කාබනික පොහොර ආනයනය කරයි.. දැනටමත් ගොඩබා අවසන්….

June 10, 2021 at 3:26 am | lanka C news
කාබනික පොහොර ආනයනය කරයි.. දැනටමත් ගොඩබා අවසන්….

කාබනික පොහොර බහාලුම් කිහිපයක් පෞද්ගලික සමාගමක් විසින් මෙරටට ආනයනය කර ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

ඔහු සඳහන් කරන්නේ කාබනික පොහොරෙ අඩංගු කන්ටේනර් තුනක් දැනටමත් කොළඹ තොටළඟ පිහිටි කන්ටේනර් අංගනයේ අසුරා තිබෙන බවයි.

ඉන්දියාවේ සිට මෙම කාබනික පොහොර තොගය එම සමාගම විසින් ආනයනය කර ඇතැයි ද ඔහු පැවසීය.

ශාක නිරෝධායන පනත සහ සත්ව නිරෝධායන පනත යටතේ මෙරටට කාබනික පොහොර ආනයනය තහනම් තත්ත්වයක් යටතේ ඒවා ආනයනය කළේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.

කෙසේ වෙතත් මෙම චෝදනා වලට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරන්නේ දැනටමත් මේ රටට කාබනික පොහොර සමාගම් 20ක් හරහා ආනයනය කරන බවයි.

කෙසේ වෙතත් කාබනික පොහොර ඉදිරියේදී ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බවද කී ඇමැතිවරයා අවශ්‍යතාවයක් වූවොත් පමණක් නයිට්‍රේට් දියර පමණක් පමණක් ආනයනය කරන බවද කියා සිටියේය.

49,328 views

24 Comments to “කාබනික පොහොර ආනයනය කරයි.. දැනටමත් ගොඩබා අවසන්….”

  1. කුරේ says:

    ඔය කාබනික පොහොර දාලා අස්වැන්න එන්නේ නෑ කියලා ගොයියෝ කොම්ප්ලේන් කරන දවස වැඩි ඈතක නොවේ. එදාට කාබනික පොහොර වලට හොරෙන් යූරියා කලවම් කරලා ගාන ටිකක් වැඩි කරලා විකුන ගන්න පුලුවන් . අර ගෑස් සිලින්ඩරය ට කලා වගේ 😀😀😀

    • බන්ඩා says:

      දැනටමත් කරදියානෙ ‘මිහිසරැ’ කොම්පොස්ට් වලට ගොම සහ කුකුල් බෙටි වෙනුවට npk කලවම් කර විකුනනවා.

    • බන්ඩා says:

      දැනටමත් කරදියානෙ ‘මිහිසරැ’ කොම්පොස්ට් වලට ගොම සහ කුකුල් බෙටි වෙනුවට රසායනික npk කලවම් කර විකුනනවා.

    • ගොවි බන්ඩා says:

      ගොවියා අන්දන්න එපා!
      දැනටමත් කරදියානෙ ‘මිහිසරැ’ (බාගෙට දිරාපත්) කොම්පොස්ට් වල ගොම සහ කුකුල් බෙටි නොව රසායනික npk කලවම් කර විකුනනවා මදිවට ඉන්දියාවෙ කුනු ගෙනත් ඒවාටත් npk කලවම් කර අපට විකුනන දිනය වැඩි ඇතක නැහැ.

  2. Dengu Nona says:

    wee goviyaata kelaweeme saarthaka piyawarak wiya hakiya.!Mun e madiwata pita rata kasala aanayanaya kireemen ratatama thawath wasngatha denna hadanawaaya!!

  3. කෝවින් says:

    අර කෝවින් කියන ඌරා දැන් පැනලා ගිහින්. වැඩ නොකරන විරුවා ලන්කාවෙ ඉතුරු ටිකත් ඉවර කරමින් ඉන්නවා මෙහේ රසායනික පොහොර තහනම් කරකරනවා කියන කොට එහේ කාබනික පොහොර නැවටත් පටවා අවසන්.

  4. Silva says:

    මොකක් කරන්න හැදුවත් බෑ කිය කිය දගලන උන් ටිකක් ඉන්නව මේකෙ. කාබනික පොහොර රසායනික පොහොර වගේ දවස් 2න් දාල හරියන්නෙ නෑ. මාසයකට විතර කලින් දාන්න ඕන. හරියන්නෙ නෑ කියන උන් හැම දාම වස කකා හිටපල්ල.

Leave a Comment

Main News