කාබනික පොහොර දැමූ තේ වගා විනාශයි.. දළු නෑ.. ගද විතරයි…

May 1, 2022 at 1:20 pm | lanka C news
කාබනික පොහොර දැමූ තේ වගා විනාශයි.. දළු නෑ.. ගද විතරයි…

තේ වගාව සදහා යොදන යුරියා අඩංගු රසායනික පොහොර වසරක පමණ කාලයක සිට නොමැති කම හේතුවෙන් තේ වගාවන් සදහා කොමිපෝස්ටි පොහොර යෙදු නමුත් තේවගාවන්වල පොහොර යෙදු පාටක්වත් පෙනෙන්නට නොමැති බවත් කොමිපෝස්ටි පොහොර යනු දිරාපත් වු කුණු ගොඩක් පමණක් බවද බලන්ගොඩ ප්‍රදේශයේ කුඩා තේ ගොවිහුු පෙන්වා දෙති.

රසායනික පොහොර නොමැති කම හේතුවෙන් තේ වගාවට කොමිපෝස්ටි පොහොර හෙවත් කාබනික පොහොර යොදා වසරකට ආසන්න කාලයක් ගත වුවද එයින් අස්වැන්න වැඩිවිමක් හෝ තේ පදුරැ වර්ධනය විමක් සිදු නොවුණු බවද තේ වතු හිමියන් සදහන් කරති.

කොමිපෝස්ටි පොහොර සදහා වැය කල මුදලට සරිලන ආදායමක්වත් ලබා ගැනිමට නොහැකි වු බවද කොමිපෝස්ටි පොහොර වලින් හමන අධික දුර්ගන්ධය පමක් ඉතිරි වු බව ඔවුහු පෙන්වා දෙති.

තේ වගාවන් වලට තව මාස කිහිපක් රසායනික පොහොර යෙදිම සිදු නොකල හොත් තේ වගාවන් සමිපුරණයෙන්ම වඳ වි යන තත්ත්වයට තත්ත්වය බරපතල වි ඇතැයි ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් පෙන්වා දෙති.

– බලන්ගොඩ  සමිපත්  ප්‍රියනන්දන

28,606 views

15 Comments to “කාබනික පොහොර දැමූ තේ වගා විනාශයි.. දළු නෑ.. ගද විතරයි…”

  1. Kapila says:

    දැනට කාබනික පොහොර පමණක් භාවිතා කරන තේ වතු රාශියක් ඔංකවේ තියෙනවා. සාමාන්‍ය තේ දළු කිලෝව රුපියල් 100.00 කට මිල වෙනකොට කාබනික තේ දළු කිලෝව රුපියල් 145.00 කට අලෙවි කරන්න පුළුවන්. උපදෙස් අවශ්‍ය නම් දෙනියාය ප්‍රදේශයේ ගොවීන් සම්බන්ධ කරන්න පුළුවන්.

  2. අවුළුපත් පෙරේතයා says:

    දිරාපත් වූ චීන කක්කා ..

  3. Sam Roks says:

    කාබනික පොහොර වලින් පමණක් සාර්ථකව වගා කරන්න පුලුවන් බවට කෘෂි නිලධාරීන් පවා ජනාධිපතිතුමාට උපදෙස් දීල තිබුනා. වකුගඩු රෝගයට විසඳුමක් ලෙස කෘෂි රසායනික භාවිතය නවත්තන්න ඕන කියන දේ ඉස්සර ඉඳන්ම අපේ රටේ තිබුනු මතයක්. දැන් කාබනික ගොවිතැන අසාථක වුනු නිසා ජනාධිපතිතුමාට මඩ ගහන්න ඒක යොදා ගත්තා වුනත් කාබනික බොහොර සංකල්පය ජනාධිපතිතුමා අවංකවම හොඳ චේතනාවෙන් ගෙනාපු දෙයක්.

