කාබනික වගාවෙන් ගොවීන් අමාරුවේ වැටුනා..- කෘෂිකර්ම ඇමති

January 24, 2022 at 12:00 pm | lanka C news
කාබනික වගාවෙන් ගොවීන් අමාරුවේ වැටුනා..- කෘෂිකර්ම ඇමති

කොරෝනා වෛරස ව්‍යාප්තිය නිසා නිලධාරීන්ට කාබනික වගාව සම්බන්ධයෙන් ගොවීන් නිසි ලෙස දැනුවත් කිරීමට නොහැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

එම අඩුපාඩුකම් හේතුවෙන් ගොවීන් අපහසුතාවයට පත්වූ බව පිළිගන්නා බවද හෙතෙම පැවසීය.

ගොවීන්ට වගා හානි වෙනුවෙන් ගෙවන වන්දි මුදල සහ වී මිල ගැන ඉදිරි කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගන්නා බවද ඔහු පවසයි.

හරිත කෘෂිකර්මාන්තයේ අඩුපාඩු ගණනාවක් සිදු වූ බවත් නියම වෙලාවට ගොවීන්ට පොහොර ලබා දීමට නොහැකි බවත් හෙතෙම කියා සිටී.

එම අඩුපාඩු එළඹෙන එළැඹෙන යල කන්නයේ මගහරවාගෙන නියමිත වෙලාවට පොහොර ලබාදෙන බවද හෙතෙම තවදුරටත් පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී මාධ්‍යවේදීන් වෙත අදහස් පල කරමිනි.

26,230 views

14 Comments to “කාබනික වගාවෙන් ගොවීන් අමාරුවේ වැටුනා..- කෘෂිකර්ම ඇමති”

  1. Nancy says:

    කාබනික වගාව ඉතා හොඳ දෙයක් . නමුත් තොපි වගේ ගොන් රැලකට හොඳ දෙයක්වත් හරියට කරන්න තේරෙන්නේ නැහැ අනා ගන්නෙ නැතුව. නොදකින් තොපිවගේ අමන රැලක්.

  2. Gorilla says:

    මේ වැඩේ කරන්න එපා. මේක සජබයට 5/6 ක බලයක් ලබාදෙන තකතීරු වැඩක්. අන්තිම වතාවේ උන්ට එහෙම ලැබුණ වෙලේ මේරටේ යුද්ධයක් ඇති උනා, 60000 තරුණ තරුණියෝ ටයර් සැයවල්වල මලා. මේකෙන් කොහොමත් අස්වැන්න ගන්න බැ.කාබනිකත් නැතුව චන්දත් නැතුව ගෙදර යන්නනයි ඔයාලට වෙන්නේ.

  3. Sarath Jb Rajaguru says:

    What really happened was farmers weren’t given a chance to make the president aware of organic compounds. It’s understood that it’s impossible tp make the minister aware of it as he doesn’t have basic knowledge to grasp it. It should be understood that any country shouldn’t import/export organic manure as it makes any land vulger to unfavorable microbes.

Main News