කාබනික පොහොර නිෂ්පාදනය ලේසි නෑ..- ජනපති

September 24, 2021 at 12:00 pm | lanka C news
කාබනික පොහොර නිෂ්පාදනය ලේසි නෑ..- ජනපති

ගෝලීය ආහාර පද්ධති වඩාත් තිරසර පරිවර්තනයකට ලක් කිරීම ඉතා වැදගත් අතර, ඒ සඳහා සියලුම පාර්ශ්වකරුවන් එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුවේ මාර්ගගත සභාව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමීව ඊයේ (23) නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුව ආරම්භ කෙරිණි. ” අපට අවශ්‍ය අනාගතය සඳහා වූ පියවර වේගවත් කිරීම” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ සමුළුවේ ප්‍රධාන දේශනය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා විසින් සිදුකරනු ලැබීය.

කොවිඩ් වසංගතය ගෝලීය ආහාර සුරක්ෂිතතාවයේ පැවති දුර්වලතා පෙන්නුම් කළ අවස්ථාවක් බවත්, දේශගුණික විපර්යාසයන් සමග මෙම තත්ත්වය තවත් අයහපත් අතට හැරෙනු ඇති බවත් සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.

තිරසර ආහාර පද්ධති යනු ශ්‍රි ලංකාවේ සාරවත් සමාජ සංස්කෘතික හා ආර්ථික උරුමයේ කොටසකි. ජනතාවගේ සෞඛ්‍යයට සහ පරිසරයට අයහපත් බලපෑම් එල්ල කරන රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක තහනම් කිරීමට තම රජය මෑතකදී ගත් පියවර තිරසර සංවර්ධනය පිළිබඳ වූ රාජ්‍ය ප්‍රතිපත්තියේ වැදගත් සන්ධිස්ථානයක් බව ජනාධිපවරයා පැවසීය.

දීර්ඝකාලීනව රසායනික පොහාරවලට හුරු වූ ගොවීන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම දුෂ්කර වන අතර කාබනික පොහොර ප්‍රමාණවත් පරිදි දේශීයව නිෂ්පාදනය කිරීම ද අභියෝගයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ සඳහා තාක්ෂණික සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශ්‍රිලංකාව සාදරයෙන් පිළිගන්නා බව සඳහන් කළේය.

කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී ග්‍රාමීය දරිද්‍රතාව අවම වන අයුරින් වෙළෙඳපොළ ඉලක්ක කරගත් ආහාර දාමයන් වැඩිදියුණු කිරීම අත්‍යාවශ්‍ය වේ. ඒ තුළින් ශ්‍රී ලංකාවේ ආහාර පද්ධතිය තිරසර ලෙස පරිවර්තනය කිරිමට සහ වඩා හොඳ ආහාර සුරක්ෂිතතාවයක් ඇතිකර ගැනීමට හැකි වනු ඇති බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාවට ලබාදෙන තාක්ෂණික සහාය අගය කළ ජනාධිපතිවරයා අනෙකුත් ගෝලීය සංවිධාන සහ විද්‍යාත්මක ආයතනවලින් ලැබෙන සහායට ද සිය ස්තූතිය පිරිනැමීය.

තම රටවැසි ජනතාවට සහ පෘථිවියට යහපත් අනාගතයක් සහතික කිරීම සියලු රාජ්‍ය නායකයන්ගේ අරමුණ විය යුතු අතර එහිදී මුහුණදීමට සිදුවන ගෝලීය අභියෝගවලට විසඳුම් සෙවීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

මිනිසාගේ මෙන්ම පෘථිවියේ සෞඛ්‍ය යහපත් ලෙස පෝෂණය කළ හැකි පරිදි ගෝලීය ආහාර පද්ධති පරිවර්තනය කිරීමට එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුව මග සළසනු ඇති බවට ද ජනාධිපතිවරයා විසින් විශ්වාසය පළ කරනු ලැබිණ.

