කාබනික පොහොර ගොවිතැන යොදා ගන්නැයි ජනපතිගෙන් උපදෙස්..

June 10, 2020 at 8:02 am | lanka C news
කාබනික පොහොර ගොවිතැන යොදා ගන්නැයි ජනපතිගෙන් උපදෙස්..

පොහොර සැපයුම, බෙදාහැරීම හා භාවිතය ආශ්‍රිතව ගොවි ජනතාවට ඇති ප්‍රශ්නවලට වහා විසඳුම් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

දීර්ඝ කාලයක සිට වගා කන්න ආරම්භයේ දී පළාත් බොහොමයක පොහොර  ප්‍රශ්නය පැන නගී. කෙටි, මධ්‍ය සහ දිගුකාලීන වශයෙන් ඊට පිළියම් සෙවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

රසායනික පොහොර භාවිතය නිසා පසෙහි ස්වභාවය විශාල වෙනසකට ලක්ව තිබේ. වැඩි අස්වැන්නක් අපේක්ෂාවෙන් ගොවීහූ අධික  පොහොර භාවිතයට හුරු වි සිටිති. මේ තත්ත්වයෙන් ක්‍රමානුකූලව මිදී කාබනික පොහොර භාවිතයට යොමුවීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

පොහොර සැපයුම හා බෙදාහැරීම පිළිබඳ වත්මන් තත්වය සොයා බැලීමට අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ අදහස් පළ කෙරිණි.

යල කන්නයේ වගාව ආරම්භයත් සමග පොහොර පිළිබඳ ගැටළුව නැවතත් පැන නැගී තිබේ. වී සඳහා ඉහළ මිලක් ලැබීම නිසා ගොවීහූ වැඩිපුර වී වගාවට යොමුව සිටිති. කෘෂි ආනයන සීමා කිරීමත්, වතු වගාව සහ එළවළු පළතුරු සහ ධාන්‍ය වගා කෙරෙන බිම් ප්‍රමාණය ඉහළ යාමද පොහොර ප්‍රශ්නයට මුල්වී ඇති බව  නිලධාරීහූ සහ ආණ්ඩුකාරවරු පෙන්වා දුන්හ.

පොහොර භාවිත කළ යුතු ආකාරය පිළිබඳව කෘෂි නිලධාරීන් සහ මාධ්‍ය මගින් ගොවීන් දැනුවත් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේය. උතුරේ ගොවීහූ කාබනික පොහොර භාවිතයට නැඹුරුව සිටිති. ඉන් ලැබෙන අස්වැන්න ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ද ඉහළ බව උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය කීවාය.

අතීතයේ මෙන් රටේ සෙසු පළාත්වල ගොවීන්ද කාබනික පොහොර භාවිතයට යොමු කිරීමෙන් ඇතැම් සෞඛ්‍ය ගැටලුවලින් නිදහස් වීමට හැකි බව ජනාධිපතිතුමා පැවසීය.

කාබනික පොහොර නිසි ප්‍රමිතියකින් නිෂ්පාදනයට විශේෂ අවධානය යොමු කරන ලෙසත්, කාබනික පොහොර ඉක්මණින් භාවිත කළ හැකි වගා මොනවාද යන්න සොයා බලන ලෙසත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. කාබනික පොහොර යෙදා ගනිමින් අස්වද්දා ඇති වගාබිම් අත්කරගෙන ඇති ප්‍රගතිය සොයා බැලීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ. කාබනික පොහොර භාවිතය දිරි ගැන්වීම පිණිස අස්වනු මිලදී ගැනීමේ දී වැඩිමිලක් නියම කිරීමටත් ඒ සඳහා  සහන සැලසීමටත් අවධානය යොමු වී තිබේ.

