කාබනික පොහොර කියා චීන කක්කුසි ලංකාවට හලන්න හදනවා.. පර්යේෂනාගාර තුනක ෆේල්

September 18, 2021 at 6:20 am | lanka C news
කාබනික පොහොර කියා චීන කක්කුසි ලංකාවට හලන්න හදනවා.. පර්යේෂනාගාර තුනක ෆේල්

කාබනික පොහොර යැයි කියමින් චීනයේ කක්කුසිලිවලවල් සහ නාගරික අපද්‍රව්‍ය වලින් රටේ හදවත වන් මධ්‍යම කඳුකරය දුෂණය කරන්නට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න පවසයි.

චීනයේ කක්කුස්සිවලවත්, නාගරික අපද්‍රව්‍යවලින් සකස් කළ කාබනික ලේබලය ගැසූ මෙ.ටො. 96,000 ක් රටට ගේන්වන්නට ආණ්ඩුව උත්සහ කරනවා. මෙයට ඩොලර් මිලියන 63.7 ක් වැය වෙනවා. ලංකාවේ පර්යේෂණගාර තුනක් මේ චීන කුණු කන්දල් තොගය පරීක්ෂා කරලා ඒවායේ බැක්ටීරියා තියෙන බව ත්, ගොවි බිම්පලට නොයෙදිය යුතු බවත් පවසනවා. නිරෝධායන නීතිවලට පිටින් ඇපල් ගොඩියක්, මිදි පොකුරක් ගෙනාවොත් ඒක ගුවන් තොටුපලෙන් එළියට දෙන්නේ නෑ. හැබැයි චීන කුණු ගේන්න බලපත්‍ර දෙනවා. කාබනික ලේබල් ගහලා, චීන රසායනාගාර සහතිකයක් හදලා රට පුරා විසුරුවන්ට හදනවා.

මහ කන්නය සඳහා මධ්‍යම, නැගෙනහිර පළාත් දෙකේ මුලික පොහොර අවශ්‍යතාවයට වඩා වැඩි වැඩි මුදලක් මේ චීන කුණු කන්දල්වලට වැය වෙනවා.

මහ කන්නය දැන් ආරම්භ වෙලා තියෙනවා. මිනිස්සුන්ට වී ටික විකුණගන්න විදිහක් නෑ. ගොවියාට වල් නාශක නැතිව කුඹුරු හාන්න විදිහක් නෑ. එළවළු, ගොයම් කෘමිනාශක නැතුව විනාශයි. පොහොර ටික නැතුව උඩරට ගොවියෝ කඳු කන්නයේ බිම කොටන්නේ නෑ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අද තක්කඩි ව්‍යාපාරිකයින් රැලකගේ ග්‍රහණයට අහුවෙලා ඉවරයි. අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ කරන්නේ දේශපාලන ගජමිතුරන් පිරිසකගේ ව්‍යාපාරික උවමනාවන්ටයි. අසූචි විකුණා මුදල් හොයන ගජ මිතුරු කණ්ඩායමේ උත්සාහය පරාජය කළ යුතුයි.

– midea unit

33,329 views

36 Comments to “කාබනික පොහොර කියා චීන කක්කුසි ලංකාවට හලන්න හදනවා.. පර්යේෂනාගාර තුනක ෆේල්”

  1. The Funeral Director says:

    පෝර රටින් ගෙන්නන්නනට නොවී සුනංගු
    දාල මුලින් ජනතාවගෙ මුඛෙි විලංගු
    පාලකයින් රෙද්ද අස්සෙ ගහන් පඩංගු
    අන්තිමෙිදි ගෙනත් බාල මෙන්න චීංගු

  2. ඔයා නොදන්නා කාරණා දැන ගත්තොත් හොඳයි . වැසිකිළි අප ද්‍රව්‍ය පෙහොර ලෙස යොදා ගන්න පුළුවන් . ගිහිල්ලා බලන්න අකුරැස්ස තියෙන නිල්වලා අධ්‍යාපන විද්‍යා පීඨය ට. 1985 ජපාන පරිත්‍යාගය ක්. එහි වැසිකිළි වලින් එකතු වන ද්‍රව්‍ය වෙන් කර පොහොර සාදා ඉවතට ඉබේම එනවා. ජලය පිරිසිදු වී අසල වැවට එකතු වෙනව. පෙහොර වත්තේ පැල වලට දානවා. ගිහිල්ලා බලන්න . මහරගම තරුණ සේවා සභාවෙත් එය ක්‍රියාත්මක යි.

