කාබනික පොහොර යෙදීම ගොවින්ට හුරු කිරිමේ වැඩසටහන්..

November 15, 2021 at 2:18 am | lanka C news
කාබනික පොහොර යෙදීම ගොවින්ට හුරු කිරිමේ වැඩසටහන්..

කාබනික පොහොර නිෂ්පාදනය උදෙසා ප්‍රාදේශීය මට්ටමෙන් නව ගොවි ව්‍යවසායික බිහිකිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්ෂක , ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කියා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව අමතමිනි.

ගොවිපොළ සඳහා කාබනික පොහොර යෙදීමේ දී ගොවි මහතුන් ඊට හුරු කිරිම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කළ යුතු බව අමාත්‍යවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දෙන ලදී.. ඒ තුළින් වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය කිරීමේ රජයේ වැඩ පිළිවෙල සාර්ථකව කර ගත හැකියි.

දිස්ත්‍රික් ලේකම්වරුන්ට රාජකාරී මට්ටමින් පවතින ගැටලු සොයා බලා ඊට විසඳුම් ලබාදීමට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අවශ්‍ය කටයුතු මෙහිදී සිදු කරන ලදී.

වාරිමාර්ග අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය, ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යංශය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවල වැඩසටහන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා සිදු කිරීමේදී පවතින ගැටලු නිරාකරණය කිරීම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවේදී සිදුවිය.

කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම උදෙසා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පවතින ගැටලූ සොයා බැලීම සඳහා මාසිකව මෙම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මේ අවස්ථාවට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ. ජී ධර්මතිලක යන මහත්වරු මෙන්ම අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියේය.

– කසුන් විරතුංග

9,736 views

11 Comments to “කාබනික පොහොර යෙදීම ගොවින්ට හුරු කිරිමේ වැඩසටහන්..”

  1. ගෝත්‍රිකයා says:

    වසර ලක්ශ ගනනක් පැරණි , මීටර් සිය ගනනක් උස, වසර සිය ගනනක් පැරණි දැවැන්ත වෘක්ෂ ඇති ඇමෙසන් වනාන්තරයට රසායනික පොහොර දැම්මේ කවුද කියලා කවුරු හරි දන්නවා ද ? අනේ නොදන්නා නිසයි ඇහුවේ !

    • harsha says:

      ඇමේසන් වනාන්තරයේ පලදාව කව්රුහරි ඉවත් කරගෙන යනවා නම් රසායනික පොහොර දාන්න වෙයි.

    • Gamaya says:

      Looks like you are one of 6.9m bayya
      No one take nutrition from a forest.

      But in farm land has different story. With every harvest many nutrition taken out with harvest. It shall be put to get proper harvest next time.

    • Suranjan says:

      කුලියට කොටන මෙවන් බේසික කොල්ලන් රටට මහත් සාපයකි….

    • Suranjan says:

      The answer is also included in your question…

      Forests have good and often deep topsoils from all the organic compost on the forest floor and the many decomposing organisms that are free to do their job since forests are not cleaned out like yards and urban/suburban areas. Also in forests plants will grow mainly where the conditions are optimal. People plant trees and bushes where they think they will look nice, but in the wild plants spread their seed as far as they can, and only the ones that land in the best conditions will thrive. The other seeds will not grow or soon will die due to lack of nutrients, sunlight, water, etc…

      Crops for yield not as Rain forests….

  2. බන්ඩා says:

    සාගතය දොරකඩටම එනකන්මුන්ට කාබනික වලින් පමනක් බැහැ කියන එක මුන්ගෙ ඔලු ගෙඩි වලට වැටෙන්නෙ නැහැ.

  3. LalithM says:

    වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න මේ වගේ මිනිස්සුන්ට ජාතික වෑදගත්කමක් තිබෙන විෂයයන් වලට අත දාන්න දීම වැරදි.අනික මෙයා මේ දඟලන්නේ ශෂීන්ද්‍ර පුතාට බැරිව ගිය දේ සාර්ථකයි කියන්න. පව් නොදී දැන්වත් උද්දච්ච කම පැත්තකට දාල රසායනික පොහොර වහාම ලබා දී දිගුකාලීන වැඩ සටහනට කාබනික පොහොර දමන්න. ඒක වෙනම ආණ්ඩුවක් බලාගනියි කොහොමත්. දැනටම මෙයාලා අවුට්.

  4. Ashan perera says:

    Me seeya.. Dan deyyanne kiyala banak bawanawak karagana gedara ennawako. Tikak hari deyak kalpana karala wadak karanna puluwan manussayekta oya awasthawa dela.

    Ehema kalanan kabanika pohora huru karana eka karala danuwath karala pohora hadala piliwelakata wade patan gai. Me wage kisi piliwelak nathuwa gon wada karanna ekak naha.

  5. Kalu Albot says:

    Janaadhiath Kaarya Saadhaka Balakaayak pathkireema sudusuyi!

  6. ඉන්දියාවෙන් හෝ චීනයෙන් පොහොර ගෙන්වීම ! says:

    ඉන්දියාවේ ඩොලර් තුනට ඇති නැනෝ නයිට‍්‍රජන් පොහොර ශ්‍රී ලංකාවට ඩොලර් 12.5ට ගැනීමේදී යම් අකටයුත්තක් සිදුවී ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පිළිගෙන ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය පැවසීය.

    ඉන්දියාවෙන් හෝ චීනයෙන් පොහොර ගෙන්වීම සඳහා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර ඇති බව ද ඇය පැවසුවාය.

    ඒ අනුව මෙම පොහොර ගෙන්වීම සදහා සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාදැයි රටට හෙලිකල යුතු බවත් ඇය පැවසුවාය.

    මන්ත්‍රීවරිය මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිනි

Leave a Comment

Main News