කාබනික පොහොර නිෂ්පාදනය මහා පරිමාණ ව්‍යාපාරයක් ලෙස දියුණු කිරීමෙන් රසායනික පොහොර සඳහා ඇති ඉල්ලුම පහත හෙළිය හැකි බවද ජනාධිපතිතුමා සඳහන් කළේය. ලෝක වෙළෙඳ පොළේ කාබනික පොහොර බෙදාහැරීම ගැන සොයා බැලීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් විය.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ පළාත් ආණ්ඩුකාරවරු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා මහත්වරු ඇතුළු නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

999 views

15 Comments to “කාබනික පොහොර ගොවිතැන යොදා ගන්නැයි ජනපතිගෙන් උපදෙස්..”

  1. ගොවියා says:

    ⁣2019 වසරේ කෘෂි දෙපාර්තමේන්තුවේ ⁣හොදම කොම්පොස්ට් නිශ්පාදකයා ලෙස තේරුනේ මමය්. ඩිලාන් potterfarm.lk

    • Chinthana says:

      Its Not enough… You have give your product name, Manufacturer address, Board of directors. Number of employees, Profit & Annual Accounts too.

    • wijebahu says:

      Time to time this sadin/parippu clown comes up with something cheer up bayyas. he is the one who wants to develop tourism bu giving free fertilizer.

  2. දියරකුස් says:

    එක්කෝ ජනාධිපති ගංජා ගහනවා එහෙම නැත්නම් ගංජා ගහපු එවුන් එතුමාට උපදෙස් දෙනවා. කාබනික පොහොර දාලා හදපු එළවලු අදත් අපේ රටේ විකුණන්න තියනවා. නමුත් එකේ ඵලදාව ඉතා අඩු නිසා විකුණුම් මිල දෙගුණයක් වෙනවා. දැන් තියන මැලේසියන් ඇට ඔය කාබනික පොර දාලා ලොකු අස්වැන්නක් ගන්න බැහැ. ඊට වඩා හොඳයි පිට රටින් එළොළුත් ගෙනල්ල කෑවනම්. කාටවත් පොළොවේ තියන යථාර්ථය පෙන්නෙන්නති හැටි.

    • අල්ලපු ගෙදර තිනන් says:

      දියරකුස්, ඔබ කාබනික පොහොර භාවිතයෙන් කරන වගාව කරල තියෙනවද? වී වගාව හැරුණු කොට අනෙකුත් සෑම වගාවකින් ම රසායනික පොහොරට වඩා වැඩි අස්වැන්නක් ලබාගැනීමට පුළුවන්. වී වගාවේදී නම් දේශීය වී වර්ග වලට මාරු නොවී කාබනික වගාවක් කරන්න අපහසුයි.
      කාබනික සංයෝග ඇසුරින් කරන වගාව ඉතා සීමිත වීමත්, ඒ සඳහා මෑතකාලීනව විශාල ඉල්ලුමක් ඇති වීමත් නිසා වෙළඳපොළේ ඒවාට ඉහළ මිළක් නියම වෙනවා.

    • බුරුවෝ තෝ මෙච්චර කල් අගහරු ලෝකෙද හිටියේ. අනික ඔය රචනාව ලියන්න තෝ කියක් ගත්තද? උඔ දියරකුස් නෙමෙයි NGO බැල රකුස් කෙනෙක්. ජනාධිපතිතුමා නෙමේ ගංජා ගහලා තියෙන්නෙ තොයි. අනික වගාව ගැන උඔ මොන රෙද්දක්ද දන්නෙ. මිනිහෝ දැන් තමයි ලංකාවට කෘෂි අර්ථිකයකට නව චින්තනයක් රැගෙන එන්නෙ. තෝ වගේ පිනට කන හිගන්නන්ගේ අර්ථිකයක් නෙමෙයි වැඩ කරන ජනතාවගේ අර්ථිකවක් ඉදිරියට ගොඩ නැගෙන්නෙ. තොපිලගේ වල්බූරු විවෘත අර්ථික මාෆියාව නිසා තමයි බං ලංකාව මේ තත්ත්වයට වැටුනේ. දැන්වත් වර්ථමාන රජය ගෙනියන වැඩ පිලිවෙලට සහයෝගය දක්වපං සල්ලි වලට අවලං කථා නොකියා.

      • දියරකුස් says:

        කටපිලර් අන්න චින්තනය රෝල් කරලා බෙදනවා. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට ගිහින් දෙකට නැමිලා රෙද්ද උස්සන් පොඩ්ඩක් දික් කරහන්. නොමිලේ ම දෙයි. Facebook එකෙන් වගා කරපු එවුන් එනවා රටේ කෘෂිකර්මය කරන හැටි කියන්න. දෙන ගානක් අරන් කඩේ පලයන් කරන්න බැරි ඒව නොකියා.