    • ඔයා කැමති චීන කක්කා පොහොර වලටද? නැත්තන් ඉන්දියාවේ ඒවටද?

      ගෙදර පැළ වලට ඔයා කක්කා දානවද?

      පොඩ්ඩක් තෙරුම් ගන්නවා මනුස්සයෝ දන්නේ නැති බැක්ටිරියා, වයිරස් අවොත් ඔය කාබනික ගුලි හරියන්නේ නෑ. ඊට පස්සේ චින කෑම කාලා කක්කා දාන්න වෙන්නේ

    • සදුන් ගමගේ says:

      මේ බණ්ඩාර කියන ළදරුවාට ඕවා තෙරෙන්නේ නෑ..මිත්‍රයා.. එයාට තේරෙන්නෙ සජිත්ගේ කකුස්සි කඩන් කන්න විතරයි.. එයා හිතනේ ඇයි එයාලා කන ඒවා මල් වලට පොහොර විදියට දාන්නේ කියලයි…

  3. බන්ඩා says:

    ආණ්ඩුව පොහොර වැඩේ ආනාගෙන බව කල්තියා අපි කිව්වෙ ආණ්ඩුව රැක ගන්නය්. දැන් නම් පරක්කුඩිය් වගෙය්.

  4. බන්ඩා says:

    ආණ්ඩුව පොහොර වැඩේ ආනාගෙන බව කල්තියා අපි කිව්වෙ ආණ්ඩුව රැක ගන්නය්. දැන් නම් පරක්කු වැඩිය් වගෙය්.ක්‍රමානුකූලව ස්ටේජ් ස්ටේජ් කල යුතු දේ එක සැරේ කරන්න ගිහින් රටම අමාරැවේ දැම්මා.

    • සිංහල බන්ඩා says:

      සහතික ඇත්න. වසර 5 ක් තුල 50%ක කාබනික ටාගට් එකකට යායුතුව තිබුනා.

  5. හිටං says:

    චීන පොහොර පාස් උනත් ෆේල් උනත් කාබනික සාගතේ මග එනවා.

  6. Sam Fernando says:

    වහගනින් ගෑනියේ උඹේ කක්කුස්සි කට.

  7. keerthi says:

    ගොවීන්ට කෘෂිකාර්මික යෙදවුම් සැපයීමට රජයට සැලැස්මක් නැත, එබැවින් ස්වාභාවික ගොවිතැන සංකල්ප ගැන සියලු ගොවීන් දැනුවත් විය යුතුය

  8. 3% ට බය බයියා. says:

    පොහොට්ටුවේ උන් චීන්නු දෙන ඕන ජරාවක් කන්න ලෑස්ති වෙලා ඉන්නෙ .

  9. Darshana abayakoon says:

    රටේ කරුමෙට පාලනේ කරන එකාට මොලේ කලදක් නෑ. එක්කො ඒකා කුමන්ත්‍රනයක් කරනව රටේ ගොවි බිම් ටික විනාශ කරල දාන්න. මේවට විරුද්ධ වෙන්න කොන්ද පන තියෙන විපක්ශෙකුත් නෑ. දැනටම ආර්ථිකේ බිමටම සමතලා කරලා ඉවරයි ඉතුරුවෙලා තිබ්බෙ පැලයක් හිටවගෙන කන්න තිබ්බ භූමිය විතරයි දැන් ඒකටත් සුපිරියටම කෙලවන්න තමයි හදන්නේ. මේ කෙලින්න හදන්නෙ උපදින්න ඉන්න පරම්පරාවට ඉතුරු වෙලා තිබ්බ අවසාන උරුමයට. මේක වෙන්න දුන්නොත් මේ ශ්‍රි ලාංකේය ජාතියේ මළගම තමයි.

  10. සදුන් ගමගේ says:

    ඇන්ටි … ලංකාවේ මොන රසායනාගාරයේ වාර්ථාව ෆේල් කියලා තියෙන්නේ.. පොඩ්ඩක් කියන්න බලන්න.. අපිටත් දැගන්න ආසයි..
    කවුද බන්..අතේ පත්තු වෙන කෙබර කෙලින මේ ඇන්ටා පාර