කාබනික පොහොර ආනයනය කරන්නැයි පොහොර ආනයනකරුවන්ට කියයි..

May 29, 2021 at 4:40 pm | lanka C news
කාබනික පොහොර ආනයනය කරන්නැයි පොහොර ආනයනකරුවන්ට කියයි..

රසායනික පොහොර ආනයනකරුවන් ඊයේ දිනයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුන ගැසුණි.

රටට අවශ්‍ය කාබනික පොහොර රටතුළම නිෂ්පාදනය කරනතුරු කාබනික පොහොර ආනයනය කිරීමට එම ආනයනය කරුවන්ට එහිදී එකඟත්වය පලකරන ලදී.

වස විෂ සහිත සමුලඝාතන රසායනික පොහොර හා කෘෂි රසායන තවදුරටත් ගෙන්වීමට කිසිදු ඉඩක් නැති බව ඇමතිවරයා එහිදී අවධාරණය කලේය.

ශ්‍රි ලංකාව ලෝකයේ කාබනික ගෙවත්ත කිරීමටත් හෙළ ගොවිතැන ප්‍රවර්ධනයටත් සියලු සහාය ලබාදෙන ලෙස ඇමතිවරයා පොහොර ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටියහ.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා, අමාත්‍යාංශ ලේකම් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

21,870 views

21 Comments to “කාබනික පොහොර ආනයනය කරන්නැයි පොහොර ආනයනකරුවන්ට කියයි..”

  1. Nammbee says:

    හැමෝම අද දෙරණ කළ kiss The ground program එක බලන්න. දෙරණ එය නැවැතත් විකාශනය කරන්න. සිරස මේ හො ඳ දේ නවත්වන්න ලොකු උත්සාහයක් ගන්නවා. රටට හිතැති සියලු දෙනාම එම ද්‍රෝහී ක්‍රියාවට විරුද්ධ විය යුතුය

  2. Love nature says:

    කාබනික පොහොර කියලා අපේ වගා විනාස ක‍රන්න කෘමි එවන්න පුලුවන් ප්‍රවේසමෙන් කියුබාවෙන් පොල් පොහෝර ගෙනාවාවගේ.

  3. Very Sorry says:

    කාබනික පෝර ආනයනය කිරීම නම් මෝඩ වැඩක්. කලයුතු වන්නේ අපේ රටේම සාදා ගැනීමයි.

  4. බන්ඩා says:

    කාබනික පොහොර කියල පැතජන් සහිත බැර ලෝහ ප්ලාස්ටික් ැඩංගු නොදිරෑ කුණු නම් ගේන් එපා.

  5. Love nature says:

    මී ගස් අතීතයේ වගා කොට තිබුණේ කුඹුරු ආශ්‍රිතවය. මෙයට හේතුව වූයේ මී ගස් වලින් ස්වාභාවිකවම පොහොර හොද හැටි ලබාදීමයි. මෙම මී මල් පිපෙන කාලයේදී සහ ඵල හටගන්නා කාලයේදී වවුලන් බොහෝ ලෙස මී ගස් ආශ්‍රිතව දැකිය හැකිය. මී ගසේ ගෙඩි හා මල්, වවුලන් විසින් කා නිම කරන අතර පසුව යාබද කුඹුරු පුරා වවුලන් විසින් වසුරු දැමීම සිදු කරයි. මෙම වසුරු වල ශාක වර්ධනය සදහා අවශ්‍ය නයිට්‍රජන් පොහොර සහ අනෙකුත් සංඝටක රාශියක් තිබේ. මේ නිසා කුඹුරු සදහා වෙනත් රසායනික පොහොර කිසිසේත් අත්‍යවශ්‍ය නොවේ. එකල සරුසාර කෙත් යායවල් වගා කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ මෙවැනි වටිනා ශාක කුඹුරු ආශ්‍රිතව බහුලව තිබූ හෙයිනි. තවද, මෙම මී ගසේ කොළ කුඹුරුට වැටීම මගින් ද පොහොර ස්වාභාවිකවම ලැබී තිබේ. අතීත ගොවි ජනයාට මී ගසක් යනු ඉතාම අගනා ගසක් වන බව ඔබට වැටහෙනු ඇත.

