙලා උඩ පනිනවා , පස්සේ එලිවෙනවා , එහෙම තීරණයක් අරන් තියෙන්නේ හොරාකන්න කියලා , ඊට පස්සෙ මේ ගොබ්බ හැත්ත ටික දවසක් දෙයක් උන්නෑ වගේ ඉන්නවා , ආපහු මුන්ගේ නායකයො මොනා හරි රට බෛලයක් ගහපු ගමන් ඩෝං ගාලා චූන් වෙනවා. නූතන ගොං බෛයන්ට කශේරුවක් නෑ , 70-77 ත් හිටියා බෛයි සමාජයක් හැබැයි උන් මැතිණියට දෙන්නේ 77 එලො එලො , හැබැයි නූතන ගොං බෛයො ටික කැමතියි මේ හොරු ටිකට , උන් ආසයි කොච්චර හොරා කෑවත් , උන්ට කෙල වුනත් මේ හොරු ටික තියාගන්න ,උන් කැමති හැමදාම වහල්ලූ වෙන්න ඒ උන්ගේ හැටි.

Main News