කාබනික පොහොර නැව ගෙන්වූ අය බුද්ධි මාරඹේ හෙලි කරයි.. දේශපාලන සම්බන්ධතා ඇති සේදර කෙනෙක්…

October 28, 2021 at 10:00 pm | lanka C news
කාබනික පොහොර නැව ගෙන්වූ අය බුද්ධි මාරඹේ හෙලි කරයි.. දේශපාලන සම්බන්ධතා ඇති සේදර කෙනෙක්…

ආන්දෝලනයකට ලක්ව ඇති කාබනික පොහොර ගෙන්වූ සමාගමේ දේශීය නියෝජිතයා දේශපාලන සම්බන්ධකම් සහිත සේදර කෙනෙක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා සඳහන් කරයි.

කාබනික පොහොර භාවිතය ජනාධිපතිට දුන් ලණුවක් බවත් ඊනියා විද්වතුන් ඉදිරිපත් කිරීම් කරමින් අධිපතිවරයා රවටා ඇති බවත් ඒ මහතා පැවසීය.

ලඟදිම මේ හේතුවෙන් මහත් සාගතයක් නිර්මාණය වන බවත් දැන්වත් මෙම තීරණය පසු පසට ගත යුතු බවත් ඔහු කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

133,956 views

17 Comments to “කාබනික පොහොර නැව ගෙන්වූ අය බුද්ධි මාරඹේ හෙලි කරයි.. දේශපාලන සම්බන්ධතා ඇති සේදර කෙනෙක්…”

  1. Ayotallah says:

    You have disclosed very important information. The academics who has taken HE the president for a ride is disclosed by former Wayamba CM convincing the HE President a program earmarked for 10 years could be done in a single season is now well known and they are totally responsible for a famine in coming season

  2. kure says:

    මොවුන් විද්වතුන් ලෙස පෙනී සිටියත් සැබවින්ම කථා කරන්නේ තමන්ට sponsor කරන බහුජාතික සමාගම් වෙනුවෙනි. මුලික උපාධියේ සිට ආචාර්ය උපාධිය උපාධියේ දක්වාත් තම පර්යේෂණ කර ඇත්තේ බහුජාතික සමාගම්වල අවශ්‍යතාවයන් වෙනුවෙනි. ඔවුන්ට කනගාටුව මෙරට ගොවින් ගැන නොව තමන් අධ්‍යක්ෂකම් දරණ කොම්පැනිවලට අහිමි වන මුදල් කුට්ටිය ගැනයි. ආණ්ඩුවේ මෝඩකම් විසින් මෙවැනි ඊනියා විද්වතුන්ට, බහුජාතික සමාගම් වෙනුවෙන් කුළියට පෙළපාලි යන JVP ගොයියන්ට කදිම වේදිකාවක් සපයාදී ඇත.

  3. harsha says:

    කියලා තියෙන දේ හරිද වැරදිද කියලා හොයලා බලන එකයි හොඳ, කිව්ව එකාගේ පැටිකිරිය හොයනවාට වඩා.