කාබනික පොහොර නිෂ්පාදනය ගොවියෙකුට රුපියල් 10000ක්…

June 19, 2021 at 2:27 am | lanka C news
කාබනික පොහොර නිෂ්පාදනය ගොවියෙකුට රුපියල් 10000ක්…

එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදන හා සැපයුම පිළිබඳ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මැතිතුමා, අමාත්‍යාංශ රැසක ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, මණ්ඩල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ ජනරාල්වරුන් යුධ හමුදාවේ හා සිවිල් ආරක්ෂක බලකාය ප්‍රධානින් නියෝජනය කරමින් එහි නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්වුණා. මේ වන විටත් කාබනික පොහොර නිෂ්පාදන කටයුතු බොහෝ ආයතන ආරම්භ කර ඇති බව මෙහිදී ඔවුන් හෙළි කලා.

හෙක්ටයාරයක් සඳහා කාබනික පොහොර 500kg ක් ශාක පෝෂක ඇමෝනියම් ඇසිඩ් 5 kg ක් පොටෑසියම් 35kg හා ජෛව පොහොර ලීටර් 10 ක් නිර්දේශ කර තිබෙනවා. වගා කෙරෙන හෙක්ටයාර ලක්ෂ 16 වෙනුවෙන් මෙම නිර්දේශයන්ට අනුව කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සඳහා සියලු ආයතන සම්බන්ධීකරණයෙන් ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම රජයේ අරමුණයි. මීට අමතරව හෙක්ටයාරයක් සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කරන එක් ගොවියෙකුට රුපියල් 10000 ක මුදලක් ලබා දීමටත් තීරණය කර තිබෙනවා.

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉඩම්, තාක්ෂණය, යන්ත්‍ර සූත්‍ර, උපකරණ අවශ්‍ය පරිදි ලබා දීමටද පියවර ගෙන තිබෙනවා. පළාත් පාලන ආයතන, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, මිල්කෝ සමාගම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ඒ ආශ්‍රිත ගොවිපළවල්, ජනතා වතු සංවර්ධන මණ්ඩලය ඇතුළු වතු සමාගම්, ලංකා පොස්පේට් සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලය, පළාත් සභා, මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ධීවර අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ගණනාවක්, ජල සම්පාදන මණ්ඩලය, සමුපකාර දෙපාර්තමේන්තුව, යුධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආදී බහුවිධ ආයතන කාබනික පොහොර ජාතික අවශ්‍යතාවය ඉටු කිරීමට අවශ්‍ය නිෂ්පාදන කටයුතු කිරීමට පියවර ගෙන අවසන්.

රණවිරු සේවා අධිකාරිය හරහා ආබාධිත හා විශ්‍රාමික රණවිරුවන්ගේද ආර්ථිකය නගා සිටුවමින් කාබනික පොහොර නිෂ්පාදනයට යුධ හමුදා ගම්මාන ආශ්‍රිත විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව රණවිරුසේවා අධිකාරියේ සභාපතිතුමිය මෙහිදී ප්‍රකාශ කළා. ඉදිරි සතියේ ඒ ඒ ආයතන ජාතික පොහොර අවශ්‍යතාවය වෙනුවෙන් නිෂ්පාදනය කළ හැකි කාබනික පොහොර ප්‍රමාණය දැනුම් දෙන බව මෙහිදී ප්‍රකාශ කළා.

එළඹෙන මහ කන්නය වෙනුවෙන් සැප්තැම්බර් මුල වන විට නිෂ්පාදනය කළ හැකි කාබනික පොහොර ප්‍රමාණයන් පිළිබඳ මෙහිදී දීර්ඝව සාකච්ඡා කළා. සියලු පුද්ගලයින් හා ආයතන නිෂ්පාදනය කරන ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර රාජ්‍ය පොහොර සමාගම් හරහා ගැටලුවකින් තොරව මිළට ගැනීමටද වැඩපිළිවෙල සකස්කර අවසන්. වස විස නැති පාරිසරික කාබනික කෘෂිකර්මය තුළින් ලෝකයේ කාබනික ගෙවත්ත ශ්‍රී ලංකාව කිරීමට මේ අයුරින් හැකි සියලු දේ කාර්යක්ෂමව සිදු කරමින් සිටින බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. ගොවි ජනතාවත්, රටේ ජාතික නිෂ්පාදනයටත්, පාරිභෝගිකයාටත්, කාබනික ගොවිතැන තුලින් නිරෝගි පරපුරක් බිහිකරන උතුම් වැඩපිළිවෙලටත්, කිසුදු අවැඩක් සිදු නොවන ප්‍රායෝගික වැඩපිළිවෙලක් සියල්ලන්ගේ සහයෝගයෙන් එක රටක් එකම වැඩ බිමක් ලෙස ක්‍රියාත්මක කරමින් පාරිසරික කාබනික කෘෂිකර්මාන්තයෙන් රට ඉදිරියට ගෙනයාමට අවශ්‍ය පියවර කෘෂිකර්ම අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇත.

