කාබනික පොහොර වැඩමුළුව අම්පාරේ පොහොට්ටු මන්ත‍්‍රීන් වර්ජනයක.. පසුපස විමලවීර…

July 27, 2021 at 2:10 pm | lanka C news
කාබනික පොහොර වැඩමුළුව අම්පාරේ පොහොට්ටු මන්ත‍්‍රීන් වර්ජනයක.. පසුපස විමලවීර…

කාබනික පොහොර ගොවිතැන නැගෙනහිර පළාතේ පලාත් පාලන ආයතන ප‍්‍රධානීන් සදහා පැවති වැඩමුළුවකට අම්පාර දිස්ත‍්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නගරාධිපතිවරුන් හා සභාපතිවරුන් වර්ජනය කර තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ විසින් බලය හොබවන කිසිදු පලාත් පාලන ආයතන ප්‍රධානියකු එම වැඩමුළුව සඳහා සහභාගි වී නැත.

අම්පාර හිටපු නගරාධිපති වරයා සඳහන් කරන්නේ මෙම වැඩමුළුවට සහභාගි වුවොත් ඊළඟ වතාවේ නාමයෝජනා නොදෙන බවට අම්පාර දිස්ත්‍රික් නායක සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට බලපෑම් කළ බවයි.

වැඩමුළුවේ දී ආණ්ඩුකාරවරිය කියා සිටියේ මෙම හමුව වර්ජනය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීමක් සේ සැලකිය හැකි බවය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්වූයේ අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේ දීය.

52,599 views

11 Comments to “කාබනික පොහොර වැඩමුළුව අම්පාරේ පොහොට්ටු මන්ත‍්‍රීන් වර්ජනයක.. පසුපස විමලවීර…”

  1. සිරිසේන 2 says:

    අද වෙනකොට රබොරු කොම්පොස්ට් රටේ ලාබදායීම ගෘහස්ත කර්මාන්තය බවට පත් වෙලා. 🤣🤩

    • ගන්ජ බන්ඩා says:

      නියමය්. කරදියාන කුනු කන්දම කොම්පොස්ට් කරල රට පටවලා ජනාධිපති පදක්කම ගත හැකිය්.

  2. නයා says:

    බුලත් කන ගැමියෙක් නිසා,
    දුෂ්කරව ඉගෙන ගෙන ඉහලට ආ මිනිහෙක් නිසා, මූ ගැන පැහැදීමක් තිබුනා. හැබැයි දැන් දැන් කරන වැඩ නිසා පෙනෙන්නේ අමු ම අමු කුහක ආත්මාර්ථ කාමි ජාරාම දේශපාලන චරිතයක් විදියටයි

    • කපයා says:

      ඕව ජන්ම ගතිගුණ. නැති බැරි කාලෙ බැරි කම නිසා කුණු අමන ගතිගුණ සඟවගෙන අහිංසකය වගේ ඉන්නව. තැනකට ආවට පස්සෙ ඔවුන් තරම් කැරියො නැහැ. හීන මානය තමයි.

  3. සෙනෙවිරත්න says:

    මේ ජේවීපී කාරයන් හැමදේම අවුල් කරනව

  4. dev says:

    meka drohee kriyawak
    mohu podi tanin apu nisa garuthwayak tibuna
    eth dan oluwa idmila nam awlak.

  5. දුක හිතෙනවා says:

    රටක වැදගත් අරමුණක් වෙනුවෙන් පෙල ගැසෙන මේ අවස්ථාවේ , පටු අපේක්ෂාවෙන් වෙනුවෙන් ඉදිරිපත් විම සහ බදා කිරිම කණගාටුවට කරුණකි.

    අධ්‍යාපනය තුලින් ලබා ගන්නා දැනුම තුල ආකල්පමය වශයෙන් දියුණු හැසිරිමක් දක්නට නොලැබිම ද කණගාටු වෙමි.

    මෙහු අමාරුවෙන් අධ්‍යාපනය ලැබු අයෙකි. එහෙත් සමහර හැසිරිම පිළිකුල් සහගතයි.

  6. මූ ගස් ගෝනෙක්. දැක්කාම පේනවා. තක්කඩිකම. ජනාධිපති තුමාට මූ හරියන්නේ නැහැ .

  7. How says:

    ඇත්තටම මේ වාහෙ දැක්කම පවු කියලා හිතුවේ ….හැබැයි මූට දුන්නෙ අලිවැට ඇමතිකම …නමුත් ලොකු වැඩක් කරන්න පුලුවන් රටේ මිනිස්සුන්ට දැනෙන්න යමක් කරන්න පුලුවන් ඇමතිකමක්….හැබැයි මේ මෝඩයා ඒක නාගත්තා….ඇත්තටම මූට වැඩක් කරන්න බෑ….මුං හොද හෝටලේ පිගං හෝදන්න තමයි…..බුලත් නාලා කනි දතෙං යන්න පුලුවන් දුර ඉවරයි ගොයියා ….වැඩක් කරපං බැරිනං බැහැපං එලියට ….මුගෙ මූනෙම තියෙනව එක තැනකින් උඩට එන්න බැරි ගතියක් ….විමලවීරයා ලොසෙක් ……මෝඩයෙක් …

    • LalithM says:

      ස ලොස්. විමලයා පලාතම වින්. කොලරොඩු කාබනික පෝර පෙන්නලා අම්පාරේ ගොවීන් රවටන්න බැරිබව විමලයා දන්නව.

  8. Sharm says:

    Ane paw ahinsaka wimale.. e name awulakda manda.. wimale kotasa gawichcha thana awulak ne balagena yanakota..

Main News