    වර්තමාන්යේ කෘෂිකර්මාන්තය ගතහොත්, පොළොවට සහ ශාක වලට යොදන රසායනික පොහොර හේතුවෙන් පසේ සිටින ස්වාභාවික බැක්ටීරියා විනාශ වී යන අතර පසේ සරු බව නිරායාසයෙන්ම නැති වී යයි. තවද මේ හේතුවෙන් බොහෝ බැර ලෝහ පොළොවට එකතු වේ. මෙනිසා වකුගඩු රෝග වැනි මාරාන්තික තත්වයන් වලට මුහුණ දීමට මෙරට ජනතාවට සිදු වී ඇත. නමුත් මෙවැනි ශාක නැවතත් කුඹුරු සහා වගා බිම් ආශ්‍රිතව වර්ධනය කළේ නම් වස විසෙන් තොර ආහාර සපයාගැනීමට හැකිවනු ඇත. කුඹුරු අක්කරයකටත් වඩා ප්‍රමාණවත් පොහොර ප්‍රමාණයක් එක මීගසකින් ලබාගත හැකි අතර එහි වටිනාකම නිසාවෙන්ම එයට “ජාතියේ පොහොර ගස” යන අනුවර්ථ නාමය ලැබී ඇත.

    කෘෂිකාර්මික රටක් ලෙස පෙරදිග ධාන්‍යාගාරය වීමට මෙරටට මී ගසෙන් ලැබුනු පන්නරය නිසාම එකළ මිනිසුන් දිවි හිමියෙන් මී ගස් රැක්කේ ය. අතීතයේ මී ගස සඳහා මෙරට හිමි වූ තැන කොතෙකුත් දැයි කිවහොත්, මී ගස් කපා දමන පුද්ගලයින් සඳහා මරණ දඩුවම පවා නියම කරන්නට පැරණි රජවරු ක්‍රියා කොට තිබේ. ඉපැරැණි ග්‍රන්ථ වල සදහන් වන ආකාරයට දේවානම්පියතිස්ස රජතුමා, මෙම මී ගස කැපීම මරණ දණ්ඩනය ලැබීමට හේතුවක් ලෙස ප්‍රසිද්ධියේ සදහන් කොට තිබේ. ඒ තරමට මිනිසාට ප්‍රයෝජන බොහෝමයක් අත් කරදෙන ශාකයක් ලෙස මී ගස එකල හදුනාගෙන තිබුනි. නමුත් 1833 වර්ෂයේදී මෙරට ආක්‍රමණය කල පිටරැටියන් විසින් ඉදිරිපත් කල කෝල්බෲක් ප්‍රතිසංස්කරණය මගින් මේ වටිනා මී ගස කැපීමට අවසර දී තිබීම කනගාටුවට කරුණකි. මෙරට සංස්කෘතියත්, ආර්ථිකයත් පරිහානියට ලක් කිරීමේ කූටෝපායන් ලෙස මෙම ක්‍රියාවලීන් හැදින්විය හැකිය.
    දවස පුරාම ඔක්සිජන් සපයයි

    පෘථිවිය තුළ ඇති ඔක්සිජන් ප්‍රමාණය වර්තමානය වන විට ක්‍රමයෙන් හීන වෙමින් පවතින්නේ ලෝකය තුල වන ගහනය ක්‍රමයෙන් අඩු වීමේ ප්‍රථිපලයක් ලෙසය. මිනිසුන් විසින් වනාන්තර එළි කිරීම මෙයට ප්‍රධානව හේතු වී ඇත. සාමාන්‍යයෙන් ශාක වලින් දහවල් කාලයේදී පරිසරයට ඔක්සිජන් මුදාහරින අතර රාත්‍රී කාලයේදී ශාක වල ශ්වසනය පිණිස කාබන්ඩයොක්සයිඩ් පිට කරයි. නමුත් මී ගස දහවල් රාත්‍රී භේදයකින් තොරව පැය විසි හතර පුරාම ඔක්සිජන් පිටකරන ශාකයකි.

Main News