– සුජිත් විතානපතිරණ

29,235 views

9 Comments to “කාබනික පොහොර නිෂ්පාදනය ගොවියෙකුට රුපියල් 10000ක්…”

  1. සිංහල බන්ඩා says:

    කාබනික තේරැම වත් නොදන්නා ජාවාරමකාර වියත්මග මංත්‍රීයෙක් නිලධාරීන් කිහිපදෙනෙකු සහග කල්ලි ගැසී ජනාධිපති ගේ කාබනික පොහොර ව්‍යාපෘතිය අසාර්ක ⁣කිරීමට යටිඋගුල් ඇද නොකෙරෙන වෙදකම් කරනවා.

    ගොවීන්ට ආධාර අනුබල දීම ඉතා හොඳය්. නමුත් වසරකට ටොන් සිය ගනනක් ඉස්තරම්ම කාබනික පොහොර සහ දියර නිශ්පාදනය කරන තරැණ පලපුරැදු ව්‍යවසායකයන් සිටියදී ඔවුන්ට කපා හලා දමා ශවලෙන් පොහොර හදන ගොවීන්ට ටොන් 50 ක් හදන්න දිරි ගැන්විමට අගමැති කාර්යාලයේ සම්මංත්‍රනයට කැඳවීම නම් මෙම තීරනාත්මක අවස්ථාවේදී හාස්‍ය ගෙනෙන කරැනත් නම් නෙවෙය්.

  2. Hudson says:

    Pacha. Pacha sir.

  3. මහින්ද කුණාටුව says:

    සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා
    ගැසට් ගැසට් ගැසට් ගැසට් ගැසට් ගැසට් ගැසට්
    ඉල්ලා අස් විම් ඉල්ලා අස් විම් ඉල්ලා අස් විම්
    පත් කිරිම් පත් කිරිම් පත් කිරිම් පත් කිරිම්

  4. ECT says:

    ගොවියෝ අවුස්සගන්න එපා. 225 +1 අල්ලලා කාබනික පොහොර බවට පත් කරාවි. උන්ගෙන් රටට වැඩක් ගන්න පුඵවන් එකම විදිය තමා ඒ.

  5. Red elephant says:

    We have to sabotage this, this will loss billions to our foreign fertilizer and agrochemical companies. They are our saviors and who help us to raise our party funds.

  6. කුවෛට් පොඩි එකා says:

    සෑර් දැන් මේක ගෙවන්න නය ගන්නෙ කොහෙන්ද? බංගලිදේසේන් තව දෙයිද සෑර්…

  7. ගිජුලිහිණි සංදේශය says:

    රට යන අතට තව ඉවසා ඇන්ට බැරි
    මට නොව නුඹට කවි ලීවෙමි නින්ද වැරි
    පෙර කළ පවට වියතුන් නැත රටට සරි
    ඇට නැති දිවට කොයි අතකට නැමෙනු බැරි

  8. ගිජුලිහිණි සංදේශය says:

    රට යන අතට තව ඉවසා ඉන්ට බැරි
    මට නොව නුඹට කවි ලීවෙමි නින්ද වැරි
    පෙර කළ පවට වියතුන් නැත රටට සරි
    ඇට නැති දිවට කොයි අතකට නැමෙනු බැරි

  9. LalithM says:

    මුංට හොඳටම පිස්සු. හෙක්ටයාරයකට කිලෝ 500. හෙක්ටයාරයකට පොල් ගස් 180 ක් තියෙනවා. රසායනික පොහොර කිලෝ 720 ක් ඕන අවම වශයෙන් අවුරුද්දේ පාවිච්චිය සඳහා. කාබනික පොහොර නම් ඒ වගේ පස් ගුණයක් වත් ඕන ඒ පෝෂණය ගන්න. ඒත් මදි. ඔවුන් උත්සාහ කරන්නේ පිටරටින් ආහාර ආනයනය කර කොමිස් ගහන්න.

Main News