– ජනාධිපති මාධ්‍ය අංශය

28,389 views

10 Comments to “කාබනික පොහොර නිෂ්පාදනය ලේසි නෑ..- ජනපති”

  1. baමුනා says:

    හරි කෙලින් වැඩ පිලිවෙලක හදන් නැතිව දෙපැත්තට වැනුනම ගොවින් බයවෙලා ගොවිතැන් නවත්වනවා. රට බඩ ගින්නේ…

    • 3% ට බය බයියා says:

      ඒක ඇත්ත. සජබ පැරදුනෙත් හරි කෙලින් වැඩ පිලිවෙලක හදන් නැතිව දෙපැත්තට වැනුන නිසා. චන්ද දායකයින් බය වෙලා චන්දය නොදී හිටියනෙ.

      • ගෞම් ඊයාරාජ් says:

        උම්මාද ජෙප්පා බයිලා කියනවද? උබලගෙ 3% අටමගලෙ අකුලගෙන ගියා නම් සජබ මෙලහකටත් ආණ්ඩු කරනව. කොහෙද, පලිගන්න එක ඔක්කොටොම වඩා ලොකු උනානෙ උබලගෙ ලොක්කට. දැන් ඌ 3% පොලිෂ් කරනව ඇති පුන්චි දඬු අඬුවෙ තියලා?

  2. දිනේෂ් ගයාන් ඩුබායි says:

    වැහි පොදක් නැති වැලි පොලොවේ මේ වෙද්දි වී ඉරිගු විතරක් නෙමේ කැරට් බීට් පවා වවනව මෙහෙ.ඒ නවීන තාක්ෂණය පාවිච්චි කරල කෘෂි විද්‍යා දැනුම යොදා ගෙන.ඕන ඕනෑ හැටියට ජෙව විද්‍යාත්මක දේ පැල වර්ග රටට ගේන්න බෑ මොකද රට තුලට විවිධ ක්ෂුද්‍ර ජීවීන් විෂබීජ දිලීර එන්න පුලුවන් නිසා ඒකට අපේ රටේ ගොවිතැන තාම හැටේ දශකෙ අප්ඩේට් වෙලා නෑ කැලෑ කප කප වවනව නිෂ්පාදන වියදම ඉහලයි මාකට් එකට අනුව නෙමේ වගාව විකුණගන්න බෑ ඒ මදිවට ලෝකෙ හතරවටෙන් දිලීර ක්ෂුද්‍ර ජීවීන් ගෙන්න ගන්න හදනව කොම්පෝස්ට් විදිහට .ගොවියත් අනාතයි පාරිභෝගිකයත් අනාතයි.

  3. Hudson says:

    Ithin moda manussayo ekada goviyo tika Chaka blast Kare🤣

  4. Truth says:

    Now it’s not easy to run the country

  5. ගෞම් ඊයාරාජ් says:

    සෞභාග්‍යයේ දැක්මෙත් තිබ්බේ වසර දහයක් තුල ස්ථිරසාර කාබනික පොහොර ප්‍රතිපත්තියක් ඇතිකොට , ක්‍රියාවේ නංවනවා කියලනේ මහත්තයො , ඒ කියන්නේ දවසෙන් දෙකින් ක්ශණිකව රසායනික පොහොර නවත්තලා , කිසිම සාක්ශතා අධ්‍යයනයක්, පෙරහුරුවක් නොකර කාබනික පොහොර යොදවීම කොච්චර උඩගු තීරණයක්ද ? ඔබ තුමා කරුණාකරලා ඔය හැමදේම පැත්තකට තියලා ,රටට එලිදක්වපු සෞභාග්‍යේ දැක්ම මුල ඉදලා කියවන්න , ඊට පස්සේ සත්‍ය මුලාශ්‍රවලින් හොයන්න , ඔබතුමා එලිදැක්වූ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාවෙ නැංවෙනවද කියලා ? අපරාදේ , ලක්ශ 69 ක වරමක් අරං , තුනෙන් දෙක්කට ආසන්න ජනවරමක් එක්ක ලැබුනු එක්ස්කැලිබරෙන් ඔබතුමා අද කොස්කොටනවා.

  6. SAMAN JAYARATNE says:

    Recommend to carefully listen to MAWATHA-PROGRAME -SIRASA TV.
    It explains-the road map of conventional agriculture to organic.
    Bitter truth is convert whole SL to organic is impossible within 1-2 months and if well plan and executed it will take minimum 3 years!

  7. Lasantha de Silva says:

    Oracle data base, artificial intelligence mathak wenawa

Main News