    • Nilantha says:

      ඇතැම් නිලධාරීන්ගෙන් ජනාධිපතිතුමාට වැරදි උපදෙස් ලැබී තිබෙනවා. ඒත් ජනාධිපතිතුමාගේ Organic Farming project එක හොඳ දෙයක්. Organic products වලට විදේශ වලත් විශාල ඉල්ලුමක් තිබෙනවා. පියවරෙන් පියවර වත් Organic වලට යන එක තමයි අනාගත පරපුරට සෞඛ්ය සම්පන්න වන්නේ

    • Samson says:

      ඓන්ද්‍රීය ගොවිතැන වනාහී ‘කාබනික’ යන නොගැලපෙන පරිවර්තනය සහිත, මහත් ඵලදායි කෘෂිකර්මය ක්‍රමයකි. පෙර පැරකුම් රජදවස කෝටි අටක මහා ජන සමූහයකට බත බුලත සැපයුවේද ස්වාභාවික ගොවිතැනයි.
      ඊනියා පොහොර ව්‍යාපාර මෙය හෙලාදැක්කේ තම වාසියටයි.
      හැබැයි ජනපති කලයුතුව තිබුනේ මෙය ක්‍රමානුකූලව වසර ගණනකින් ක්‍රියාත්මක කිරීමයි. වැරදුනේ එතනයි.
      මංමාවත් දෙපස තණකොල පවා ස්වාභාවික පොහොර සඳහා යොදාගතහැකියි.
      කිසිදු සැලකිය යුතු පොහොර නිශ්පාදනයකින් තොරව කිරීමයි වැරැද්ද.

      • Nalin says:

        මොකක්?? පරාක්‍රමබාහුවාගේ කාලේ කෝටි 8ක ජනගහණයක් හිටියා??? තෝ ගංජා ගහලද කුඩු ගහලද? වර්තමාන ජජගහණයත් කෝටි දෙකකට පොඩ්ඩියි වැඩි.

        • Sebasthiyan says:

          ඉතිහාසය නොදත් ඔබ වැනි අය ගැන කණගාටුයි. පාරිසරික ව්‍යසන රෝග පීඩා ආදියෙන් එකලින් පසු බොහෝ මිනිසුන් මියගොස් ඇත.

        • dilan says:

          අනේ පව් නලින්. උගේ හිතේ ජනගහනේ එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ කියලා.

          මාරි මෝඩ කම පෙන්නලා කොමෙන්ටුත් කෙලිනවා.

  4. Ishan says:

    chemical වලට වඩා චීන ගු රසයෙන් වැඩි නේ …

  5. Samson says:

    එතුමා සමාව ගතයුතුව තිබුනේ ‘කාබනික’ සංකල්පයට නොව එය හඳුන්වා දුන් ක්‍රමයේ වැරැද්දටයි.
    ලොව දියුණු රටවල් පවා අද යන්නේ ඓන්ද්‍රීය ගොවිතැන වෙතයි. ඒ බව ජනපති ම පවසා ඇත.

    • Baiya69 says:

      Ethuma meka hitha mathama karapu wadak. Mokada mola bagayak thiyana 5 panthiye lamek wunath dannawa eka paaratama 100% wenas karanna baha kiyala.

  6. චන්දු says:

    පට්ටපල් බොරූ කොම්පෝස්ට් වලින් හොදට දළුතියනව .එන්න රොටුඹ මගේ ඉඩමට.

  7. යූඇන්පී වසලයා says:

    මේ පාඩුව අයකරගන්න ඕනෑ පාදෙනිය බූරු දොස්තර ගෙන් සහ රතනේ චීවර ධාරියා ගෙන්. මොවුන් නොදන්නා කෘෂිකර්මයක් ගැන විශේෂඥ මත පලකරන්න ගිහින් ලන්කාවටම කෙලෙව්වා. මුන් තාමත් ලැජ්ජා නැතිව ඇඳුම් ඇඳගෙන පාරට බහින්නේ කොහොමද? හරි දැක්මක් නොමැති ජනාධිපති වරයා මේ හරකුන් දෙන්නගේ ගැටයට අහු උනා.

  8. Farmer says:

    අප කොතරම් තර්ක විතර්ක ඉදිරිපත් කළත් යථාර්ථය වන්නේ අපේ කෑම ටික වවන ගොවියා අද වන විට බංකොලොත් වෙලා තියෙන එක. කාබනික ගොවිතැන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ සූක්‍ෂම පුහුණුව බලෙන් කරවන්න බැහැ. අපේ කාබනික ගොවිතැන කරන වත්තක් සහ රසායනික පොහොර භාවිතයෙන් කරන වත්තක් තියෙනවා. අපේ කාබනික ගොවිතැන කිරීමෙන් ඉගෙන ගත්ත පළවෙනි පාඩම තමයි ගෙවතු කාබනික වගාවයි වානිජ කාබනික කෘෂිකර්මයයි කියන්නේ දෙකක් කියන එකයි. වානිජ කාබනික ගොවිතැන සාර්ථක කර ගැනීම සඳහා ආදායම වියදමට වඩා වැඩි වෙන්න අත්‍යවශ්‍යයි.

Main News