    • දියරකුස් ඔන්න බොරු ටොන් ගානක් ඉදිරි මැතිවරණය සදහා ගෙන එන කිඔුලා නිදහස්. තෝ උත් එක්කම පිටරට එළවලු කාපං. උන් මෙච්චර කල් හිටියා නම් තොට කන්න වෙන්නෙ ගෑස් පැය 12 න්.

    • DOC says:

      රුපියල් 10,000ක රසායනික පොහොර කන්නෙකට ගහපු උන් කාබනික පොහොර ගහන්නේ රුපියල් 500ක විතර. ඉතින් කොහොද අස්වනු ලැබෙන්නේ?
      ගහනවානම් රසායනික පොහොර වලට වියදම් කරපු මුදලටම කාබනික පොහොර අරන් ගහපන්. එතකොට බලපන් අස්වැන්න වැඩි වෙන්න නැද්ද කියලා.

  3. kumara says:

    මොහු රට පොහොර ගෙන්නන කොම්පැනියක ඒජන්තයෙක් නැත්නම් කුලියට ලියන්නෙක්. එකයි අමාරුව

  4. Prof Rohan Rajapakse says:

    The use of organic agriculture is OK for certain extent to preserve the environment but to increase productivity of crops the use of chemical fertilizers is essential. The varieties that has been bred based on chemical fertilizers and if they are not used the yield and productivity will be significantly less What is required is balance approach

    • Kure says:

      It depend on the quality of the soil. It has been proven that through application of chemical fertilisers for a longer period, soil quality become degraded. Even addition of minute dosage can harm the soil micro flora and other organisms which help to develop the soil. Therefore, various organic farming methods are followed even in western world to increase the harvest while protecting the soil and environment. Unfortunately our so called scientists still repeat the old theories cultivated in their mind by chemical fertiliser mafia. Some of them have undergone scholarships and training given through such big multinational companies.

      • ගොවි පුතා says:

        Potter Farm Organics is an award-winning manufacture of premium compost. Our substrate is manufactured to the highest quality by discarding all inorganic matter such as plastic. We use only perishable organic waste as raw materials such as vegetable and fruit waste, FYM, Gilicedia etc.
        Our compost acts as a soil conditioner, it rejuvenates the soil enriching it and making the soil healthy.
        Potter Farm compost can be used for tea bushes, coconut trees, pepper vines, paddy, vegetables, flowers etc to grow them faster and healthier to give out a better organic yield.

  5. අපේ රට says:

    ජනපතිතුමනි,මේ පිළිබදව මිට පෙරත් කියා ඇත. වහාම පළාත් 9 තුල “කාබනික පොහොර” නිපදවිය හැකි ව්‍යයාපාරිකයන් 9 ක් හදුනා ගමු. රජයේ මැදිහත් විමෙන් වසර 5 කට ණය ආධාර ඔවුනට ලබාදි කම්හල් ඉදිකර නිපැයුම් පටන්ගමු. මේ තැන්වල රැකියාවට පළාතේම ආසන මට්ටමින් එක් පවුලකට එක් රැකියා අවස්ධාවක් ලෙස ලබාදෙනින් අනුයුක්ත කරමු. මිට සමගාමිව “රටපොහොර” වසර 3 නක් ගෙන එමින් 4 වන වසරේ සිට ගොවියාට “කාබණික පොහොරත්” ලබාදෙනින් “රටපොහොර” අඩුකරමු. තවද මිට සමගාමිව සපුගස්කන්ද පිරිපහදුව විදේශ ආධාර මත නවිකරණයකර “නයිලෝ 6” හා “යුරියා” නිපදවිමත් අරබමින් “රටපොහොර” ගෙන ඒම නවතමු. නමුත් මේ සියල්ල ගොවියාට කෙලින්ම ලැබෙන වැඩපිලිවල කාර්යක්ෂම කරමු.

  6. Gamaya says:

    Kaalayah Ratanath Hitewwa Neda Katin Bathala Kola …?