කාබනික වගාවෙන් ඵලදාව නෑ කියා ගලවා විනාශ කරයි…

October 18, 2021 at 8:40 am | lanka C news
කාබනික වගාවෙන් ඵලදාව නෑ කියා ගලවා විනාශ කරයි…

එලවළු වගාවට සහ තේ වගාවට රසායනික පොහොර සහ කෘමිනාශක ලබාදෙන ලෙස බල කරමින් තලවකැලේ ලිදුල ප්‍රදේශයේ වතු කම්කරුවන් විශාල පිරිසක් (17) දින උද්ඝෝෂණයක නිරත විය.

සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක අශෝක සේපාල මහතා විසින් සංවිධානය කර තිබු මෙම උද්ඝෝෂණය ලිදුල මොස්ඇල්ල වතු යායයේදි සිදු කරනු ලැබුහ.

උද්ඝෝෂණයේ නියැලි සිටි සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක , ලිදුල ප්‍රදේශයේ වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසින් කියා සිටියේ තේ වගාවට සහ එලවළු වගාවට රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ලබා නොදිම නිසා තේ වගාව මෙන්ම එලවළු වගාවද විනාශ විමෙන් තමන් දැඩි අර්ථික අපහසුතාවයට පත් වි ඇති බවයි.

එවන් අවස්තාවක ගැස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහල දැමිම නිසා තමන් මෙන්ම රටේ ජනතාවද දැඩි ලෙස පිඩාවට පත් වි ඇති බවයි.

කාබනික පොහොර යොදාගෙන තේ වගාවේ සහ එලවළු වගාවේ සාර්ථක අස්වැන්නක් ලබා ගැනිමට නොහැකි බවද උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසින් පැවසිය.

උද්ඝෝෂණයෙන් අනතුරුව එලවළු වගා ගොවිපොල වෙත ගිය එලවළු වගා ගොවින් කොම්පොස්ට් පොහොර භාවිතා කරමින් වගා කර තිබු විනාශ වි ගිය එලවළු වගාවද ගලවා විනාශ කරනු ලැබුහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

19,048 views

6 Comments to “කාබනික වගාවෙන් ඵලදාව නෑ කියා ගලවා විනාශ කරයි…”

  1. LalithM says:

    අනාගත්ත රජුගේ ඇමති මණ්ඩලය රජු තව තවත් විහිළුවට ලක් කරවමින් බොරු දත්ත මගින් රට විකුණාගෙන කති.ඇස් හැර බලන්න.

  2. chamil says:

    These guys protest but they buy organaic foods for their children

    • LION says:

      නිදහස ලබලත් වසර 73 ගිහින් තේ කරමාන්තය දියුණුකිරීමට, තේ වගාවට අවශ්‍ය පොහොර නිපදවීමට අපේ රටේ කෘෂි කර්මාන්තයේ නිලධාරින් , රටේ ගොවිතැනට අවශය පොහොර වත් හදා ගන්න බැරි තරම් දුර්වල වුයේ මන්ද ? මේ වසර 73 කෘෂිකර්ම ඇමතිලා කීදෙනෙක් රටේ සිටියාද ? රටේ කෘෂි කර්මාන්ත පිලිබදව මනා දැනුමක් ඇති දක්ෂ ගොවිමහතුන් මේ රටේ සිටිනවාද ? ඇයි ඔවුන්ගෙන් ඒ සදහා උපදෙස් නොගන්නේ ? දේශපාලන මෝඩයින් මේසදහා පත් කරන්නේ ? ඔවුන් කරන්නේ වසර 5 තුල ඔවුන්ගේ මඩිය තර කර ගැනීම පමණි …යුරෝපයේ දැන් වැඩියෙන්ම වෙළද පොලේ ඇත්තේ ඉන්දියාවේ ඇසෑම් තේ මෙන්ම තුර්කියේ නිෂ්පාදිත” Ceylon tea ”නමින් ප්‍රමිතියෙන් අඩු, බාල තේකොළ යුරෝපයේ විකිණීම කරයි ඒ ගැන පරීක්ෂණ කරන්න

    • nuwan says:

      ඇත්තම කතාව මහත්තයා එලවලු කොටු හදන හැමෝම කරන වැඩක් තමයි පොඩි ඉඩක වෙනම එලවලු වවන එක ගෙදර කෑමට කියලා. වස දාලා හදන ඒවා විකුනන්ඩ නොදා හදන ඒවා එයාලට කන්ඩ

      • MD says:

        ඇයි ඵහෙම නරකද?අපි අහිංසක ගොවියෝ.ඵ්ක අපේ මානව හිමිකම.

  3. Dharshana Abeykoon says:

    සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක අශෝක සේපාල මහතා විසින් සංවිධානය කර